Saturday, 11 December 2010
පුස්වෙඩි ප‍්‍රතිපත්තිවලින් ඖෂධ ත‍්‍රස්තවාදය පරාජය කල නොහැක.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මැතිතුමාට අනුව ඖෂධ ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ඖෂධ ප‍්‍රතිපත්තිය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය. ‘ඖෂධ ප‍්‍රතිපත්තියක් වහා ගෙන එනු’ යන්න ඉතා පැරණි සටන් පාඨයක් බව එතුමා ඉතා හොඳින් දන්නා කාරණයකි. ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට මන්ත‍්‍රයක් සේ ජප කලාට එහි අඞ්ගු විය යුතු කාරණා පිළිබඳව සංවාදයක් ඇතිවන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඖෂධ ත‍්‍රස්තවාදයට කත් අදින පිරිස් කියන්නේද ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. අන් අය එසේ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පැවසීම පිළිබඳව ඖෂධ ත‍්‍රස්ත හිතවාදියෝ සතුටට පත්වෙති. එයට හේතුව ප‍්‍රතිපත්තියේ අඩංගුව පිළිබඳව සඳහන් නොකර කුමක් හෝ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පැවසීම ත‍්‍රස්තවාදයට වාසි සහගත වීමයි.
විජිත හේරත් මන්ත‍්‍රීතුමා කියන ඖෂධ ප‍්‍රතිපත්තිය සහ 2008 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප‍්‍රතිපත්තිය යන දෙකම එකක් නම් එතුමා කරන්නේද ඖෂධ ත‍්‍රස්තවාදයට කඬේ යාමකි. මේ වන විට යම් පමණකට හෝ මහජනයාට කියවීමට ලැබුණු ප‍්‍රතිපත්තිය එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප‍්‍රතිපත්තිය බවට සැකයක් නැත. මේ ලියුම්කරු මීට පෙර දිවයින පුවත්පතට ලියූ ලිපිය සඳහන්කල ආකාරයට එම ඖෂධ ප‍්‍රතිපත්තිය ඉතියෝපියාවටත් ඇමරිකාවටත් එකසේ පිළිගත හැකි එකකි. එය සුන්දර අරමුණු සහ සංකල්ප වලින් සරසා ඇති කිසිදු උපායමාර්ගික ප‍්‍රවේශයක් නැති ලියවිල්ලකි. එවැන්නක් අන්තර්ජාල පහසුකම සහිත ඉලෙක්ට්‍රොනික් ලේඛණ හොඳින් කැපීමට සහ ඇලවීමට දන්නා ශිෂ්‍යයෙකුට වුවද සකස් කල හැක. එම ප‍්‍රතිපත්තිය තුල ඖෂධ ව්‍යාපාරයේ දුෂ්ඨ සහ කූඨ ක‍්‍රියා මැඩ පැවැත්වීමට හෝ දැනට ඖෂධ වෙළඳපල ආශ‍්‍රිතව හඳුනාගෙන ඇති ගැටළු විසඳීම සඳහා උපක‍්‍රම හඳුනාගැනෙන්නේ නැත. එවැනි ප‍්‍රතිපත්තියක් එළිදැක්වීමේ උත්සවයකට අන්තර්ජාතික මහා ඖෂද සමාගම්වල අනුග‍්‍රහයද ලබාගත හැක. ඒ ප‍්‍රතිපත්තිය ඒ තරමටම දුර්වල හිස් ලියවිල්ලකි. ප‍්‍රතිපත්තියක් නමින් පුස් වෙඩිල්ලක් පත්තු කිරීමෙන් ඖෂධ ත‍්‍රස්තවාදය පරාජය කල හැකි යයි විජිත හේරත් මන්ත‍්‍රීතුමාලා හිතනවා නම් එතුමන්ලාගේ දේශපාලන දැක්ම පිළිබඳව අනුකම්පා කල යුතුය.
