Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Monday, 11 January 2010

විද්වත් හමුව: ජනපති මහින්ද මේ මොහොතේ පැරදවීම සියතින් ගෙල සිඳ ගැනීමක්‌!


ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු


ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක

මෙම ජනාධිපතිවරණය අපේ රටේ පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා සුවිශේෂ එකකි. ඒ සන්නද්ධ ත්‍රස්‌තවාදය හා බෙදුම්වාදය පරදවා පවත්වන මුල්ම ජනාධිපතිවරණය නිසාය.

බිහිසුණු ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳි රට සංවර්ධනයේ මාවතට අවතීර්ණ කරන්නට මේ උදාවෙන ජනාධිපතිවරණය නිසැක සාධකයක්‌ බව නොකිවමනාය. ඒ අභියෝගය බාරදිය යුත්තේ කාටද? ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කරන විග්‍රහයකි මේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?

ජනාධිපතිවරණයකදී වැඩි අවධානයක්‌ යොමුවන්නේ එයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් වෙතයි. එයට හේතුව ජනාධිපතිවරණයකදී තෝරන්නේ රටේ නායකයා නැතහොත් ජනතාවගේ නායකයා නිසා. රාජ්‍ය පාලකයා තෝරා ගැනීමේදී මේ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාගේ වැඩපිළිවෙළ දෙස පරීක්‍ෂාකාරීව බැලිය යුතුයි. ඒ විමසීමේදී මට නම් පෙනෙන පැහැදිලි සත්‍යතාව නම් අපේ රටේ ජනාධිපතිවරුන් හතරදෙනකුට ඉටුකරන්නට නොහැකි වූ කාර්යයක්‌ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉටුකර තිබෙන බව. තිස්‌වසරක යුද්ධය ජයග්‍රාහීව අවසන් කරල ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්‌ත හමුදාව විනාශයට පත් කිරීමයි ඒ.

මෙවැනි දැවැන්ත ඓතිහාසික සේවයක්‌ කළ නායකයෙක්‌ ගෙදර යෑවීම මේ මොහොතේ කිසිම ආකාරයකින් තාර්කික හෝ යුක්‌තියුක්‌ත පියවරක්‌ ලෙස පිළිගන්නට බැහැ. යුද්ධය අවසන් කරන්නට නොහැකි වූ චJද්‍රිකා ජනාධිපතිනියට අපි වාර දෙකක්‌ ජනාධිපති තනතුර දරන්නට අවස්‌ථාව ලබාදුන්නා. ඒ අනුව යුද්ධය වසර හතරක්‌ තුළ ඉතා සාර්ථකව අවසන් කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට දේශපාලන මරණීය දඬුවම දීම අතාර්කිකයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මේ යුද ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ලෙස ඇතමුන් තර්ක කරනවා නේද?

ඒ තර්කය මට පිළිගන්න බැහැ. මේ යුද්ධය හුදෙක්‌ ගොඩබිම් යුද්ධයක්‌ පමණක්‌ නෙමෙයි. එය ත්‍රිවිධ හමුදාවම විසින් කරනු ලැබූ මහා සංග්‍රාමයක්‌. ජෙනරාල් ෆොන්සේකා ඒ සංග්‍රාමයේ ප්‍රධාන කාර්යභාරයක්‌ කළා. නමුත් සමස්‌ත යුද්ධ ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ඔහු කියල ඇත්ත වශයෙන්ම විශ්ලේෂණාත්මකව පවසන්න බැහැ. නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නායකත්වය දුන්නේ ජෙනරාල් ෆොන්සේකා නෙමෙයි. ප්‍රධානම දේ කවුරු හමුදාවන්ට නායකත්වය දුන්නත් මේ යුද්ධය ජයග්‍රහණය කළ යුතුයි කියන දේශපාලන අධිෂ්ඨානයෙන් තොරව යුද්ධයක්‌ දිනන්න බැහැ. මේ සිටි රාජ්‍ය නායකයො කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දුර්වල කරල සාකච්ඡා මේසයට තල්ලු කිරීම පමණයි. නමුත් පළමු වතාවට එල්. ටී. ටී. ඊ. සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතුයි කියන අධිෂ්ඨානය අපි දකින්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනා තුළයි. මේ රටේ ඉතිහාසයේ වැදගත් ස්‌ථානයක්‌ වන මේ යුද්ධය ජයග්‍රහණයේ නායක කාර්යභාරය කළ රාජ්‍ය නායකයා තව වතාවක්‌ ව්‍යවස්‌ථානුකූලභාවයකට පත් නොකිරීම අකෘතඥ මෙන්ම අතාර්කික පියවරක්‌. එය අපේ සතුරන්ට සහ මිතුරන්ට දෙන වැරැදි සංඥවක්‌. මන්ද ශ්‍රී ලංකා දූපත මත මේ සංග්‍රාමය සාර්ථකව නිමාවූ නමුත් ගෝලීය කොටි ව්‍යාපාරය ඔවුන්ගේ උත්සාහය අත් නොහැර ඇති බව අප කල්පනා කළ යුතුයි.

