මෙම ලිපිය විශේෂ වශයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ "පොදු අපේක්‍ෂකයා" නමැති කවන්ධය කර තබා යන ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වයටයි. විවිධ හේතූන් නිසා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා "පොදු අපේක්‍ෂකයා" හෝ "නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා" යෑයි හැඳින්වීමට මම නොකැමැත්තෙමි. ඔහු "පොදු අපේක්‍ෂකයකු" හෝ "නිර්පාක්‍ෂික අපේක්‍ෂකයකු" නොවේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ නොව, ඡන්ද ලබාගත හැකි වෙනත් ප්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායකත්වයෙන් අවසරය ලැබුණේ නම් "පොදු අපේක්‍ෂකයකු" පහළ වන්නේ නැත. එමෙන්ම ආණ්‌ඩුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂාව පරිදි එම පක්‍ෂය හා මැතිවරණ ගිවිසුමකට එළඹ මුලින්ම මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් "පොදු අපේක්‍ෂකයකු" ගේ බිහිවීම සිදු නොවේ. විපක්‍ෂයේ තනි පක්‍ෂයකට බලයේ සිටින ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් පරාජය කළ නොහැකිය යන නිගමනය ඇති වන්නේ යුද ජයග්‍රහණය හා පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල නිසාය. "රාජපක්‍ෂවරුන්" ගෙදර යෑවිය යුතුය යන විපක්‍ෂයේ සටන් පාඨය ක්‍රියාවට නැංවීමට නම් එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු හෝ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට ඔවුනොවුන්ගේ ඡන්ද ලබාගත නොහැකි වේ යෑයි මේ පක්‍ෂ දෙකම දැන සිටියාය.
"පොදු අපේක්‍ෂකයා" පහළ වීමේ දේශීය සාධකය එක් එක් පක්‍ෂවල න්‍යාය පත්‍ර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තවදුරටත් රැඳී සිටීම් හා වරප්‍රසාද භුක්‌ති විඳීමේ දේශපාලනික අතිජීවනය නිසා තීරණය වුවක් මිස රට හා ජනතාව ගැන සිතා නිශ්චය වූවක් නොවේ. එහි ජාත්‍යන්තර සාධකය තීරණය වූයේ මීට පෙර යුද්ධය පැවැති කාලයේ සිට ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය වූ රට පාලනයේ වෙනසක් (හෙවත් "රෙජීම් ෙච්න්ඡ්" එකක්) ඇති කිරීමේ අරමුණු ඉටුකර ගැනීමේ උපායාසයයි. මෙයද පාඨකයා දන්නා කරුණක් හෙයින් විස්‌තර කිරීම සඳහා උදාහරණ සැපයීම අවශ්‍ය නොවේ. විශ්‍රාමලත් ජෙනරාල්වරයාගේ ජයෝන්මාදය, චිත්ත චෛතසිකයන්, ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ඇති වූ ප්‍රතිවිරෝධයන් සතුරු ප්‍රතිවිරෝධක බවට පත්වීම හා මිලිටරි නායකයකු වීම නිසාම මතු වු බලකාමය හා යසකාමය ඔහු දේශපාලනය කරා තල්ලු කළේය.
"පොදු අපේක්‍ෂකයකු" ට සහාය දැක්‌වීම තුළින් ඇති වී ඇත්තේ අසමානයන් පිරිසකගේ සම්මිශ්‍රණයක් හා සහවාසයකි. ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වය දැනගත යුතු වන්නේ "පොදු අපේක්‍ෂකයා" නිර්පාක්‍ෂිකයකු හෝ "පොදු අපේක්‍ෂකයකු" නොවන බවය. ඔහු කරළියට ආ පළමු වටයේදීම එක්‌සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ යෑයි කීවේය. ඔහු එක්‌සත් ජාතික පක්‍ෂ සමුළුවට සහභාගි වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ පළඳනාව පැළඳගෙනය. ඔහු ඉදිරිපත් වී ඇත්තේ ද එක්‌සත් ජාතික පක්‍ෂයේ අතුරු පක්‍ෂයක සලකුණ වන හංසයා ලකුණිනි. විපක්‍ෂ නායකයා අලුත් ආණ්‌ඩුවේ විධායක අගමැතිවරයා වීමට බලා සිටී. හංසයා දිනවා එක්‌සත් ජාතික පක්‍ෂය දිනවන මෙන් එක්‌සත් ජාතික පක්‍ෂ කථිකයෝ ඉල්ලා සිටිති. මෙම සන්ධානයේ වැඩි බලයක් ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයටයි. එහෙයින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත්, ජයග්‍රහණය කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ සංරක්‍ෂකයා හෙවත් ප්‍රතිපුරුෂයාය. පෙරකලාසිකරුය. ඡන්දදායකයා හංසයා එක" හෝ "හංසයා දෙක" හෝ කියා එක්‌සත් ජාතික පක්‍ෂයේ හංසයකුට හා ජනතා විමුක්ති පෙරමුණේ හංසයකුට ඡන්දය දෙන්නේ නැත. අනෙකුත් පක්‍ෂවල ඡන්ද ලකුණු නැති වී ගොස් ජනතා විමුක්ති පෙරමුණේ සීනුව දිනන බවට කළ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය විහිළු කතාවක් පමණි. "පොදු අපේක්‍ෂකයාගේ" ආගමනය නිසා වැටී සිටි එක්‌සත් ජාතික පක්‍ෂයට කිසියම් ආකාරයක උත්තේජනයක් ලැබී තිබේ. "පොදු අපේක්‍ෂකයා" ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණට වාසියකට වඩා අවාසියක් ගෙන එනු නිසැකය.
එක්‌සත් ජාතික පක්ෂය හා මේ සන්ධානයේ අනෙකුත් සාමාජිකයන් ගැන ජනතා විමුක්ති පෙරමුණට වූ විවේචනය අප යළි සිහිපත් කළ යුතු නැත. 1988-89 කාලයේදී ගොදුර දඩයක්‌කාරයාත්, දඩයක්‌කාරයා ගොදුරත් බවට පත්වී එකිනෙකා හඹා ගිය අයුරු යළි මතක් කොට දිය යුතු නැත. රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුව පෙරළා දැමීමට මුල් වූයේද ජනතා විමුක්‌ති පෙරමුණයි. රනිල් වික්‍රමසිංහ කොටින් හා ඇති කරගත් ඊනියා සටන් විරාම ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉටු කළේ සක්‍රීය වැඩ කොටසකි. සුනාමි සහන මණ්‌ඩලය හා උතුර හා නැගෙනහිර දෙපළාත් වෙන් කිරීම පිළිබඳව ගත් අධිකරණ ක්‍රියාමාර්ග ද මෙහිදී කැපී පෙනේ.
මේ සන්ධානයේ අනෙකුත් සාමාජිකයන්ට, විශ්‍රාමලත් ජෙනරාල්වරයා, "සන්ඩේ ලීඩර්" පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සතුටට හේතුවක් වී ඇති බවට කිසිදු සැකයක් නැත. එහෙත් ඉන් මහත් අසීරුතාවකට හා අර්බුදයකට පත්වූයේ ජනතා විමුක්‌ති පෙරමුණයි. අමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින මෙරට ප්‍රධානීන් අමෙරිකාවේ පුරවැසිභාවය අත්හළ යුතු යෑයි කෑ ගැසූ ජනතා විමුක්ති පෙරමුණට අමෙරිකානු "ග්‍රීන් කාර්ඩ් ධාරියකු" කර තබාගෙන යැමට සිදුවී ඇත්තේ ඉතිහාසයේ සරදමක් විලසිනි. ජෙනරාල්වරයාගේ ප්‍රකාශය පාවාදීමක් යෑයි කීමට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයාට සිදුවී තිබේ. එම පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයා, "සන්ඩේ ලීඩර්" කතුවරිය හඬා වැළපුණු බව කියා ඇය වෙනුවෙන් දුක් ගනියි. මෙම ප්‍රකාශය හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පිලිප් ඇල්ස්‌ටන් ලංකා ආණ්‌ඩුවට එවන ලද ලිපිය හා සම්බන්ධයක් නැතැයි ද එය ආණ්‌ඩුව හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා එක්‌වී කරන ලද කුමන්ත්‍රණයක් යෑයි ද කීමට තරම් ජනතා විමුක්ති පෙරමුණේ විදේශ කටයුතු භාර මන්ත්‍රීවරයා දීන තත්ත්වයට ඇද වැටී තිබේ.
"නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා" බලයට පත්වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට, දූෂණය හා නාස්‌තිය නැති කිරීමට හා යහපාලනය ඇති කිරීමට යෑයි ප්‍රකාශිතය. මේවා පසුගිය කාලයේදී මෙරට එන්. ජී. ඕ. ලොබිය විසින් ඉදිරිපත් කරන ලද පූර්ව කොන්දේසිය. එය එසේ කරන බවට දෙන පොරොන්දුවක් පමණි. ඒ ගිවිසගත් දෙයක්, සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් මත ඇති කරගත් පොරොන්දු නොවේ. දිනෙන් දින ඔහුගේ පොරොන්දු වට්‌ටෝරුව වැඩි වෙයි. මැතිවරණ පළාත අනුව අලුත් පොරොන්දු එකතු වෙයි. මේවා ඉෂ්ඨ කිරීමට නම් ඔහුට අවුරුදු දොළහක් පවා ප්‍රමාණවත් නොවේ. මහත් උත්ප්‍රාසය වන්නේ ඔහු "සූරාකෑම" ද අහෝසි කිරීමට යැමයි. එය ජනතා විමුක්ති පෙරමුණ දන්නා සමාජවාදයෙන් විය යුතුය. ඔහු පවසා ඇත්තේ තමාට ගොපල්ලව වැනි නාමමාත්‍රික ජනාධිපතිවරයකු වීමට අනවශ්‍ය බවයි. ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේ නම් ඔහුට ඔහු දෙන ආර්ථික පොරොන්දු පවා ඉටු කළ නොහැකිය. තමාට ආරක්‍ෂක කටයුතුවලදී හා අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතුවලදී වැඩි බලයක් හා වගකීමක් අවශ්‍ය බව ද තමා ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයකු විය යුතු බව ද ඔහු කියා තිබේ.
යම් හෙයකින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත් ඔහු කිසිදා සිය බලය අත්හැර දමන නායකයෙක් නොවන්නේය. ඒ ඇයිදැයි පසුව සාකච්ඡා කරමු. තම විශ්වසනීයත්වය පෙන්වීමට ඔහු තමා පොරොන්දු දෙකක් ඉටු කළ බව කියයි. ඒවා නම්, යුද්ධය වෙනත් හමුදා නායකයකුට ඉතිරි නොකිරීම හා ප්‍රභාකරන්ට මෙම වසරේදී "මහා වීර" දිනය සැමරීමට ඉඩ නොදෙන බවයි. මේ නම් පොරොන්දු ඉටුකිරීමක් නොවේ. ඒවා දේශපාලන පොරොන්දු ඉටුකිරීම හා සම කළ නොහැකිය. යුද්ධයට මීට පෙර ද කාලසටහන් පැවතිණ. එහෙත් යුද්ධය අවසන් වූයේ නිසි දේශපාලන නායකත්වය, හමුදා හා ආයුධ ශක්‌තිය ලබාදීම, ජාත්‍යන්තර බලපෑම්වලට යට නොවීම හා කොටින් විසින් කරන ලද බරපතල මූලෝපායික වැරදි නිසා මිස, හමුදාපතිවරයාගේ පුද්ගලික කැමැත්ත හෝ වරණය අනුව නොවේ. විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම හා ඒවා අතර සම්බන්ධයක් නැත. කොටි පරාජය කිරීම සඳහා ව්‍යවස්‌ථාවෙන් පනවන ලද සීමාකම් හෝ විධිවිධාන නොවීය. යුද්ධයෙන් පසුව ජනාධිපතිවරයා විදේශ පුවත්පතකට ප්‍රකාශ කළේ තමා ප්‍රභාකරන් වූයේ නම් පසුබැස ගරිල්ලා යුද්ධයක් ආරම්භ කරන බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළද, එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට තම පෙරකලෑසිකරු යෑයි කියා ඔහු ඉවත් කළ නොහැකිය. තමන් හා දැන් එක්‌වී සිටින්නන් රට පාලනය කරද්දී දූෂණයෙන් හා වංචාවෙන් තොර යහපාලනයක්, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතියේ ද යන්න "පොදු අපේක්‍ෂකයා" සිතා නැත.
ඇතිවී ඇත්තේ ද, ඇතිවෙමින් පවතින්නේ ද අවුල් ජාලයකි. යම්කිසි ලෙසකින් විශ්‍රාමලත් ජෙනරාල්වරයා ජයග්‍රහණය කළහොත් ඇතිවන්නේ අරාජික තත්ත්වයකි. මේ අරාජික තත්ත්වය ඇතිවන්නේ පළමු කොටම ආරක්‍ෂක අංශ තුළටම ජනාධිපතිවරයාම සේනාධිනායකයා වශයෙන් මර්දනය ගෙන ඒමෙනි. එය හමුදාව තුළ කැරලි ඇති කරනු ඇත.
කෙනෙකු විධායක ජනාධිපති වීමට සැරසෙද්දී තවකෙක් විධායක අගමැති කෙනකු ගැනද, ත වකෙක් භාරකාර ආණ්‌ඩුවක් ගැන ද තවත් සරත් කෙනකු ගැන ද කියයි. මිලිටරි ජුන්ටාවක් යටතේ අමාත්‍ය මණ්‌ඩලය සීමා කළ හැකි වුවද පවත්නා ලෙසින් ආණ්‌ඩුවක් ගෙන යැමට නම් විශාල ඇමැති මණ්‌ඩලයක් පවත්වාගෙන යැමට සිදුවේ. එහෙයින් පවත්නා ක්‍රමයම ගෙනයැමට නම් දේශපාලන කෝඩුකාරයෙක් අවශ්‍ය නොවේ. "පොදු අපේක්‍ෂකයාගේ පරාජය හමුවේ ජනාධිපතිවරණය අයථා, දූෂිත එකකැයි පවසා ඉරානයේ ජනාධිපතිවරණයේදී මෙන් මෙරට පෙළපාලි, උද්ඝෝෂණ හා කැරළි කෝලාහල ඇති කිරීමට ඉඩ තිබේ. බණ්‌ඩාරගමදී හා කිරිබත්ගොඩදී ඇති වූයේ එහි පෙරහුරුවක් විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයා විදේශීය මැතිවරණ නිරීක්‍ෂකයන් අනවශ්‍ය යෑයි කීවද, ඔවුන්ගේ සීමාකම් ගැන කීමද මෙහිදී නොසලකා සිsටිය නොහැකිය. මැතිවරණ කොමසාරිස්‌වරයා නාමයෝජනා බාරගන්නා විට මැතිවරණ නිරීක්‍ෂකයන් ගැන කියද්දී ජනතා විමුක්‌ති පෙරමුණු නියෝජිතයා නිහඬව සිටියේය.
අනෙක් අතට රටේ කාර්මික සාමය බිඳ දමමින් ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ෙත්‍රෙපාර්ශ්වීය කම්කරු සබඳතා නොසලකා හරිමින් විශ්වවිද්‍යාල ද අරාජික තත්ත්වයට පත්කරන සිය අනුග්‍රාහක සාන්තුවරයා සමඟ "පොදු අපේක්‍ෂකයා" ට සාමකාමීව ගනුදෙනු කළ නොහැකිය.