මූලිකවම ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ සමාජ ආර්ථික වශයෙන් බරපතල ගැටළු විසඳීම සඳහා දේශපාලන මඟ පෙන්වීමක් ලබාදීම සඳහාය. එමෙන්ම එම ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රියාවලිය සැබෑ එකක් නම් ඒ තුල මහජන අදහස් නියෝජනය වීමද සහතික කෙරේ. (නිළධාරීන් කිහිප දෙනෙකු විසින් සකස් කල ලියවිල්ලක් වෙබ් අඩවියක හෝ පුවත්පතක ප‍්‍රසිද්ද කිරීමෙන් පමණක් ඒ අරමුණ ඉටු නොවේ.* ප‍්‍රතිපත්තියක සංකල්පීය රාමුව සහ එහි අරමුණ තුලින් විසඳීමට උත්සාහ කරන ගැටළුව කුමන ආකරදැයි පිළිබිඹු වේ. ඉතා සරල පොදු සංකල්ප සහ අරමුණු ලයිස්තුවක් මඟින් සුවිශේෂී ගැටළු ප‍්‍රමාණාත්මකව හෝ ගුණාත්මකව ගැඹුරට විග‍්‍රහ වන්නේ නැත. තවද ප‍්‍රතිපත්තියක් මඟින් ගැටළු විසඳීම සඳහා පවතින නීතිමය, පරිපාලන සහ ආයතනමය වූයහයන් තුල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මඟපෙන්වීමක් ලබා දිය යුතුය.
ඒ සියල්ලටම වඩා ප‍්‍රතිපත්තියක මූලික හැඩය හෙවත් දේශපාලන උවමනාව සැබෑ ලෙසම පිළිබිඹු වන්නේ එම ප‍්‍රතිපත්තිය පදනම් වන මූලික උපායමාර්ගික රාමුව තුලිනි. ඉහත සඳහන් කල ආකාරයට විජිත හේරත් මන්ත‍්‍රීතුමාලා කථාකරන ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ කල එක නම් එහිදී අවම වශයෙන් උපාය මාර්ග යනු කුමක් දැයි හෝ හඳුනාගෙන නැත. එවැනි ප‍්‍රතිපත්තියක් ගෙන එනු යයි හඬ නඟන්නේ කුමක් සඳහාද? කාගේ අවශ්‍යතාවයකටද? ඒ මේ රටේ ජාතික ජාතික ආර්ථිකයට පිල්ලියක් වී ඇති සහ අහිංසක රෝගීන්ට මර උගුලක් වී ඇති ඖෂධ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ උවමනාව සඳහා නම් නොවන බව ඉතා පැහැදිලිය.
ඒ නිසා විජිත හේරත් මැතිතුමන්ලා රෝහන විජේවීරයන් තෝරාදුන් අධිරාජ්‍ය විරෝධය මුල් කොටගත් දේශපාලනය තව දුරටත් අගය කරනවා නම් බටහිර මහා ඖෂධ සමාගම් වලට යටත් වන ඖෂධ ප‍්‍රතිපත්තියක් රටට වැඩක් නැති බව නිර්භයව ප‍්‍රකාශ කල යුතුය. එම සමාගම් වල කූඨ උපක‍්‍රම මැඩපැවැත්විය හැක්කේ මේ ආකාරයේ උපායමාර්ගයකින් බව නිශ්චිතව ඉදිරිපත් කල යුතුය. එසේම ආර්ථික ඝාතක නිළධාරී පැලැන්තිය විසින් හිතාමතා පවත්වාගෙන යන ඖෂධ ලියාපදිංචි කිරීමේ සහ ආනයනය කිරීමේ ක‍්‍රමවේදවල පවතින දුර්වලතාවයන් නිශ්චිතව සඳහන් කොට ඊට ප‍්‍රතිකර්ම ඉදිරිපත් කල යුතුය. තවද වෛiවරු අතින් සිදුවන වැරදි සහ ඔවුන් ඉටු නොකරන යුතුකම් පිළිබඳව පැකිලීමකින් තොව කතාකල යුතුය. එක, දෙක, තුන වශයෙන් ඒවා ලයිස්තුගත කොට ඊට අදාල විසඳුම් රාමුව ප‍්‍රතිපත්තිය තුලට ඇතුල් කල යුත්තේ කෙසේදැයි සඳහන් කල යුතුය.