එසේම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනතාව ඔහුට පැවරූ ප්‍රධාන කාර්යය සාර්ථකව නිම කළත් රටේ යහපාලනය ඇති කිරීමේ දුර්වලතා, ආර්ථික වශයෙන් ජනතාව මත පැටවී ඇති බර ආදිය සම්බන්ධයෙන් අප කරන්නේ කුමක්‌ද? ඒවා නිසියාකාරව ඉටු නොකිරීම සම්බන්ධයෙන් අප "දඬුවමක්‌" දිය යුතුයි. නමුත් මේ ඊට අවස්‌ථාව නෙමෙයි. ඊට අවස්‌ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන්. මා එයින් අදහස්‌ කරන්නේ ජනාධිපති ඡන්දයේදී කළ යුතු දේ ජනාධිපති ඡන්දයේදී කළ යුතු අතර පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු දේ පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු බවයි. පාර්ලිමේන්තු ඡන්දයේදී කළ යුතු දේ ජනාධිපති ඡන්දයේදී කළොත් අපි මහා පඹගාලක පැටලෙනව.

ජෙනරාල් ෆොන්සේකා ඉතාමත් දක්‍ෂ හමුදා නායකයෙක්‌. ඔහු සහමුලින්ම මිලිටරි චරිතයක්‌. මා කියන්නේ එය නරක දෙයක්‌ නෙමෙයි. මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට ප්‍රභාකරන්ට එරෙහිව ඉදිරිපත් කරන්නට හැකි සාර්ථක චරිතය. නමුත් කවුරු හරි යෝජනා කරනව නම් හෙට මහින්ද රාජපක්‍ෂ හමුදාපති කරන්න ඕන කියල ඒක මහ විහිළුවක්‌. ඒ වගේම කිසිම දවසක පාර්ලිමේන්තුවටවත් නොගිය හමුදාපති හෙට ජනාධිපති කරන්න කියනව නම් ඒකත් ඒ වාගෙම විහිළුවක්‌. ලෝකයේ දේශපාලන නායකයන් අතුරෙන් වඩාත්ම ප්‍රඥවන්ත සහ දැන උගත් නායකයා ලෙස බොහෝ දෙනා සලකන ජනාධිපති බරක්‌ ඔබාමාත් අවුරුදු අටක්‌ ඇමරිකාවේ සෙනෙට්‌ සභිකයකු සේ කටයුතු කරලයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඔහු ඇමරිකානු දේශපාලනය පිළිබඳ විශේෂඥ ගුරුවරයෙක්‌ මහාචාර්යවරයෙක්‌. නමුත් ඔහුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සෙනෙට්‌ සභාවෙන් වසර අටක දේශපාලන පළපුරුද්දක්‌ ලබාගෙනයි. සරත් ෆොන්සේකා අවුරුදු 40 ක්‌ යුද හමුදාවෙයි සේවය කළේ. සිවිල් සමාජ පරිපාලනය සහ දේශපාලනය පිළිබඳ නිපුණත්වයක්‌ ඔහුට නැහැ. මා මෙයින් අදහස්‌ කරන්නේ ජෙනරාල් ෆොන්සේකා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැරැද්දක්‌ කියන එක නෙමෙයි. ඒ මහතා ඇවිත් මේ රටේ තිබෙන හොරකම් දූෂණ රැසක්‌ හෙළිදරව් කර තිබෙනවා. බොල් ප්‍රතිරූප විනාශ කරල තිබෙනවා. නමුත් රටේ ප්‍රධාන අභියෝගය ජයගත් නායකයකු පලවා හැර එතැනට ජෙනරාල් ෆොන්සේකා පත් කළ යුතුයි කියල එයින් අදහස්‌ වෙන්නේ නැහැ. ජෙනරාල් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ඇවිත් ශක්‌තිමත් පාර්ලිමේන්තු චරිතයක්‌ ලෙස තව අවුරුදු ගණනක්‌ ගතකරන්න ඕන. සාර්ථක රාජ්‍ය නායකයෙක්‌ ලෙස ඉදිරිපත් වන්නට ඔහුට හැකිවන්නේ එවිටයි.