විශ්‍රාමලත් ජෙනරාල්වරයාගේ දේශපාලන ආගමනය ආණ්‌ඩුව මිලිටරිකරණය වීමේ පළමු පියවර වෙයි. යුද්ධය පැවැති සමයේදී රට මිලිටරිකරණය වී ඇතැයි ද නිර්යුදකරණයක් ඇතිවිය යුතු යෑයි ද හඬ නැඟූ සාම වෙළෙඳුන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකම වේදිකාවට නැගීමෙන් පෙන්වන්නේ බලකාමය හා වෛරී දේශපාලනය කුමන ආකාරයේ එක් යහනාවක එකට සැතපෙන්නන් තනන්නේ ද යන්නයි. යුද සමයේදී රටින් පලාගිය සාම වෙළෙඳුන් ද වූ එන්. ජී. ඕ. සිටුවරයන් අද ජනතා විමුක්ති පෙරමුණට "සමාජ සාධාරණත්වය" වෙනුවෙන් පෙනී සිටිය හැකි යෑයි කියන තරමට රූපාන්තකරණයට පත්වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ කී පරිදි සතුරා අතරට පලාගියවුන් ද මේ වේදිකාවට පැමිණ ඇත. මේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළ යුතුය.
ජෙනරාල්වරයා සිය පෝස්‌ටරය සඳහා මිලිටරි ඇඳුම යෙදීමට මහත් කැමැත්තක් දක්‌වන බව පෙනේ. එය කාකි නිල ඇඳුම, පිත්තල බොත්තම් හා පදක්‌කම්වලට යටින් එබඳුම චෛතසිකයක් ඇති බව පෙන්වා දෙයි. ඔහුගේ මැතිවරණ සටන "මෙහෙයුමක්" යයි නම් කොට තිබේ. ඔහු අලෙවි කරනු ලබන්නේ ද මිලිටරි නායකයකු ලෙසිනි. පුවත්පත් සාකච්ඡාවලදී ඔහු නිතර නැපෝලියන් උපුටා දක්‌වයි. ඒ බොනපාට්‌වාදී පාලනයක පෙරනිමිතිය. යුද්ධයේ අවසානයෙන් පසුව ජෙනරාල්වරයා උතුරේ හමුදා ගම්මාන පිහිටුවීමට ද වඩ වඩාත් භටයන් බඳවා ගැනීමට ද යෝජනා කොට සිටියේය. අවශ්‍ය විණි නම් බලය ඇල්ලීමට කොළඹට සේනාංකයක් එවිය හැකිව තිබිණි යෑයි ඔහු කීවේ කිසිදු හිරිකිතයක් නොමැතිවය. අද අවතැන්වූවන් ගැන කතා කළද, අවතැන්වූවන් යළි පදිංචි කරවීමේ කඩිනමක් එදා ඔහුට නොවීය. ආරක්‍ෂක ලේකම්වරයා යුද අධිකරණයක් ඉදිරියට කැඳවිණි නම් තමා ඔහු ගලවා ගැනීමට කිසිවක් නොකරන බව ඔහු කියා සිටියේය. තමාට කුණු සුද්ද කිරීමට ඇති බවත් ඒ සඳහා කාලයක් ගතවන බවත් එවිට තමාගේ අත ද අපිරිසිදු වන බවත් ඔහු පුන පුනා කියයි. එහිදී කුණු පමණක් නොව ලේ ද තවරා ගැනීමට ඔහුට සිදුවිය හැකිය. දූෂිතයන්ට දඬුවම් ලබාදීමක් ගැන නිතර අසන්නට ලැබේ. ඒ කුමන විදියේ දඬුවම් ද අධිකරණ ක්‍රියාමාර්ග ඔස්‌සේ ලබාදෙන දඬුවම් ද යන්න පැහැදිලි නැත. පුවත්පත් වාර්තාකරුවකු කී දෙයක් අසා "සන්ඩේ ලීඩර්" ප්‍රකාශය කරන තරමට ඔහු වගකීම් රහිතව ඉක්‌මන් වූයේ නම් ඔහු විධායක ජනාධිපති බලතල කෙසේ භාවිත කරනු ඇද්දැයි පැහැදිලිය. ජනාධිපතිවරයා වුවහොත් ජනාධිපතිවරයා වීමේ අනුහසින් සේනාධිනායකයා ද වූ පසුව ඔහු තමා හා නොපෑහුණු හමුදා නිලධාරීන්ට කෙසේ සලකනු ඇද්ද යන්න සිතාගත හැකිය.
මේ කරුණු අනුව පෙනී යන්නේ, එසේ නම් දකුණ යළි ගිනි ගන්නා බවයි. පවත්නා ව්‍යවස්‌ථාව අනුව විධායක ජනාධිපති ධුරය, සිල්ලර බඩු කඩයක බඩු කිරන්නකුගේ තනතුර සේ අහෝසි කළ නොහැක්‌කක් බව මේ අපේක්‍ෂකයාම දනියි. මේ ව්‍යාකූලත්වය අතරින් තමනට බලයට පත්වීමට හැකි යෑයි ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ නම් එය බලවත් සිහිමුලාවක් වන්නේය. දැන් "පොදු අපේක්‍ෂකයා" කටු ගොඩ ගැසීමක් ගැන කීම භීෂණයේ ප්‍රකාශනයකි. මේ භීෂණයට ජනතා විමුක්ති පෙරමුණ ද එක්‌වනු ඇත.
යම් හෙයකින් "පොදු අපේක්‍ෂකයා" ජයග්‍රහණය කළහොත් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේය යන්න මායාවක් වේ. අපගේ මෙම ප්‍රකාශයට පදනම් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී අනුගමනය කළ යුතු ව්‍යවස්‌ථාමය ක්‍රියාමාර්ගයම නොවේ. "පොදු අපේක්‍ෂකයා" තමාට ලබා දුන් ආරක්‍ෂක මාණ්‌ඩලික තනතුරේ බලතල නැතැයි කීවේය. තමා විශ්‍රාම යන විට ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් නොකළේ යෑයි අනියමින් කීවේය. (තමාට උසස්‌වීමක් නුදුන් බව) තමාගේ බලතල වැඩි කොට ත්‍රිවිධ හමුදාවටම අණදීමේ බලය ඉල්ලා සිටියේය. තමාට විශ්වවිද්‍යාලයකින් සම්මාන උපාධියක් ලබා ගැනීමට ඉඩ නුදුන් බව කීවේය. තමාට ලැබෙන ආරක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි කියමින් අධිකරණයේ පිහිට පැතීය. තමා ගමන් කරන විට මාර්ග වසා තැබිය යුතු යෑයි ඉල්ලා සිටියේය. යුද්ධයේදී 95% කට වඩා වැඩි කොටසක් ඉටු කළේ පාබල හමුදාව යෑයි කියා සිටියේය. මේ අනුව ඔහුට තනතුරු හා බලය අවශ්‍ය බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. ඔහු පොරොන්දු වන දේ කිරීමට ද බලය අවශ්‍යය. එහෙයින් ඔහු ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති තනතුර අත්හරින්නෙක් හෝ එම තනතුර අහෝසි කරන්නෙක් හෝ නොවන්නේය.
ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නැටවිය හැකි රූකඩයක් ද නොවේ. එහි සිය ඉල්ලා අස්‌වීමේ ලිපියට තමනට අවශ්‍ය දේ එක් කොට, ලියා දුන් සමහර කරුණු ඉන් ඉවත් කළේය. පුවත්පත් කලාවේදීන්ට දෙන ලද සාදයේදී ඔහු පැවැත් වූයේ තමාට පිළියෙළ කොට දුන් කතාව නොවේ. ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් වූ කරුණු ඔහු බැහැර කළේය. විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළද එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඔහු ඉවත් කළ නොහැකිය. පොරොන්දු කඩ කළේ යෑයි උසාවි යා නොහැකිය.