එසේ නොකර සුවපහසුවට පුවත්පත් සාකච්ඡුා පවත්වා ප‍්‍රතිපත්තියක් ගෙනෙව්, ගෙනෙව් කීමෙන් සිදුවන්නේ අවැඩකි. දැන් එතුමන්ලා ගේන්න කියන නිසාම ඖෂධ ත‍්‍රස්තවාදයට දැනුවත්ව හෝ නොදැනුවත්ව කඬේ යන පිරිස් විසින් සකස් කල ඊනියා ප‍්‍රතිපත්තිය අනුමත කර ගැනීම සඳහා නිදහසට කාරණාවක් ලැබේ. වෙනත් වචනවලින් කියන්නේ නම් එය පනින්න සිටින රිලවුන්ට ඉනිමං බැඳීමකි. ප‍්‍රතිපත්ති කමිටුවකට මහාචාර්යවරු හෝ විශේෂඥ වෛiවරු පත්කල පමණින් රටට ජනතාවට හිතවාදී ප‍්‍රතිපත්තියක් හැදෙන බවට පූරව නිගමනයකට එළැඹීම එතුමන්ලාට තරම් නොවන ක‍්‍රියාවකි.
මේ රටට විනාශකාරී බොහෝ ප‍්‍රතිපත්ති සහ යෝජනාවලි ඉදිරිපත් කල සෑම කමිටුවකම පාහේ එන්.ජී. ඕ. මහාචාර්යවරු නියෝජනය වූ බව රටේ ජනතාව හොඳින් දනිති. ඖෂධ ත‍්‍රස්තවාදයට ගොදුරු වූ මහාචාර්යවරු සහ විශේෂඥ වෛiවරු රාශියක් අදද මේ රටේ ඉහල තනතුරු හොබවති. එමෙන්ම එදිනෙදා ජීවිතයේදී ත‍්‍රස්තවාදයට අවශ්‍ය ආකාරයට ඔවුහු ඖෂධ නිර්දේශ කිරීමේද යෙදී සිටිති. රටේ මහජනතාවගේ පැත්තෙන් බලන විට ඔවුන් එසේ යටත් වන්නේ දැනුවත්වද නැද්ද යන්න වැදගත් නොවේ. ඒ අතරම කිව යුතු යමක්ද ඇත. එනම් මේ රටට ආදරය කරන සහ ඖෂධ සමාගම් වලට යටත් නොවන දියුණු මනසක් සහිත මහාචාර්යවරුන් මෙන්ම විශේෂඥ වෛiවරුද මේ රටේ බොහෝ සිටිති. මහජනයා ඔවුන්ට දෙවිවරුන්ට මෙන් සලකති. අවාසනාවකට එතුමන්ලා මේ ප‍්‍රතිපත්ති කමිටුවලට පත්වන්නේ නැත. එසේ නැතහොත් එතුමන්ලා එවැනි තනතුරු බාරගන්නේ නැත. හොඳ මිනිසුන් ප‍්‍රධාන ප‍්‍රවාහයෙන් ඈත්වීම නිසා පුංචි මිනිසුන්ට වේදිකාවට පැමිණීමට ඉඩ සැලසීම මේ රටේ අවාසනාවකි.
ඇත්ත වශයෙන්ම විජිත හේරත් මැතිතුමන්ලා සේනක බිබිලේ ප‍්‍රතිපත්තියක් ගැන දෙඩෙව්වාට භෞතිකව නිශ්චිත ලේඛණයක් ලෙස එවැන්නක් මේ රටේ නැත. ඉතිහාසයේද අප රටේ එවැන්නක් තිබුණේ නැත. සැබෑ ලෙසම නීතිමය රාමුවක් තුල සේනක බිබිලේ ප‍්‍රතිපත්තියක් පුළුල්ව ක‍්‍රියාත්මක වන්නේ බංගලා දේශයේය. අප කොහොමත් අපේ මිනිසාගේ දේ අගය කිරීමට මැලිවන ජාතියක් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. හැත්තෑව දශකයේදී සේනක බිබිලේ මූලධර්ම මත පදනම්ව එවකට පැවති රජය යම් ප‍්‍රතිපත්තිමය තීන්දු ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කලද නිශ්චිත ප‍්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවෙන් අනුමත කලේ නැත. කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව බිහිවන්නේ ඒ ප‍්‍රතිපත්තිමය තීන්දු අනුවය. ඊට අමතරව අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් නීතිමය රාමුවක් යටතේ නොවුනත් යම් පමණකට ක‍්‍රියාකත්මක විය. ඒවා එසේ සිදුවූයේ එදා රජයේ මූලික දේශපාලන ප‍්‍රතිපත්තිවලට සහ ඒ කාලයේ රාජ්‍ය තන්ත‍්‍රය තුල තනතුරුදැරූ දියණු මිනිසුන්ට පින් සිදුවන්නටය. ඒ නිසා හිස් ලියවිල්ලකට බොරුවට සේනක බිබිලේ ලේබල් ඇලවීමට උඩගෙඩි නොදී සිටිනවා නම් එය කථා කරනවාට වඩා රටට හොඳ බව විජිත හේරත් මැතිතුමාට මතක් කර දිය යුතුය.