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එහි ආරම්භයෙ සිටම නොයෙක්‌ විවේචනයන්ට ලක්‌ වුණා. රටේ සංවර්ධනයට සහ ආරක්‍ෂාවට මේ ක්‍රමය නොගැලපෙනවද?

ගැලපෙනව. නමුත් මේ තිබෙන ක්‍රමයට ගැලපෙන්නෙ නැහැ. ලෝකයේ සාර්ථකම රට වන ඇමරිකා එක්‌සත් ජනපදයේ තියෙන්නෙත් ජනාධිපති ක්‍රමය. අපේ රටෙත් ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යැම හොඳ දෙයක්‌. ඒ නිසා රටේ ශක්‌තිමත් මධ්‍යම ආණ්‌ඩුවක්‌ ගොඩනැඟෙනවා. නමුත් ඇමරිකාවේ ජනාධිපති ක්‍රමයවත් ව්‍යවස්‌ථානුකූලව අපේ රටේ ජනාධිපති ක්‍රමය තරම් බලවත් නෑ. එහි බලතුලනයක්‌ තිබෙනව. අධිකරණය සහ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය ඉතාම ප්‍රබලයි. ඇමරිකාවේ පාර්ලිමේන්තුවට එරට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ රටේ එහෙම දෙයක්‌ කරන්න බෑ. එම නිසා අපේ රටේ ජනාධිපති ක්‍රමය සංශෝධනයකට ලක්‌ කොට පවත්වාගෙන යා යුතුයි.

හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන ආගමනය විදේශ බලවේගවල කුමන්ත්‍රණයක්‌ යන මතය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ඒක බොළඳ තර්කයක්‌. නමුත් මෙතන යම් විදේශ සාධකයක්‌ තිබෙන්න පුළුවන්. ඒ විදේශ සාධකය ඇති වුණේ කොහොමද කියන කාරණය පිළිබඳ කල්පනා කර බලන්න ඕන. ලක්‍ෂමන් කදීර්ගාමර් මහත්මය විදේශ ඇමැති හැටියට අදත් ජීවතුන් අතර හිටිය නම් මෙවැනි විදේශ කුමන්ත්‍රණයක්‌ ගැන අපි කතා කරන එකක්‌ නැහැ. මම නම් දකින්නෙ මෙවැනි විදේශ කුමන්ත්‍රණ ඇතිවන්නේ විදේශ සම්බන්ධතා වල අර්බුදයක්‌ ඇති වී තිබෙන විටයි. අද අපේ විදේශ සබඳතාවල ඕජස්‌ ගලන තුවාල ඇතිවෙලා තියෙනවා. විදේශ රටවල් අපට දෙන සංඥ තේරුම් ගන්න පුළුවන් විදේශ ඇමැතිවරයෙක්‌ අවශ්‍යයි. ඒ වගේම අපේ රටේ ඕනෑ එපාකම් විදේශ රටවලට පහදා දෙන්න පුළුවන් විදේශ ඇමැතිවරයෙක්‌ ඉන්න ඕන. එවැනි විදේශ ඇමැතිවරයෙක්‌ රටේ නොමැති විට විදේශ සාධකය අර්බුදයක්‌ වන ආකාරයට හැසිරෙන්න පටන් ගන්නව. අද මේ තිබෙන දේශපාලන අර්බුදය එක්‌තරා ආකාරයකට ඇමරිකාව සමග අපේ ඇති සබඳතා නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමට නොහැකි වීම නිසා ඇති වූ තත්ත්වයක්‌.