කොටි පරාජය කිරීමට අවශ්‍ය වුයේ අනුකම්පා විරහිත, දයා විරහිත හමුදා නායකයෙකි. ජනාධිපති තනතුරට අවශ්‍ය වන්නේ සාකච්ඡාව, සන්නිවේදනය, සහමතිය හා සම්මුතිය ගැන දන්නා, මානව සම්බන්ධතාවන්ගෙන් නිපුණ සිවිල් අත්දැකීම් සහිත නායකයෙකි.
ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලනය
ඇරැඹියේ දේශප්‍රේමය පෙරටු කොටගෙනය. ඒ දේශප්‍රේමය නිසාම ඔවුහු පාර්ලිමේන්තු දේශපාලනයට එළැඹීමෙන් පසුව යම්කිසි වැඩකොටසක් ඉටු කළහ. ඔවුන් 1971 දීත්, 1988 - 89 දීත්, වර්තමානයේදීත් මාක්‌ස් - ලෙනින්වාදීන් යෑයි මම නොසලකමි. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කරුණක් වන නමුදු ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකලාපය මාක්‌ස් - ලෙනින්වාදීන්ගේ එක්‌සත් පෙරමුණ න්‍යායටද සභාග ආණ්‌ඩු න්‍යායටද පටහැනිය.
"දේශප්‍රේමයේ විශේෂිත අන්තර්ගතය නිශ්චය කරනු ලබන්නේ ඓතිහාසික තත්ත්වයන් මගින්ය" යි මාඕ සේතුං කීවේය. හිට්‌ලර්ට ද දේශප්‍රේමයක් වීය. ජපන් ආක්‍රමණිකයන්ටද දේශප්‍රේමයක් වීය. ඇමෙරිකා එක්‌සත් ජනපදයටද දේශප්‍රේමයක් ඇත. විදේශීය අත පෙවීම් නානා වෙස් ගෙන පැමිණෙයි. දේශප්‍රේමීන්ට එය හඳුනා ගැනීමට ඉවක් තිබිය යුතුය. අද සිදුවන්නේ කොටි යුදමය වශයෙන් පරාජය වුවද දේශපාලනිකව යළි ඉස්‌මතු වීමකි. ජනරාල්වරයාගේ දේශපාලන ආගමනය හා ඔහු වැඩම කරවන පෙරහැර දෙමළ ඩයස්‌පෝරාවේ කොටින්ට හඬ නැඟීමට යළිත් අවස්‌ථාව පාදා තිබේ.
ජනරාල්වරයා ජයග්‍රහණය කළහොත් තමනට බලයට පත්වීමට හැකි වෙතැයි ජනතා විමුක්ති පෙරමුණ සිය පහළ සාමාජිකත්වය තුළ විශ්වාසයක් ඇති කර ඇත්නම් එය තදබල සිහිමුළාවකි. ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් හා කථිකයන් මේ අදහසම ඉදිරිපත් කොට එය "කොමියුනිස්‌ට් උපක්‍රමයක්" යෑයි කීම වරදකි. ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වයද, කලකිරුණු වාමාංශික යන්ද, එය විශ්වාස කළ හැකි බැවින් එබඳු ප්‍රකාශ කිරීම ජනරාල්වරයාට වාසිදායක ඒවා වේ. තමා කොමියුනිස්‌ට් ඉතිහාසය ගැන දන්නේ යෑයි පෙන්වීමට වඩා එය හානිකරය. එය සාමාන්‍ය ඡන්දදායකයාටද, ජනතා විමුක්ති පෙරමුණට ආකර්ෂණය වූවන්ටද බලපාන්නකි. එක් ඇමැතිවරයෙක් කියා සිටියේ රුසියාවේ කොමියුනිස්‌ට්‌වාදීන් කෙරෙන්ස්‌කිගේ තාවකාලික ආණ්‌ඩුව පෙරළා දමා බලය අල්ලා ගත් බවයි. එහෙත් සැබෑ තත්ත්වය වන්නේ ඔක්‌තෝබර් විප්ලවයට පෙර, කෙරෙන්ස්‌කිගේ තාවකාලික ආණ්‌ඩුව පිහිටුවන විට බොල්ෂෙවික්‌වරුන් ඉතා ශක්‌තිමත් තත්ත්වයක සිටි බවයි. එහෙත් අද සිදුවී ඇත්තේ 1927 දී චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ සිදුවූ දක්‍ෂිණාංශික යටපත්වීම්වාදය, අතරමග සමාදානය හා පාවාදී යටත්වීම එවැන්නකි.
චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ වූ චෙන් ටූ - ශීයු, මෙසේ කොමියුනිස්‌ට් පක්‍ෂයේ හමුදා කුවෝමිංතාං දක්‍ෂිණාංශයට බාර කළේය. චියෑං කායි - ෂෙක් කුමන්ත්‍රණයක් කොට 1927 අප්‍රේල් මාසයේදී කොමියුනිස්‌ට් පක්‍ෂ සාමාජිකයන් ඝාතනය කිරීම ඇරඹියේය. මෙයින් 1924 - 1927 විප්ලවය පරාජයට පත්විය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හා මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් හා එක්‌වීමෙන් තමන්ගේ ආණ්‌ඩුවක් පිහිටුවිය හැකි යෑයි ජනතා විමුක්ති පෙරමුණ සිතන්නට ඇත. එලෙසින්ම දේශපාලනයට කෝඩුකාරයකු වන "පොදු අපේක්‍ෂකයා" ඔස්‌සේ තමනට ආණ්‌ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවෙතැයි එම පාක්‍ෂිකයන් සිතන්නේ නම් එය දහවල සඳු හා තාරකා දක්‌නා වැනි දෙයකි. පක්‍ෂ ලේකම්වරයා හෝමාගමදී සීනුව දිනවන මෙන් කීවේ නම් අර්ථයෙන් විය යුතුය. පන්ති අරගලය කෙසේ වෙතත් අද ජනතා විමුක්ති පෙරමුණේ දක්‍ෂිණාංශික අවස්‌ථාවාදීන්ට, කොම්ප්‍රදෝරු ධනපති පන්තිය සිය ගජමිතුරන් කොට ගෙන උන්හා සාද පැවැත්වීමට, මහ හෝටල්වල සැරිසැරීමටද, දැන් හැකි වී තිබේ. පනස් හයේ දරුවන්ගේ දරුවන් පනස් හයට ෙද්‍ර`හි වී ඇති සැටි බලන්නෘ පැන් මුසු මිදි කසට බිව් කොටළුවන් කලහ කළ බැව් අපි දනිමු.