විජිත හේරත් මැතිතුමාලාට දේශපාලන වශයෙන් වරදින තවත් ප‍්‍රධාන කාරණයක් මතක් කර දීම අමනාපයට හේතුවක් නොවනු ඇතැයි අපි සිතමු. එතුමන්ලා සෑම විටම කොක්ක පටලවා ගන්නේ දේශපාලකයන් සමඟ පමණි. දේශපාලකයන්ට ලණු දෙන ඔවුන් කැලෑ පාරේ රැුගෙන යන ආර්ථික ඝාතක නිළධාරී පැලැන්තිය පිළිබඳව ඔවුන් වචනයක්වත් කතාකරන්නේප නැත. සමහර විට එය දේශපාලන උපක‍්‍රමයක්ද විය හැකිය. නිළධාරීන්ගේ ලණු කකා ඔහොම යං කියා යන එක දේශපාලන වශයෙන් වාසි සහගත බවඑතුමන්ලා සිතා සිටිනවා විය හැක. දේශපාලකයන් අහිංසක නිර්දෝෂී පිරිසක් බව අප කියන්නේ නැත. නමුත් අද ලෝකය පුරා යළි යටත් විජිතකරන ක‍්‍රියාවලිය උපායමාර්ගික දිශාවට රැුගෙන යන්නේ තෝරාගත් ආර්ථික ඝාතක නිළධාරීන් පිරිසක් විසිනි. දේශපාලකයන් වෙරිකාරයන් මෙන් එහේ මෙහේ විසි වෙවී හෝ නිළධාරීන් තෝරා දෙන පාරේ යනවා නම් අධිරාජ්‍යවාදීන්ට ගැටළුවක් නැත. දේශපාලකයන් කරන්නේ අපායට යන පාරේ දෙපස මල් සිටුවා ‘පොට් හෝල්’ වහන එකය. විජිත හේරත් මැතිතුමන්ලාද අඩු වැඩි වශයෙන් කරන්නේ එයම බව කණගාටුවෙන් වුවත් කිව යුතුය. පරණ මාක්ස්වාදී පොතපතේ මේ නව තත්වයන් ගැන විග‍්‍රහයක් නොමැති නිසා විජිත හේරත් මැතිතුමන්ලාට එම තත්වය තේරුම් ගැනීමට අපහසු බව අපට තේරුම් ගත හැක.