එල්. ටී. ටී. ඊ. ය සමග පැවැති යුද්ධයේ තීරණාත්මක අවස්‌ථාවේදී එය සූක්‍ෂම ආකාරයෙන් නතර කරන්න ඇමරිකා එක්‌සත් ජනපදයේ යම්කිසි කොටසක්‌ උත්සාහ දැරුවා. ඒ උත්සාහය ව්‍යර්ථ කළේ ජෙනරාල් ෆොන්සේක නෙමෙයි. මහින්ද රාජපක්‍ෂයි. බැරිවෙලාවත් ජනාධිපති කිව්ව නම් මේ යුද්දෙ මට නතර කරන්න පුළුවන්. ඒත් හමුදාපතිගෙන් කරදරයක්‌ වෙයිද කියල ඇමරිකන් හමුදාව විතරක්‌ නෙමෙයි ලෝකෙ බලවත් රටවල් ඔක්‌කොම හමුදාවල් අර අසූ අටේ වගේ ජනාධිපතිවරයාවත් ආරක්‍ෂා කරගෙන හමුදාපතිවරයාවත් ගාල්කරල එතකොට යුද අපරාධ පිළිබඳ දේශපාලන නායකත්වයට ප්‍රශ්නයකුත් නැතුව ප්‍රභාකරන්ටත් පලා යන්න අවස්‌ථාවක්‌ ලබාදීල යුද්දෙ ඉවර කරන්න තිබුණ. ඒකට ඉඩ නොදුන්නෙ මහින්ද රාජපක්‍ෂයි. නමුත් ඇමරිකානු සම්බන්ධකම් ඒ පැත්තට පෙරළෙන්ඩ ඉඩ නොදෙන එක විදේශ ඇමැතිවරයගෙ වගකීමයි. අද අපේ රටේ තිබෙන ඇතැම් බරපතල දේශපාලන ගැටුම්වලට තුඩුදෙන පසුබිම ඇතිවෙලා තිබෙන්නේ අපේ විදේශ කළමනාකරණයේ තිබෙන මහා පරිමාණ අර්බුද නිසයි.

ද්‍රවිඩ සංධානය ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් දෙදෙනාට වෙනම ඉල්ලීම් ගණනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා. උතුර නැගෙනහිර සඳහා ස්‌වයං පාලනය සහිත දේශපාලන විසඳුමක්‌ එයින් එක ඉල්ලීමක්‌. යළිත් සන්නද්ධ අරගලයක්‌ ඇති නොවීම සඳහා ඉදිරිපත් කළ යුතු දේශපාලන විසඳුමට මේ ඉල්ලීම් මාලාවෙන් කවර බලපෑමක්‌ ඇති කරයිද?