එදා ජනමත විචාරණයේදි බුද්ධිමතුන් ඇතුළු ඡන්දදායකයන්ගෙන් බහුතරය සිය ඡන්දය පාවිච්චි නොකොට සිටීමෙන් ස්‌වයං අපරාධයක් කර ගත්හ. දෙමළ ජනතාව සිය ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ප්‍රතික්‍ෂේප කරමින් කොටි සංවිධානය වෙතට ආකර්ෂණය වෙමින් ස්‌වයං ඝාතනයක් කර ගත්හ. මෙම තත්ත්වය යළිත් වරක් දකුණේදී ඇති විය යුතු නොවේ. නොදන්නා සුරදූතයාට වඩා දන්නා යක්‍ෂයා හොඳය. පැසිස්‌ට්‌වාදයට එරෙහි වූ මාර්ටින් නිමොලර් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය අප යළිත් ලංකාවටද ගැලපිය යුතු නැත. නිවැරැදි තීරණය නිමෝලර්ගේ ප්‍රකාශයේ ඉන්නා සියලුදෙනාම ගලවා ගනු ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එකගෙයි කෑමට
පැරැණි වම හෝ අද ජනතා විමුක්ති පෙරමුණ මෙන් ඉදිරිපත් වූයේ නැත. අද අප බුක්‌ති විඳින බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වරදාන ජනතාවට ලැබුණේ පැරැණි වමේ අරගල නිසාය. 1964 දී එකල ඉමහත් ප්‍රගතිශීලී කාර්යභාරයක්a ඉටු කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්‌ව සමසමාජ පක්‍ෂය සභාග ආණඩුවක් පිහිටුවීම නිසා සමසමාජය කැඩී බිඳී ගියේය. සංස්‌කෘතික විප්ලව සමයේදී මාඕ සිය ලොකු අකුරු පෝස්‌ටරය ලීවේ, "මූලස්‌ථානයට බෝම්බ හෙළනු" කියාය. මාඕ එසේ කීවේ අද ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වයට ද වේ. එහි අදහස සතුරන් පක්‍ෂ මූලස්‌ථානය අල්ලාගෙන සිටින බවයි. අද රනිල් වික්‍රමසිංහ හා මනෝ ගනේෂන් සමඟ අත්වැල් අල්ලාගෙන කවන්ධයක් කර මත තබාගෙන යන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය නැහැවෙන ඕජස් පිරිසිදු කිරීමට එහි සාමාජිකත්වය ඉදිරිපත් නොවනු ඒකාන්තය. සිය දේශපාලනය ආනාගතය හා සුජාතභාවය ගැන සලකා බලා ජනතා විමුක්ති පෙරමුණ දැන් කළ යුත්තේ "පොදු අපේක්‍ෂක" කවන්ධයට ගැසූ කර ඉවත් කර ගැනීමය. 1971 හා 1988 - 89 "අති වාමාංශීය" පීලිපැනීම, 2010 දී දක්‍ෂිණාශික පීලිපැනීමෙන් වළක්‌වා ගත හැක්‌තේ එලෙසිනි. මේ දක්‍ෂිණාංශික පීලිපැනීම මගින් ජනරාල්වරයා සමඟ එක්‌වී රට මිලිටරිකරණය කිරීමට යැමේ හා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණය පරදවාලීම ජනතා විමුක්ති පෙරමුණේ පහළ සාමාජිකත්වයට බාරය. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයේ විසි අවුරුදු විෂය චක්‍රය මෙදා අමුතු වෙසක් ගෙන මතුවන බව දැන් පැහැදිලිය. එදා ඉන්දීය ගුවන් හමුදාව යාපනයට පරිප්පු හෙළන වේලේ රටේ ගුවන්පථය ආරක්‍ෂා නොකිරීම නිසා කටුනායක ගුවන් හමුදා මූලස්‌ථානයට පහර දුන් ජනතා විමුක්ති පෙරමුණ අද "පොදු අපේක්‍ෂකයා" දෙමළ ජාතික සන්ධානය සමගින් කුමක් ගිවිස ගත්තේද" යන්නද සලකා බැලිය යුතුය. නයිජිරියානු ප්‍රස්‌ථාව පිරුළකට අනුව කටුස්‌සා, තමාගේම අතින් සිය මවගේ අවමංගල්‍ය උත්සවය කඩාකප්පල් කොට තිබේ.
සේන තෝරදෙණිය
Monday, 4 January 2010
Saturday, 2 January 2010
Pictures speak themselves
All the animals are on the same stage. Now identifying these traitors and the enemies of the nation is as easy as extracting oil from the water not like milk from the water. Mr. Somawanse and the UNJVP gang are sleeping with dogs and they are going to get up with bugs. General SF has become the worst traitor we have seen in the recent history as he is the unifying figure of all the other traitors. I am sure that they will be thrown into the dustbin by the people on the 26th January.
General Sarath Fonseka where is your ‘Swan’ (Hansaya)? Has already died? or gone to swim in the north sea?
Friday, 1 January 2010
Jackson Anthony in ITN 7 වෙනි පැය
There are 6 parts (Jackson Anthony in ITN 7 වෙනි පැය) in this interview which you can watch in the http://www.youtube.com/watch?v=aqvEycpgf8Q&feature=related
Thursday, 31 December 2009
Wednesday, 30 December 2009
බේසමේ වතුර සමග දරුවත් වීසි කරමුද ?
විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් "සන්ඩේ ලීඩර්" පුවත් පතට කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය තවමත් ඇවිලෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි. තමන් විසින් කරන ලද ප්රකාශය වැරදි ආකාරයට සන්ඩේ ලීඩර් පුවත් පත පළ කර තිබුණු බව ජෙනරාල්වරයා ප්රකාශ කර තිබෙන වාතාවරණය යටතේ වුවද ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට වුවමනා විය. එයට සාධාරණ පසුබිමක්ද ඇත.
ශ්රී ලංකාවේ තිස් වසරක ත්රස්තවාදය පරාජය කිරීමේ භූමිකාවේ සේනාධිනායකයා හා ඔහු යටතේ සිටි හමුදා ප්රධානියා අද ද්වන්ද සටනකට එළඹ සිටිති. ඒ සටනේ යුදමය මෙහෙයුම් කළ බවට සාඩම්බර ප්රකාශ කරන ජෙනරාල් ෆොන්සේකාගේ මුවින් යුද්ධය පිළිබඳ කෙරෙන ඕනෑම ප්රකාශයක් එහි සත්යය කුමක්ද යන්න නොවිමසාම භාර ගැනීමට වැඩි දෙනෙක් සූදානම්ව සිටිති. එහි අසාධාරණයක්ද නැත.
ශ්රී ලංකාවට යුද අපරාධ චෝදනාව ඉදිරිපත් කිරීමට බටහිර රටවල් දැක්වූ උනන්දුව ජෙනරාල් ෆොන්සේකාද නොදැන සිටීමට හේතුවක් නැත. ජනාධිපතිවරයාට බටහිරෙන් එල්ලවූ ගර්ජනය කෙතරම්දැයි ප්රකාශ කිරීමට අද ජෙනරාල්ගේ දිව නොනැමුනත් ඔහුට ඔහුගේ හෘදය සාක්ෂියෙන් ඒ බව අසා දැන ගත හැකිය. ඒ නිසා යුද මෙහෙයුමේ ප්රබල චරිතයක් වූ ජෙනරාල් සිය සෙසු නිලයන්ට මෙන්ම තමන්ට අසීමිත ලෙස සහාය දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද අළලා කරනු ලබන ප්රකාශයකදී පරික්ෂාකාරී විය යුතුව තිබිණි.
වේළුපිල්ලේ ප්රභාකරන් සමග එක්වී තිස් වසරක් මුළුල්ලේ දියත් වූ ජන ඝාතක, ජනපීඩක, ම්ලේච්ඡ ක්රියාවලියෙහි වගඋත්තර කරුවන් වන නඩේසන්, පුලිදේවන් හා රමේෂ් මරා දැමීම ගැන කිසිවෙක් උදහස් නොවීම සාමාන්ය දෙයකි. එය පොදුජන අදහස අනුව නම් ගමක චණ්ඩියකු හෝ පාදඩයකු පොලිසිය විසින් මරා දැමීමකට වඩා වෙනසක් නැති සිද්ධියකි. ප්රභාකරන්ගේ මරණය ඇසූ බොහෝ දෙනෙක් රතිඤaඤ පත්තු කරමින් ප්රීතිඝෝෂා කළ බවද ඇත්තය.
ප්රභාකරන් වෙනුවෙන් යුක්තිය ඉල්ලනා ඔහුට පක්ෂ වූ පිරිසක් වූහ. මේ අය අතර කිසිම දවසක පන්සලකට නොයන හා කලාතුරකින්වත් පන්සිල්ද නොගන්නා ඇන්ජීඕ කාර සිංහල බෞද්ධයෝද වූහ. ඔවුහු එය බුදුදහමේ එන කරුණාවට හා දයාවට නොගැලපෙන්නක් බවද කීහ. තවත් එන්ජීඕ සට්ටඹියෝ අංගුලිමාල කතාවද මතක් කර දුන්හ. සිංහල බෞද්ධ ජන විඥානය සතුරාට වුවද අනුකම්පා කරන්නක් වුවද මේ මෘගයාට නම් කිසිම තෙත් බවක් පෙන්වීමට මැලි වීමද අපට නම් තේරුම් ගත හැකිය.