අද සෞඛ්‍ය අමාත්‍යංශයේද දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉහත කී ආර්ථික ඝාතක භූමිකාවන් ඉටුකරන නිළධාරීහුද සිටිති. එම අමාත්‍යංශ මූලස්ථානයේ මිදුල දෙස ඞීන්ස් පාරෙන් එබී බැලූවහොත් සිතෙන්නේ ඒ තරුපහේ හෝටලයක් හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කාර්යාල භූමියක් කියාය. ඒ තරමටම නවීන සුවපහසු වාහන පෙරහැරක් එහි නතර කොට ඇත. ඒ නිළධාරී මහත්වරු ජාත්‍යන්තර ණය දෙන ආයතනවල පිහිටෙන් සුවපහසුව ගමන් ගියාට මේ රටේ බහුතරයක් බෞද්ධ මහජනයාට ඉරිසියාවක් උපදින්නේ නැත. නමුත් ඔවුන්ට දුකක් ඇතිවනුයේ මීට අවුරුදු 30-40 කට පෙර සිටි නිළධාරී පරම්පරාව (පැරණි ජීප් කබල්වල නැඟී ඉතා දුෂ්කර තත්වයන් යටතේ ගම් දනව් වල සැරිසරමින්* ඉටුකල මෙහෙයට අලගු තැබීමටවත් නූතන නිළධාරී පන්තියට නොහැකි වීම පිළිබඳවය. එසේ යම් කාලයක ඌව පළාතේ විශාල මෙහෙයක් ඉටුකල වර්තමාන අධ්‍යක්‍ෂ ජනරාල් තුමාද කේලාම් දඬුකඳේ ගසා වැඩ නොගන්නා තත්වයට පත් කොට ඇත. එදා සිටි පැරණි පරම්පරාවේ පුරුකක් වන එතුමා පැත්තකට කිරීම පිටුපස සිටින නිළධාරීන් කවුරුන්ද කියා සොයා බලන්නේ නම් ඖෂධ ත‍්‍රස්තවාදයේ ගරිල්ලා සටන් කරුවන් හඳුනාගැනීමට හැකිවනු ඇත. අද එතුමා සිටින තත්වය අනුව ඖෂධ ත‍්‍රස්තවාදයට යටත්වේද නැද්ද යන්න පිළිබඳව අපට සහතිකයක් දිය නොහැක. එහෙත් ඖෂධ ත‍්‍රස්තවාදය මඩින්නේ කෙසේදැයි එතුමා ඉතා හොඳින් දන්නා බව අපි දනිමු.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වන විට ඖෂධ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට තමා සූදානම් බව රටට ප‍්‍රකාශ කොට ඇත. ඊට ඇති ප‍්‍රධාන බාධකය ඊනියා ප‍්‍රතිපත්ති හදන ආර්ථික ඝාතක නිළධාරීන් බව අපගේ පිළිගැනීමයි. ඒ නිසා විජිත හේරත් මැතිතුමන්ලා මේ රටේ ජනතාවට යම් ආදරයක් ඇත්නම් කල යුත්තේ ඖෂධ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නිශ්චිත උපායමාර්ග හඳුනාගත් ප‍්‍රතිපත්තියක් ගෙන එන ලෙස සෞඛ්‍ය අමාත්‍ය තුමාට අභියෝග කිරීමයි. ඒතුමා ඒ අභියෝගය බාරගන්නවා නම් දේශපපාලන කුහකකමින් තොරව එතුමාට සහාය දිය යුතුය. එතුමා එසේ කරන්නේ නැති නම් බොරු සිල්ලර සටන්පාඨ මත නැහෙන තම වෘත්තිය සමිතිවලට ඇත්ත සටන අතට ගන්නා ලෙස උපදෙස් දිය යුතුය. (දිගු කාලයක් තම ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් පමණක් සටන් කරමින් සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන්ට පොදු මහජන සටනක් අතට ගැනීමට ධෛර්යයක් තිබේද යන්න අපි නොදනිමු) එසේ නැතිව පුස් වෙඩිල්ලකට බොරුවට සේනක බිබිලේ ලේබල් ඇලවීම මඟින් සැබෑ ලෙසම සිදුවන්නේ ඖෂධ ත‍්‍රස්තවාදය පොෂණය කිරීමකි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
Thursday, 4 November 2010
"අප ඉදිරියේ තිබෙන්නේ හැදෙන්ට නියමිත රටක්" - විමල්
අපේ රට අතීතයේදී කැඩෙන්නට නියමිතව, බෙදෙන්නට නියමිතව, වැනසෙන්න නියමිතව තිබූ රටක් බවත්, එහෙත් අද වන විට අපේ මාතෘභුමිය ඒ කෲර ඉරණමින් නිදහස්වී නැගෙන්න නියමිත රටක්, හැදෙන්න නියමිත රටක් බවට පරිවර්ථනය වී ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අප විසින් ඉතා පැහැදිළිව එම පරීච්ඡේද දෙකෙහි වෙනස හදුනාගත යුතුව ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා බෙදෙන්ට, වැනසෙන්ට මේ රට නියමිතව පැවති යුගයේ අපේ සිත්තුල මව්බිම පිළිබඳ සුභ වාදී බලාපොරොත්තු ඉතිරිවී නොපැවති බවද, තැන තැන බෝම්බ පිපිරෙණ විට, මිනිසුන් බල්ලන් බළලූන් මෙන් මැරී වැටෙන විට, පත්තර පිටු හැමදාම