සන්නද්ධ ත්‍රස්‌තවාදයේ සහ සන්නද්ධ බෙදුම්වාදයේ තර්ජනය බොහෝ දුරට හමාරයි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක ඇතුළු හැමෝම දායකත්වය දුන්නා. නමුත් සන්නද්ධ නොවන බෙදුම්වාදයේ උවදුර තවම අවසන්වෙලා නැහැ. සන්නද්ධ නොවන බෙදුම්වාදයට තුවක්‌කු අතේ නැති විශාල සේනාවක්‌ ඉන්නව. මේ යුද්ධයේ අවසාන මාස කිහිපය තුළ ලෝකය පුරා තිබුණු දමිළ ඊළාම්වාදී පෙළපාලිවලින් ඒ සේනාවේ තරම අපි දැක්‌කා. ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහ කොටි ධජය අතැතිව ලන්ඩන් නුවර පමණක්‌ ලක්‍ෂ දෙකක්‌ පෙළපාලි ගියා. ශ්‍රී ලංකාව දෙකට බෙදල ඊළාමයක්‌ පිහිටුවීමේ ව්‍යාපෘතියේ එක කොටසක්‌ ටී. එන්. ඒ. සංවිධානයත් නියෝජනය කරනව. අපේ මේ ජනාධිපති අපේක්‍ෂකයො දෙන්නා ටී. එන්. ඒ. සංවිධානයෙන් ඇහුවොත් ප්‍රභාකරන් මිය යැම හොඳ ද නරක ද කියල ඇත්තවශයෙන්ම ඒ අය කියාවි ඒක නරකයි කියල. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම හොඳ ද නරක ද කියල ඇහුවොත් ඔවුන්ගේ උත්තරය අනිවාර්යයෙන්ම නරකයි කියල. වෙනම ස්‌වාධීන රාජ්‍යයක්‌ පිහිටුවීමේ වඩුක්‌කොඩෙයි සමුළු යෝජනාව අත්හැරල තියෙනවද නැද්ද කියන ප්‍රශ්නෙට මොකක්‌ද ඔවුන්ගේ උත්තරය? ඔවුන් තවමත් දමිළ ඊළාම් සටන් පාඨය අතහැරල නෑ. ඒකීය රටක්‌ තුළ විසඳුමකට කැමති නැති මේ පිරිස සමග අපේ ජනාධිපති අපේක්‍ෂකයන්ට පුළුවන්ද සහයෝගයෙන් වැඩ කරන්න. කොටි සංවිධානය ගැන විවේචනයක්‌ නොකරන දමිළ ඊළම පිළිගත්ත මේ පිරිස අද ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න ඉදිරිපත්වෙලා ඉන්නෙ තමුන් ලත් පරාජය එක්‌තරා දුරකට හෝ යටපත් කරගන්නයි. ටී. එන්. ඒ. සංවිධානය මේ හදන්නේ. ජනාධිපතිවරයාගෙන් ප්‍රභාකරන් මැරූ පලිය ගන්නයි. යුද්ධමය වශයෙන් නොව දේශපාලනමය වශයෙන් කරන්න හදන දේ ගැන ජෙනරාල් ෆොන්සේකාට කිසිම අත්දැකීමක්‌ නැහැ. මේ යුද්ධයේදී ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් කළ කාර්යභාරය ඔහු අවතක්‌සේරු කරන්නේ ඒ නිසයි. දේශපාලන සාධකය අවතක්‌සේරු කරන පුද්ගලයෙක්‌ දේශපාලන තනතුර ඉල්ලීම විහිළුවක්‌. ජාත්‍යන්තර දමිළ ඊළාම් ව්‍යාපාරය ටී. එන්. ඒ. සංවිධානය ඉදිරියට දමල මේ කරන්න හදන දෙයට අපේ රටේ ජනතාව සහයෝගය දෙනව නම් එය තමන්ගේ ගෙල සියතින්ම කපාගැනීමක්‌ හා සමානයි.

ටී. එන්. ඒ. සංවිධානය මේ පොදු අපේක්‍ෂක ව්‍යාපාරය ට්‍රොaජන් අස්‌පයෙක්‌ විදිහට යොදාගෙන තියෙනවා. ඒ සඳහා ටී. එන්. ඒ. සංවිධානය මෙහෙයවන්නේ ජාත්‍යන්තර කොටි ව්‍යාපාරයයි. ට්‍රොaජන් අස්‌පය තුළට දැන් ටී. එන්. ඒ. සංවිධානය රිංගල ඉවරයි. ට්‍රොaජන් අස්‌පයට රාජ්‍ය බලය ලැබුණොත් ටී. එන්. ඒ. සංවිධානයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් යුද්ධයෙන් ඔවුන්ට ලබා දෙන්නට නොහැකි වූ දේ ලබාදෙන්නට කටයුතු කරාවි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

Sunday, 10 January 2010

ඊයක්‌ විදින්න නම් දුන්නක්‌ ඕනෑමයි

මියගිය ප්‍රභාකරන් නිතර කතා කළ අයකු නොවේ. ඉඳ හිට කතා කළ ඔහුගේ ප්‍රකාශ අතර අගනා කියුම්ද තිබේ.

"සිංහලුන්ට දවස්‌ දෙකෙන් ඕනෑම දෙයක්‌ අමතක වෙනවා."

එය ප්‍රභාකරන්ගේ අගනා රුවන් වැකියකි.

ප්‍රභාකරන්ගේ සහචරයන් පුපුරුවා හල බෝම්බවලින්, එකවර සිය ගණන් ජනයා මිය ගිය අවස්‌ථා තිබිණි. ඈත ගම්වල ජනයා මරා දමනු ලැබුයේ කඩුවලින් කැතිවලින් කපා කොටා දැමීමෙනි. තත්ත්වය කෙතරම් බිහිසුණුවීද යත් දුම්රියපොළක බස්‌ නැවතුම්පොළක සිටීම පමණක්‌ නොව බසයක ගමන් කිරීම මරණය අතින් ගෙන යැමක්‌ බවට පත්විය.