මේ කිසිවක් බටහිරයෝ නොසලකති. ප්රභාකරන් හා ඔහුගේ පවුලත් ඒ ත්රස්තවාදී නඩයත් බේරා ගෙන රටින් පිට කර ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂය විය. එහෙත් ඔහුගේ අපරාධයට මේ වර්ගයේ දඬුවමක් ලැබීම බටහිරයන්ගේ කනස්සල්ලට හේතු විය. බටහිරයන්ට අල්කයිඩා නායකයා ඝාතකයකු වුවද ප්රභාකරන් විමුක්ති නායකයකු වීම එයට හේතුවයි. අනිත් අතට ජනාධිපති මහින්දගේ දැඩි අධිෂ්ඨානයත් ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ විශිෂ්ට යුද කළමනාකාරණයත් අභිබවා යැමට බටහිරයන්ට ශක්තියක් තිබුණේද නැත. එනිසා ඔවුන් පශ්චාත් යුද සමය දෙස විමසිල්ලෙන් බලා සිටියේ කොතනකින් හෝ පොටක් පාදා ගැනීමටය. එහෙත් ඔවුන්ට සිදු වූයේ වන්නියට ගොස් ජනාධිපතිගේ කපන්නට බැරි අත සිඹ ආපසු යැමටය.
ජෙනරාල්ගේ කාල බෝම්බය පත්තු වන්නේ මේ සියල්ලට පසුවය. එක්සත් ජාතීන්ට සිය ඉලක්ක වෙත යැමට දොරටුවක් විවර වන්නේ ඔහුගේ මෙම මුග්ධ ප්රකාශය නිසාය. ජෙනරාල් මෙම අනාවරණය කරන්නේ තමන්ද පාර්ශ්ව කරුවකුව සිටි රටේ ජාතික වගකීම පිළිබඳ දැනසිටි ඉහළම යුද නිලධාරියකු ලෙස බවවත් ඔහුට මතක් වී නැත. එය කිලිනොච්චියට මැදවච්චිය කීම හෝ අලිමංකඩට පාමංකඩ කීම වැනි හෝ තකතීරු දේශපාලන ඇනුම්පදයකට වඩා එම ජාතික මෙහෙයුමේ බුද්ධියට හා හදවතට එල්ල කරන ලද ප්රහාරයක් බව ඔහුට සිහිවී නැත.
ජෙනරාල් අද අත්වැල් බැඳ ගෙන සිටින නඩය මෙම යුද්ධයට පමණන් නොව තමාටද සරදම් කළ නඩයකි. ගැලවීමේ හමුදාවකට තරම් වත් සුදුසුකමක් නැති තමන් මේ රටේ ඉහළම විධායක ධුරයට හෙවත් රාජ්ය නායකයා ලෙස සුදුසු වන්නේ කෙසේදැයි ජෙනරාල් නිකමටවත් ඒ කිසිවකුගෙන් විමසන්නේද නැත. ඒ ඔහුට නිර්මාණය කර දී තිබෙන සිහින ජනාධිපති ඔටුන්න නිසාය.
ප්රභාකරන්ගේ දකුණත බඳු තමිල් සෙල්වම් ඝාතනය වූ අවස්ථාවේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පවා හඬා වැටුණු රවුෆ් හකීම් අද ජෙනරාල් සමගය. හකීම් එදා කියා සිටියේ තමන්ට සහෝදරයකු වියෝ වූවක් වැනි සෝකයක් දැනුනු බවකි. එසේම හකීම් යනු ප්රභාකරන් සමග ගිවිසුමක්ද අත්සන් කළ අයෙකි. මනෝ ගනේෂන් ඊලාම් ධජය ඔසවා ගෙන කැනඩාවේ කොටි සමග පෙලපාලි ගිය අයෙක් බවද ප්රකටය. රනිල්ගේ සටන් විරාම ගිවිසුම හා මංගලගේ කුප්රකට තවලම් හා දුගඳ නෙළුම්ද අද ජෙනරාල්ට අමතකය.
පල්හොරුන්ගේ ඇසුරට වැටුනු පුංචි ගිරාපෝතකයා හොරුන්ගේ සියලු දුර්ගුණ වැළඳ ගත්තාක් මෙන් ජෙනරාල් නමැති දේශපාලන ගිරා පෝතකයාද වල්මත්ව ගිය සෙයකි. මේ වර්ගයේ අවදානම් ප්රකාශවලින් සිය ප්රතිවාදී කඳවුරට දමා ගසන්නට ඔහු පෙළඹවූ කිසිවෙක් සිටිත්දැයි තවම හෙළිවී නැත. එහෙත් ඔහුට කට පාලනය කර ගැනීම නම් දුෂ්කර වී තිබේ. එයින් ඔහු, ඔහුගේ සටන් පෙරමුණ පමණක් නොව රටද අපහසුවට ලක්වන බව ඔහු නොදනී.
ජෙනරාල් විසින් කරන ලද ප්රකාශය ඔහු විසින්ම ආපසු කැඳවා තිබීමෙන් ඔහුටද තමන් කළ දේ පිළිබඳ තරමක හෝ වැටහීමක් ඇතිවී තිබෙන බවද පෙනේ. අගමැති රත්නසිරි වික්රමනායක මහතා මේ පිළිබඳව විශේෂ ප්රකාශයක්ද කළේය. එහි හරය වූයේ දැන් ඔහු මොන දේ කීවත් එහි අනතුර පහවී නොවන බවය. ශ්රී ලංකාවේ හමුදාවට විදේශයකට යැමට හෝ, එතෙර අධ්යාපනයක් ලැබීමට යැමට හෝ මෙයින් උද්ගතවූ තත්ත්වය බාධාවක් වන බව අගමැතිවරයාගෙන් අවධාරණය විය.
ජෙනරාල්ගේ වගකීමෙන් තොර ප්රකාශ ඔහුගේ දේශපාලන අපරිණත බව පෙන්වන ලකුණුය. ඔහු 13 වන ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ඔබ්බට යන විසඳුමක් ගැනද කතා කර තිබිණි. යුද සමයේදී ඔහු කැනඩා පෝස්ට් පුවත් පතට කියා තිබුණේ ශ්රී ලංකාව සිංහලයන්ගේ රටක් බවත් දෙමළ හා මුස්ලිම් ජනයා අනවශ්ය ඉල්ලීම් නොකර ඔවුන් සමග සමගියෙන් ජීවත් වීමට උත්සාහ කළ යුතු බවත්ය. මේ අදහස් දෙක කෙතරම් පරස්පර විරෝධී වන්නේද? 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන ඔහුගේ විසඳුම කුමක්ද? එහි ව්යහය හෝ එහි අනතුර ඔහු දන්නෙහිද?
පුදුමයකට මෙන් ඔහු ඒ පිළිබඳ නිදහසට කරුණු ලෙස කියා තිබුණේ තමා කළ ප්රකාශය විකෘතිවී පලවූ බවය. මේ කුමක්ද? කරන කරන ප්රකාශ වැරැදියට පල වන්නේ නම් ඔහු තේරුම් බේරුම් ඇතිව ලියාගෙන යමක් කීම වඩාත් සුදුසුය. ඔහු තවත් ආකර්ෂණීය දේවල් කියයි. රාජ්ය සේවකයන්ගේ වැටුප රු. 10,000/- කින් වැඩිකිරීමද එවැන්නකි. එහෙත් දූෂණය අඩුකිරීමෙන්ම ඔහුට මේ මුදල් සොයා ගත හැකි යෑයි කීම විහිළුවක් පමණි.