මරණ දැන්වීම් වලින් පිරීයන විට, රටේ ආර්ථික සම්පත් කුණුකොල්ලයට විකිනෙන විට රටේ ජනතාවට අළුතින් දල්වා ගැනීමට සුභවාදී අපේක්‍ෂාවන් ඉතිරිවී නොපැවති බව සඳහන් කළේය. එහෙත් එ් යුගයේ ජනතාවගේ සිත් තුළ ශි‍්‍ර ලංකාව පිළිබඳ පැවති කලකිරීම වේදනාව අද වන විට මිනිස් සිත් තුළින් ගිලිහී ගොස් ඇතැයි කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ පසුගියදා, මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ණය හා සින්නක්කර ඔප්පු ප‍්‍රදානය සඳහා එක්වෙමිනි. මහනුවර ළමා පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුනේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වන අතර එහිදී සින්නක්කර ඔප්පු 42 ක්ද ,චෙක්පත් 100 හා ප‍්‍රදාන පත‍්‍ර 118 ක් ද අමාත්‍යවරයා විසින් බෙදා දෙනු ලැබීය.
www.lankacnews.com
04.11.2010
Monday, 1 November 2010
War Crimes Inquiry for Iraq.
Ira de Silva London,, Canada
Ms. Navi PillayHigh Commissioner for Human Rights
Geneva.
Geneva.
cc: Hon. Ban ki Moon, Secretary General of the U.N., New York
Dear Madam,
I have just read a news report dated October 26,2010 in which it is claimed that after the publication of the documents by Wikileaks and the press reports of thousands of civilians being deliberately targeted and killed by U.S. British and Iraqi forces you have urged the U.S. and Iraq to investigate allegations of torture and unlawful killings in Iraq. It states that you are concerned that serious breaches of international human rights have have occurred in Iraq. I am writing to you to inquire why you have adopted a double standard and taken this timid approach towards the U.S. and Britain in comparison to your aggressive, accusatory, one sided and judgemental attitude towards allegations of civilian deaths in Sri Lanka in the last stages of Sri Lanka’s struggle to eliminate the leadership of the most ruthless, confirmed terrorists, namely the Tamil terrorists called the Liberation Tigers of Tamil Eelam.
It is accepted that as a Tamil from South Africa, a country that was supportive of the LTTE, funded their terrorist activities in Sri Lanka and were part of the organized demonstrations in May 2009 to save the terrorist leadership, that you felt the loss of the leadership of the LTTE as did many thousands of other supporters of the LTTE and expressed your sorrow by immediately bringing a resolution at the UN in Geneva, supported by the western governments, who had a vested interest in the continuation of Tamil terrorism to destabilise Sri Lanka. With the publication of documents from the U.S. government files, they are no longer “allegations” but confirmation of torture and unlawful killings of civilians in Iraq. If you are not biased and partial, why have you not immediately called for a war crimes inquiry in Iraq instead of merely asking the culprits to investigate themselves? Is the UN not expected to be impartial and treat all member states in the same manner?