රටේ ජන ජීවිතය භීතිය විසින් අකර්මන්‍ය කර තිබිණි. රට සොහොනක්‌ මෝචරියක්‌ බවට පත්වෙමින් තිබිණි. බෝම්බයකින් මහා විනාශයක්‌ සිදුවන්නේ කිනම් මොහොතකදැයි නොදැන වික්‍ෂිප්ත අගාධයක ජනසමාජය ගිලී තිබිණි.

ගම්වල ද නගරවල ද ගලා යමින් තිබුණේ ලේ දහරාය. මහපාරවල් වල විසිර ගියේ මස්‌ වැදලිය. ඝාතනය කරනු ලැබූ මිනිසුන් මිහිදන් කරනු ලැබුයේ ඩෝසර්වලින් කපනු ලැබූ තනි මිනීවළවල්වලය.

ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ඇමැතිවරු මන්ත්‍රීවරු ගමන් බිමන් ගියේ ඉතා දැඩි ආරක්‍ෂාව මැද්දේ විදුලි වේගයෙනි.

බියෙන් තොරව සිටියේ වහාම උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍යයක්‌ ලෙස වෙන් කොට දිය යුතු යෑයි මොර ගෑ දේශපාලන නායකයන් සහ එන්. ජී. ඕ. නායකයන් පමණි.

රට තිබුණේ එවැනි තත්ත්වයකය. බිමින් පමණක්‌ නොව ගුවනින් ද බෝම්බ හෙළනු ලබන තත්ත්වයකය.

ප්‍රභාකරන් කීවා සේ අද සිංහල ජනයාට රට තිබුණේ එවැනි තත්ත්වයක බව අමතකව යමින් තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්ව මසක්‌ ඉක්‌මවෙන්නට මත්තෙන් කොටි කැබිතිගොල්ලෑවේ ගැමියන් ගමන් ගත් බසයකට ක්‌ලේමෝ බෝම්බ තබා හතළිස්‌ දෙනෙක්‌ මරා දැමූහ. ජනාධිපතිතුමා කොළඹට වී ඒ ප්‍රහාරය ම්ලේච්ඡ එකකැයි ප්‍රකාශයක්‌ නිකුත් කොට ඇඟ බේරා ගත්තේ නැත. කැබිතිගොල්ලෑවටම ගොස්‌ විපතටත් ශෝකයටත්, භීතියටත් පත් ඒ ජනයා අතරේ දුක බෙදා ගනිමින් තමා ජනාධිපතිවරයා පමණක්‌ නොව ජනතාවගේ මිනිසකු බව කියා පෑවේය.

මාවිල්ආරු සොරොව්ව කොටි විසින් වැසූ කල ඊට සාම සාකච්ඡා පවත්වන්නට හෝ අනේ සොරොව්ව ඇර දෙන්නැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනා කිරීම් කළේ නැත.

ඔහු රාජ්‍ය නායකයකුගේ අභීතභාවය සතුරාට පෙන්වීය. තිරිසන් වූද, වංචනික වූද, වර්ගවාදී උන්මාදයෙන් පෙලුනාවූද සතුරා එක දිගට හඹා යන්නට සේනාධිනායකත්වයේ බලය හමුදාව අතට දුන්නේය.

එම යුද්ධයේ අති බිහිසුණු එකක්‌ වූවාසේම ලෝකයේ බලගතුම රටවල් කිහිපයක්‌ සමගද කළ "යුද්ධයක්‌" විය.

අපි ලොකු රටවල ණය ආධාර යටතේ යෑපෙන දුප්පත් රටක්‌ වෙමු. ජී. එස්‌. පී. සහනය ලබන රටක්‌ වෙමු. අපි එංගලන්ත රාජ්‍යයේ කොලනියක්‌ ලෙස පැවති රටක්‌ වෙමු.