ජෙනරාල් ෆොන්සේකා යුද කලාවෙහි පාරප්රාප්ත වූවෙක් බවට තිබෙන පිළිගැනීම පවා ඔහු විසින් කරනු ලබන මෙබඳු ප්රකාශ නිසා බිඳ වැටේ. සැබැවින්ම ඔහු කර ඇත්තේ ඔහුගේ නිවසට ගිනි තබා එයින් ගිනි ගැනීම වැනි මෝඩ ක්රියාවකි. දේශපාලන නූල් සූත්තර කාරයන්ගේත්, ජාතික සංස්කෘතික අනන්යතාව වලිගයෙන් අල්ලාගත් අනුකාරක බමුණු කුලයේත් රූකඩයක් බවට පත්ව සිටින ජෙනරාල් ලවා නුදුරු අනාගතයේදී බොහෝ දේවල් කතා කරවා ගැනීමට බටහිරයන්ට ඕනෑ විය හැකිය. ඔහුගේ මුවින් ගිලිහී වැටෙන අනතුරුදායක වචන ගැන බටහිරයෝ මොන තරම් අපේක්ෂා සහගතව බලා සිටිත්දැයි කිසිවකුට කිව නොහැක. දෙමළ නිජබිම් මිත්යාව ඔස්සේ ගලා ආ නෝර්වේ හා ස්විස් මුදල් දීමට ප්රභාකරන් අද නැත. එහෙත් ඒ මතවාදය යළි පණගැන්වීමට රූකඩ නායකත්වයක්ද බටහිරට ඕනෑ වී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිසේත් ඒ කටයුත්තට සුදුසු නොවන බව බටහිරයෝ දනිති. අද ජනාධිපති රාජපක්ෂට එරෙහිව ඔහුගේ යුද සෙන්පතියකු ජනාධිපති සටන් බිමට එවා ඇත්තේ කවුද? කෙසේද? යන ප්රශ්න වලටද අපට තවම පිළිතුරු නැත. විධායක ජනාධිපති ක්රමය විසින් උදුරා ගන්නා ලද ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කිරීම නමැති ආකර්ෂණීය සටන් පාඨය පෙරට දමා ගත් ජ. වි. පෙ. ද තමන් එක්ව සිටින පිල ගැන මීට වඩා තක්සේරුවක් කළ යුතුව තිබිණි. මුහුණට අකමැතිව නාසය කපා ගැනීමට ඔවුහු පෙළඹී සිටිත්ද?
අපට ජ. වි. පෙ සහෝදරවරුන්ට මාක්ස්ගේ කියමනක්ම උපුටා දැක්විය හැකිය. එනම් මිනිසා තමාගේ ක්රියාවල ප්රතිඵලය භාරගත යුතුය යන මාක්ස්ගේ අදහසය. ජෙනරාල් ෆොන්සේකා විසින් ඇති කරන ලද ව්යාකූලත්වයට හා ප්රතිවිරෝධී අදහස්වලට ද ජාතියක් වශයෙන් අප කාටත් උත්තර බැඳීමට සිදු වී තිබෙන බවද කිසි ලෙසකින් සැඟවිය නොහැකි සත්යයයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා එක් පසෙකින් ජනාධිපති රාජපක්ෂට එරෙහිව සූදානම් කෙරෙන අතර තවත් පසෙකින් හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාද තවත් කඳවුරක සිට බුද්ධිමය ප්රහාරයක් එල්ල කිරීමද අරඹා තිබේ. ජනාධිපති මහින්දට සරත්ලා සතුරුව සිටිත්ද යන ප්රශ්නයට වඩා බරපතල ප්රශ්න රැසක් එයින් නැගෙයි. 78 රට කරවන ලියවිල්ල යළි කියවමු යන හිසින් කෙරෙන එම විමසීම ජනාධිපති රාජපක්ෂගේ දේශපාලන හැසිරීම් පිළිබඳ ඉතා සියුම් හා බරපතල විවේචනයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ.
හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාගේ නීති විශාරදත්වයට කිසිවකුට අභියෝග කළ නොහැක. මේ රටේ අධිකරණ ක්ෂෙත්රයේ උත්තරීතර හා ගෞරවනීය භුමිකාව හෙබවූ ඔහු විසින් විධායකය අරභයා කරනු ලබන අනාවරණයන් බුද්ධිමය සමාජ අධ්යාත්මයට කෙරෙන ප්රබල ඇමතුමක් වැන්න.
පසුගියදා ඔහු ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද අලුත්ම රුපියල් දාහේ නෝට්ටුව ගැනද විග්රහයක් කළේය. ජනාධිපති රාජපක්ෂගේ රුව මෙන්ම වැරදි අයුරින් යොදා ගන්නා ලද ජාතික කොඩිය ගැනද ඔහු විසින් කරන ලද විවේචනය ප්රබල විය. එසේම ජනාධිපති රාජපක්ෂගේ සංග්රහ මෙන්ම ඇමැති ප්රදාන පිරිනැමීම් පිළිබඳවද ඔහුට විවේචනයක් විය. මේ සියල්ල සිදු වන්නේ රජයේ අධිකරණ ක්ෂෙත්රයේ උපදේශකවරයෙකුගේද ඉදිරිපිට ඔහුගේ විග්රහයන්ද සමගය. විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා නගන සමානත්වය අහිමිවීමේ චෝදනාවට ශක්තිමත් පදනමක් ලබාදීමට තරම් මෙම රට කරවන ලියෑවිල්ල ප්රබලය.
ජනාධිපති රාජපක්ෂට එරෙහිව සරත්ලාගේ කඳවුරු දෙකට අමතරව තවත් කඳවුරක්ද තිබේ. ඒ කඳවුරට නිර්පාක්ෂික විද්වත්හු මෙන්ම මධ්යම පන්තිකයෝ සමහරක්ද අයත් වෙති. එමගින් එල්ලවන්නේ සහෝදර සමාගම හා ඥාති සංග්රහය පිළිබඳ චෝදනාවකි. ජනාධිපතිවරයා සිය බලය යොදා ගනිමින් ජාතික ධනය අයථා ලෙස භාවිත කරන බවත් දේපළ හා වත්කම් රැස් කරන බවත් මේ කඳවුරේ ප්රචාරක ව්යාපෘතිය වී තිබේ. ඇපලෝ රෝහල මිලට ගත් බවට ඉදිරිපත් වූ පදනම් විරහිත බොරුව දැන් හෙළි වී තිබේ.
ජනාධිපතිවරයා පිළිබඳ අපටද විවේචන තිබේ. අඩුපාඩු වැරදි දූෂණ ක්රියා පක්ෂග්රාහී දේවල් යනු දේශපාලනය වී තිබෙන රටක ස්වභාවයද එයයි. එහෙත් ඒවා අනුමත කළ නොහැකිය. ඔහුට සිය දෙවැනි ධුර කාලය තමන් පිළිබඳ වඩාත් සිතා බැලීමට පෙළඹවීම රටට ආදරය කරන අයගේ වගකීමයි. ඔහු නිවැරදි මගට ගත නොහැකි අන්ත දූෂිතයකු නොවන බව තවමත් අපගේ විශ්වාසයයි. ඔහු මේ රටට ආදරය ඇති අවංක ජනතා නායකයෙකි.
වෙල් ඉපනැල්ලේ ඇවිද යා හැකි, ගමක, වන වදුලක චමත්කාරය විඳ ඇති, හීයක, අඩහැරයක මිහිර දත් මේ මහපොළවෙන් මතු වූ රුහුණේ කුරහන් සුවඳ ජාතියට එක් කළ මහින්ද රාජපක්ෂ පොදු ජනතාවගේ මිනිසෙකි. අදට මෙන්ම හෙටටත් ඔහු වුවමනාය. බේසමේ තිබෙන අපිරිසිදු ජලය සමග දරුවාත් වීසි කිරීමට නොහැක්කා සේ මේ අපිරිසිදු චෝදනා සමග මහින්ද වීසි කළ නොහැකි බව තවමත් බොහෝ දෙනෙක් කියති. සත්තකින්ම අපට වුවමනා බටහිර මොඩලයට වාත්තු කළ ඉංගිරිසි අනුකාරයකු නොව අපේම මිනිසකුය. තීන්දු තීරණ ගත යුත්තේ ඒ සියල්ල විනාශ නොවන ආකාරයටය.