One other point of difference in your attitude towards the U.S. and Britain is that you are urging the U.S. to investigate these allegations while in the case of Sri Lanka you, at the behest of the western powers, brought a resolution against Sri Lanka in Geneva. When that failed you refused to accept the verdict and wanted to bring in another resolution – such was your vindictiveness towards Sri Lanka. It was followed by the insistence of a U.N. panel being set up to investigate alleged violations of human rights and humanitarian law in Sri Lanka even though in doing so the Secretary General was clearly exceeding his powers as prescribed per Chapter XV of the UN Charter where the limits of his authority are specifically defined in Articles 97 and 98. The Charter clearly provides that the Secretary General shall perform such functions as are entrusted to him by the General Assembly, the Security Council and other subsidiary bodies such as the Human Rights Council but does not have the authority to act on his own. He nevertherless appointed a three member panel. As you are the Commissioner for Human Rights, it could be argued that you should immediately set up an inquiry to support the Secretary General and carry out the job that you are supposed to do instead of asking the US to investigate itself. The U.S. had all this information compiled for years, denied having it, rejected reports from other groups and claimed that they were acting within the framework of international law yet you are still expecting them to investigate themselves! It exhibits a subservience to the west and a colonial, biased, racist mentality which has no place at the UN. You are urging the U.S. to investigate itself but both you and the Secretary General scoffed at the notion that the panel set up by the Sri Lankan government would be of any use. It was claimed that it had to be from outside the country to be “independent” – well the same rules apply in this case too. Once more this exposes the double standards being followed by the U.N. and articulated by you.
The question that Sri Lankans have for you and also for the Secretary General, is when are you going to set up an investigation into the human rights violations and war crimes in Iraq which even the British now state was an illegal war? In the case of Sri Lanka it was a legitimate war on terrorists within the country, not an illegitimate invasion by foreign forces. If you do not do so immediately it could be inferred that in the case of Sri Lanka you were prejudiced and vindictive based on your personal agenda and that you yourself should be called to account for not performing your dutires in accordance with the mandate you have been given as the Commissioner for Human Rights – which means the rights of all humans and not a select few which included those of Tamil terrorists.
Looking forward to your statement of the establishment of a commission of inquiry by you into the allegations of the deliberate killing of civilians, rape, torture and other atrocities in Iraq.
Yours truly,
Ira de Silva
London,, Canada
www.lankaweb.com
29th October 2010
Sunday, 24 October 2010
යුධ හමුදාවෙන් වගා සංග‍්‍රාමයක්.
යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වගා සංග‍්‍රාමයක් ආරම්භ කිරීමට යුද හමුදා මූලස්ථානය සූදානම් වෙයි. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සඳහන් කළේ මඩකලපුව වාකරේ කන්දල්කාඩු ප‍්‍රදේශයේ හෙක්ටයාර් 5000ක කෙසෙල් වගා කිරීමට නියමිත බවයි. හෙක්ටයාර් 900ක වගා කෙරෙන කෙසෙල් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටිති. ඒ සඳහා වූ ගිවිසුම්ද අත්සන් කර ඇත. එම පෞද්ගලික සමාගම අයත් වන්නේ මුත්තයියා මුරලිදරන්ට සහ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහට බව යුද හමුදාපතිවරයා අනාවරණ කළේය. වසර 10ක් පුරා අස්වැන්න මිලදී ගැනීමට එම සමාගම සූදානම් බව පැවසේ. නිෂ්පාදනය කරන කෙසෙල් විදේශීය රටවලට අපනයනය කරනු ඇති. යුද හමුදා සාමාජිකයන් සහ පුනරුත්ථාපනය ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදා ගනිමින් මෙම වගා සංග‍්‍රාමය ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා කියා සිටියි.
www.lankacnews.com
24.10.10
Saturday, 23 October 2010
Campus rebels in remand seek pardon from SB.
A group of 21 University students, who, along with hundreds of others, stormed the Ministry of Higher Education premises at Ward Place last Thursday and allegedly caused damage to the properties there, has written to Minister S. B. Dissanayake’s seeking pardon.
Arrested and produced in courts by the police, they were remanded. Their parents met President Mahinda Rajapaksa on Tuesday and requested that they be pardoned.
Higher Education Minister S. B. Dissanayake said yesterday that the students had individually written to him seeking his intervention and pardon. They had apologized to him for what happened and asked for pardon, he said. There had been no pressure on the students to do so.
Blaming the JVP for student agitations, Minister Dissanayake said that the JVP was using the students in a’ desperate bid’ to destabilisee the country.
In their letters, the students had said the JVP hierarchy had led them into the Higher Education Ministry premises on the pretext of obtaining their signatures to a petition and they had not been aware of the JVP’s plans.
The Minister said that the JVP had misled innocent students to achieve its political goal.
by Norman Palihawadena
www.island.lk
24th October 2010
Thursday, 21 October 2010
Subscribe to:
Posts (Atom)