එබැවින් නව අධිරාජ්‍යවාදය යටතේ අපි ඔවුන්ට දාසභාවයෙන් සිටිය යුත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද ජී. එස්‌. පී. අධිකාරයේද හාම්පුතුන් වන්නේ ඔවුන්ය. ඒවාදීම හෝ නොදීම තීරණය වන්නේ, ඔවුන්ට දක්‌වන පක්‍ෂපාතිත්වයේ ප්‍රමාණය අනුවය.

නමුත් ඒ සියල්ලට පෙර මවුබිම තිබිය යුතුය. මාතෘභූමිය නිදහස්‌ව තිබිය යුතුය. තමන්ගේ රටවැසියන්ට බියෙන් සැකෙන් තොරව ඇවිද යා හැකි සාමකාමී සංසුන් රටක්‌ තිබිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෝරා ගනු ලැබුයේ මාතෘභූමියයි. එතුමා ඒ තෝරා ගැනීම කළේ ඉතාම අවදානම් තත්ත්වයක්‌ යටතේ බව අප අමතක නොකළ යුතුය.

වර්තමාන ලෝක ආර්ථික රටාව ගැට ගැසී ඇති ආකාරයට අනුව දුගී රටක්‌ නම් ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය හෝ නෝර්වේ වැනි රටවල් ඉදිරියේ දනින් වැටිය යුතුය. සිය ස්‌වාධිපත්‍ය අහිමි කර ගත යුතුය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය හෘදය සාක්‍ෂිය තැබුවේ මාතෘභූමිය මතය.

එහි විපාක අදටත් ලැබෙමින් පවතී. අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ වසරට හිමි ණය මුදල දෙනු ලැබුයේ නොදීබැරිකමට දුන් ණයක්‌ ලෙසය. ජී. එස්‌. පී. වරප්‍රසාදය තවමත් දී නැත.

ඔවුහු එසේ කරන්නේ ඇයි දැයි මේ රටේ ජනතාව දනී. ඔබතුමා කෙළේ වරදකැයි මෙරට පොදු ජනතාව ගෙන් කිසිවකුත් ජනාධිපතිතුමාට චෝදනා නොකරන්නේ එතුමා ඒ හැම කැප කිරීමක්‌ කළේ මාතෘභූමිය වෙනුවෙන් බව දන්නා හෙයිනි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ඔබ අපේ මහ රජාණෝයෑයි ජනතාව ඇමතුවේ කිසිවකු ගේත් බලපෑමකින් නොවේ. එය මහජනතාව අතරින් පැන නැගුණු නිරායාස ගෞරවාර්ථ නාමයකි.

ඒ ගෞරවාර්ථ විරුදාවලිය ලැබීමට මහින්ද රාජපක්‍ෂ මහතාට සුදුසුකමක්‌ තිබේ.

නමුත් අද ජනරාල් ෆොන්සේකා මහතා ඒ යුද්ධය තමා කළ එකකැයි කියයි. ඒ නිසා තමා ජනාධිපති ධුරයට පත් කළ යුතු යෑයි කියයි. යුද්ධය ඔහුගේ තනි භුක්‌තියේ දෙයකැයි කියයි.

එසේ නම්, ආයුධ සඳහා මුදල් උපයා ගැනීම, සෙබළුන් බඳවා ගැනීම, ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීම, සිවිල් ආරක්‍ෂක භටයන් බඳවා ගැනීම, සියලු හමුදා සේනාංකවලට පඩි නඩි ගෙවීම පමණක්‌ නොව, යුද්ධයේ අවසන් අදියර මොහොතේ සතියට තුන්හතර ගණනේ පැමිණි ඇමරිකාවේ එංගලන්තයේ, නෝර්වේ, ප්‍රංශයේ විදේශ ලේකම්ලාට මුහුණදී යුද්ධය නොනවත්වා ගෙනයැමේ අභීත තීන්දු ගැනීමද ඔහුගේ යුද්ධ ගිනුමට බැර විය යුතුය.

සිදු වූයේ කුමක්‌දැයි ජනතාව දනී.

මේ යුධ ජයග්‍රහණයේ කොටසක්‌ ජනරාල්වරයාට හිමි බව හැම දෙනෙක්‌ම පිළිගනිති. සංග්‍රාමයේ ගෞරවය හැම සේනාධිපතියකුටම හිමිය.