මේඝ

ජනතා විමුක්ති පෙරමුණ දකින දූෂිතම රජය
Posted on December 28th, 2009
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ශ්‍රී ලංකාවේ බිහිවූ දූෂිතම රජය, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය උසුලන මේ පවතින රජය බව වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ මේ රට පුරා ප්‍රචාරය කරමින් සිටී. මෙතෙක් කල් අප සිතා සිටියේ අපගේ ජීවිත කාලය තුලදී අප දුටු හොදම රජය අද පවතින රජය ලෙසයි. සමහර විට අපට වැරදිලා විය හැක. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන නිසාම, ඒ පක්ෂයේ ක්‍රියාකාරිත්වය හා සම්පාතව සත්‍යය සොයා අපි යමු.
ජනතා විමුක්ති පෙරමුණේ උපත 1965දී සිදුවිය. අපි එතනින් පටන් ගනිමු.
1965-1970 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
1969 දී රෝහණ විජේවීර මහතා හා එවකට පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු වූ සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.
1970-1977 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
1971 අප්‍රේල් සංහාරය ආරම්භ කර තරුණ තරුණියන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. 30,000 කට ආසන්න
සංඛ්‍යාවක් වද බන්ධන යටතේ සිරගත කරන ලදී.
1977-1994 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. 60,000කට අධික සංඛ්‍යාවක් තරුන තරැණියන් සමූලඝාතනය කර දමන ලදී. ඔවුනගේ සියලූම නායකයින් ඝාතනය කර දමන ලදී.
1994-1999 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.
දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවන් සිදු නොවීය.
1999-2005 දක්වා වූ රජයන් හා ජනතා විමුක්ති පෙරමුණ.
දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවක් සිදු නොවීය.
2004 රජය තුල ආමාත්‍යය ධූරයන්ද දරන ලදී.
2005 සිට මේ දක්වා වූ රජය.
ජනාධිපතිතුමා කීපවරක්ම ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර
ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කලද ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. දේශපාලන කටයුතු කිරීමට විශේෂිත බාධාවක් සිදු කර නැත. මේ අනුව පොදු සාධකය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය යන්න ලෙස සැලකුව හොත් දූෂිතම රජය ලෙස හැදින්වෙන්නේ; ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කල වර්තමාන රජයයි. එම නිසා අප වෙනත් පොදු සාධකයක් ගනිමු. රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශ කර බලමු.
1965-1970 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම
මෙම වකවානුව තුලදී විශේෂිතව, ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.
1970-1977 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම වකවානුවේදී රාජ්‍ය අංශය ශක්තිමත් කරන ලදී.
1977-1994 දක්වා වූ රජය රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත්ක්‍රියා මාර්ගය.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.
1994- 2005 දකවා වූ රජයන් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.
2005 සිට මේ දක්වා වූ රජය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.
මෙම රජය සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කරණවාට එරෙහිවූ රජයකි.
(අ) මෙම රජය ආරම්භයේ සිටම ගරා වැටී තිබුණ ලංකා ගමනා ගමන මණඩලය නගා සිටවන ලදී.
(ආ) දුම්රිය සේවාව පණ ගන්වමින් සිටී.
(ඇ) රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගන්නා ලදී.
(ඈ) ස. තො. ස. යලි පිහිටුවා පණ ගන්වමින් සිටී.
මේ අනුව පොදු සාධකය රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් මහා වටිනා කාර්ය භාරයන් රාශියක් කල මේ රජයටය. මෙයද විය නොහැක්කකි. එබැවින් කොටි සංවිධානය හා සටන් වැදීම පොදු සාධකය ලෙස ගෙන මේ රජය කල දූෂණය සොයා ගන්නට වෙර දරමු.
මේ අනුව,
1965-1970 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම
මෙම වකවානුව තුලදී මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.
1970-1977 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම
මෙම වකවානුවේදී ප්‍රබල කොටි ක්‍රියාකාරකම් සිදු නොවීය.
1977-1994 දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.
මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය විනාශ කල යුතුය යන්නයි. නමුත් ඉන්දියාව ඒ සදහා ඉඩක් නොතබන ලදී.
1994- 2005 දකවා වූ රජයන් හා කොටි සංවිධානය හා සටන් වැදීම.
මෙම රජයන්ගේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි..
2005 සිට මේ දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.
සටන් කර කොටි සංවිධානයේ සන්නද්ධ අංශය මෙරට තුල පරාජය කරන ලදී.
මේ අනුව පොදු සාධකය කොටි සංවිධානය හා සටන් වැදීම. යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් වසර 30 කට අධික කාලයක් මෙරට ජනතාව පෙලූ කාර්ය භාරයන් සාර්ථකව නිම කල මේ රජයටය.
එබැවින් අපි බලන දෘෂ්ඨියෙන් ඔවුන් කියන දේ වටහා ගැනීම ඉතා අපහසුය. අපි අපේ දේශපාලන ඉතිහාසය ගවේශණය කොට මොවුන් කියන දූෂණය කුමක්දැයි සොයා බලමු.
(අ) 1956 බලයට පත් බණ්ඩාරනායක මහතා වරාය ජනසතු කරන අවස්ථාවේදී එතුමා දූෂිත රාජ්‍ය පාලකයකු බව වරාය හිමිව සිටි සමාගම් වල පාලකයින් පලකලහ.
(ආ) බස් ජනසතු කල අවස්ථාවේදී බස් මුදලාලිලා එතුමාට එසේ චෝදනා කලහ.
(ඇ) 1960 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, සැමට සම අධ්‍යාපනයක් දීමේ
අරමුණින් පාසල් රජයට පවරා ගන්නා අවස්ථවේදී ඒ පාසල් හිමිව සිටි සමහරක් ආයතන ප්‍රධානීන් ඇය දූෂිත කාන්තාවක් බව ප්‍රකාශ කලහ.
(ඈ) එතුමිය තෙල් සමාගම් ජනසතු කල අවස්ථාවේදී මුලු බටහිර ලෝකයම එම චෝදනාවට අමතරව මෙරටට ආර්ථික සම්බාධකද පැන වූවාය. ඒ අනුව අමෙරිකානු පාන් පිටි මෙ රටට එවීම නතර කර දැමූහ. තවද පාසල් දරැවන්ට ලබාදුන් කිරි ලබාදීමද නවතා දමන ලදී.
(ඉ)1970 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ තමාගේ ඉඩම් ඇතුලුව ඉඩම් අක්කර ලක්ෂ ගනනක් රජයට පවරා ගත් අවස්ථාවේද ඇයගේ රජය දූෂිත රජයක් බව පතල කලහ.
මෙම ඉතිහාස ගත කරුණු අපට උදව් කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රජයට දූෂිත රජයක් යයි පවසන්නේ කුමන දෘෂ්ඨි කෝණයෙන්ද කියා.
බටහිර අධිරාජ්‍යවාදී සතුරා, එක්සත් ජාතික පක්ෂය හා කොටි සංවිධානය එසේ පවසන වරක් පාසා මේ රජයේ නිවෑරදි භාවය තීව්‍රව පෙනෙන අතර, ජනතා විමුක්ති පෙරමුණ එම චෝදනාව පවසන වරක් පාසා මෙතෙක් කල් ජනතාව අතර සිටි ගෝනි බිල්ලා නිරාවරණය කරයි.

Subscribe to:
Posts (Atom)