ගෙවුණු තිස්‌ අවුරුද්ද තිස්‌සේ ඒ ඒ රජයන් යටතේ සේනාධිනායකයෝද හමුදාපතිවරුද ගණනාවක්‌ සිටියහ. නමුත් මවුබිම බේරා ගැනීමට හැබෑ හැඟීමකින් නායකත්වය දුන් තැනැත්තා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නොවේ යෑයි කියන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නැත.

සංසුන් සාමකාමී රටක්‌ අද අපට ලැබී ඇති බැව් දේශපාලන අන්ධභාවයට පත් සමහරුන්ට දැන් අමතකව ගොස්‌ ඇත.

අපි ආපසු හැරී බලමු. වැඩි ඈතකට නොවේ. නන්දිකඩාල් කලපුවෙන් ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූ මැයි 18 දා දිනට ආපසු හැරී බලමු. ගතවී ඇත්තේ මාස 7 ක්‌ පමණි.

මේ ස්‌වල්ප කලට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා උදාකර දුන් නිදහස අමතක කළ හැකිද? අමතක කළ යුතුද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

Friday, 8 January 2010

Funny Fonseka





















‘I am very sorry Sir, please forgive me (27.01.10). I was mislead by my own hatred, greed and stupidity and the evil people who were around me’.

Our advice: It will be too late SF save your bottom now and withdraw while you can. No body will be to help you when are a looser. That is guaranteed. All the snakes, tigers, jackals around you will run away and will be in hiding.

Thursday, 7 January 2010

Ridiculous Comments posted to ridicule patriots








Posting of those comments to ridicule the most powerful and patriotic people who support President Mahinda Rajapaksa is an organized strategy. Those individuals are paid recruits (type of mercenaries) who are fulltime paid workers on this purpose. This is one of the strategies used in recent Western Funded Fascist Artificial Revolutions. This is called ‘Regime Change’ by cold methods not like direct invasion in ‘Iraq’. The few examples are ‘Rose’ revolution in Former Soviet Republic of ‘Georgia’, ‘Orange’ Revolution in ‘Ukraine’, ‘Velvet’ revolution in ‘Czechoslovakia’ and in Former ‘Yugoslavia’ etc. Currently they try to do it in ‘Iran’ and Sri Lanka.

They use various methods such as ‘Mobile phone video & picture messages, ‘Highly Funded Sophisticated websites’, Radio, TV stations, ‘Twitter’, Blogs, ‘Facebook’ programs, and organized demonstrations etc. Those anti government activities are funded through various NGOs and small political parties. Western Intelligent agencies fund those activities in millions. They make profit out of it once a puppet government in place. They will plunder our resources through various methods such as corruptions, shady privatizations deals, unlawful contracts etc. They insert their agents into almost all the organizations.

Therefore do not take seriously those ridiculous comments posted by those recruits. They are on the pay list of the Fascist Western Imperialist powers. Those traitors are ready to sell their motherland for few black Dollars, Pounds, Franks or Marks. Of course there are few crazy individuals who blindly follow their leaders (some of these so called ‘leaders’ are also direct Western agents) such as some JVP members, some stupid ‘UNP’ members and some defeated ‘LTTE’ terrorists who are settled in the West. They also post those comments. Their next action will be after the defeat in the election. They will try to organize riots claiming that the election is rigged. They will try to create chaos in the society to topple the government. Shame on you traitors.

Chinthaka -07.01.2010

Sampanthan faction and Sarath Fonseka in lop sided politics


The Sampanthan faction of the TNA has agreed on lop sided conditions of General Sarath Fonseka because they had a mentality similar to terrorism, said Ven.Athuraliye Rathana addressing the media conference in Mahaweli Center in Colombo today ( 07).


He said that was why General Fonseka had agreed to release LTTE cadres in custody because the Sampanthan faction was close to the LTTE.

The Ven .monk charged that General Fonseka and the UNP had undertaken the contract to resurrect the LTTE which was crush a few months ago.

He said the Government will not allow any person or a group to help revive terrorism in the country.

He said the Sampanthan faction had not recognized the unitary character of the country. "Over 60,000 JVPers' were killed for agitating to protect the unitary state and it was now surprising to the witness the JVP together with the UNP", the Thero said.

He called upon the people to joint patriotic forces to protect the country.