Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 30 December 2009

ජනතා විමුක්ති පෙරමුණ දකින දූෂිතම රජය
Posted on December 28th, 2009

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ශ්‍රී ලංකාවේ බිහිවූ දූෂිතම රජය, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය උසුලන මේ පවතින රජය බව වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ මේ රට පුරා ප්‍රචාරය කරමින් සිටී. මෙතෙක් කල් අප සිතා සිටියේ අපගේ ජීවිත කාලය තුලදී අප දුටු හොදම රජය අද පවතින රජය ලෙසයි. සමහර විට අපට වැරදිලා විය හැක. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන නිසාම, ඒ පක්ෂයේ ක්‍රියාකාරිත්වය හා සම්පාතව සත්‍යය සොයා අපි යමු.

ජනතා විමුක්ති පෙරමුණේ උපත 1965දී සිදුවිය. අපි එතනින් පටන් ගනිමු.

1965-1970 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.

1969 දී රෝහණ විජේවීර මහතා හා එවකට පොරමඩුල්ල මධ්‍යම මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු වූ සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.

1970-1977 රජය හා ජනතා විමුක්ති පෙරමුණ.

1971 අප්‍රේල් සංහාරය ආරම්භ කර තරුණ තරුණියන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. 30,000 කට ආසන්න
සංඛ්‍යාවක් වද බන්ධන යටතේ සිරගත කරන ලදී.

1977-1994 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. 60,000කට අධික සංඛ්‍යාවක් තරුන තරැණියන් සමූලඝාතනය කර දමන ලදී. ඔවුනගේ සියලූම නායකයින් ඝාතනය කර දමන ලදී.

1994-1999 දක්වා වූ රජය හා ජනතා විමුක්ති පෙරමුණ.

දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවන් සිදු නොවීය.

1999-2005 දක්වා වූ රජයන් හා ජනතා විමුක්ති පෙරමුණ.

දේශපාලන කටයුතු කරගෙන යාමට විශේෂිත බාධාවක් සිදු නොවීය.

2004 රජය තුල ආමාත්‍යය ධූරයන්ද දරන ලදී.

2005 සිට මේ දක්වා වූ රජය.

ජනාධිපතිතුමා කීපවරක්ම ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර
ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කලද ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. දේශපාලන කටයුතු කිරීමට විශේෂිත බාධාවක් සිදු කර නැත. මේ අනුව පොදු සාධකය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය යන්න ලෙස සැලකුව හොත් දූෂිතම රජය ලෙස හැදින්වෙන්නේ; ජනතා විමුක්ති පෙරමුණට රජයට සමිබන්ධවී අමාත්‍ය ධූර ලබාගෙන රටට සේවය කිරීමට ආරාධනා කල වර්තමාන රජයයි. එම නිසා අප වෙනත් පොදු සාධකයක් ගනිමු. රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශ කර බලමු.

1965-1970 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම

මෙම වකවානුව තුලදී විශේෂිතව, ප්‍රතිපත්තියක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1970-1977 රජය හා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.

මෙම වකවානුවේදී රාජ්‍ය අංශය ශක්තිමත් කරන ලදී.

1977-1994 දක්වා වූ රජය රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත්ක්‍රියා මාර්ගය.

මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.

1994- 2005 දකවා වූ රජයන් රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.

මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කිරීමයි.

2005 සිට මේ දක්වා වූ රජය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව ගත් ක්‍රියා මාර්ගය.

මෙම රජය සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපල පෞද්ගලික කරණය කරණවාට එරෙහිවූ රජයකි.

(අ) මෙම රජය ආරම්භයේ සිටම ගරා වැටී තිබුණ ලංකා ගමනා ගමන මණඩලය නගා සිටවන ලදී.

(ආ) දුම්රිය සේවාව පණ ගන්වමින් සිටී.

(ඇ) රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගන්නා ලදී.

(ඈ) ස. තො. ස. යලි පිහිටුවා පණ ගන්වමින් සිටී.

මේ අනුව පොදු සාධකය රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් මහා වටිනා කාර්ය භාරයන් රාශියක් කල මේ රජයටය. මෙයද විය නොහැක්කකි. එබැවින් කොටි සංවිධානය හා සටන් වැදීම පොදු සාධකය ලෙස ගෙන මේ රජය කල දූෂණය සොයා ගන්නට වෙර දරමු.
මේ අනුව,

1965-1970 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම

මෙම වකවානුව තුලදී මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1970-1977 රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම

මෙම වකවානුවේදී ප්‍රබල කොටි ක්‍රියාකාරකම් සිදු නොවීය.

1977-1994 දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.

මෙම රජයේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය විනාශ කල යුතුය යන්නයි. නමුත් ඉන්දියාව ඒ සදහා ඉඩක් නොතබන ලදී.

1994- 2005 දකවා වූ රජයන් හා කොටි සංවිධානය හා සටන් වැදීම.

මෙම රජයන්ගේ ප්‍රතිපත්තිය වූයේ කොටි සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි..

2005 සිට මේ දක්වා වූ රජය හා කොටි සංවිධානය හා සටන් වැදීම.

සටන් කර කොටි සංවිධානයේ සන්නද්ධ අංශය මෙරට තුල පරාජය කරන ලදී.
මේ අනුව පොදු සාධකය කොටි සංවිධානය හා සටන් වැදීම. යන්න ආදේශකර සැලකුව හොත් ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම රජය ලෙස හදුන්වන්නේ;ඉහත සදහන් වසර 30 කට අධික කාලයක් මෙරට ජනතාව පෙලූ කාර්ය භාරයන් සාර්ථකව නිම කල මේ රජයටය.
එබැවින් අපි බලන දෘෂ්ඨියෙන් ඔවුන් කියන දේ වටහා ගැනීම ඉතා අපහසුය. අපි අපේ දේශපාලන ඉතිහාසය ගවේශණය කොට මොවුන් කියන දූෂණය කුමක්දැයි සොයා බලමු.

(අ) 1956 බලයට පත් බණ්ඩාරනායක මහතා වරාය ජනසතු කරන අවස්ථාවේදී එතුමා දූෂිත රාජ්‍ය පාලකයකු බව වරාය හිමිව සිටි සමාගම් වල පාලකයින් පලකලහ.

(ආ) බස් ජනසතු කල අවස්ථාවේදී බස් මුදලාලිලා එතුමාට එසේ චෝදනා කලහ.

(ඇ) 1960 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, සැමට සම අධ්‍යාපනයක් දීමේ
අරමුණින් පාසල් රජයට පවරා ගන්නා අවස්ථවේදී ඒ පාසල් හිමිව සිටි සමහරක් ආයතන ප්‍රධානීන් ඇය දූෂිත කාන්තාවක් බව ප්‍රකාශ කලහ.

(ඈ) එතුමිය තෙල් සමාගම් ජනසතු කල අවස්ථාවේදී මුලු බටහිර ලෝකයම එම චෝදනාවට අමතරව මෙරටට ආර්ථික සම්බාධකද පැන වූවාය. ඒ අනුව අමෙරිකානු පාන් පිටි මෙ රටට එවීම නතර කර දැමූහ. තවද පාසල් දරැවන්ට ලබාදුන් කිරි ලබාදීමද නවතා දමන ලදී.

(ඉ)1970 බලයට පත් සිරිමා බණ්ඩාරණායක මහත්මිය, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ තමාගේ ඉඩම් ඇතුලුව ඉඩම් අක්කර ලක්ෂ ගනනක් රජයට පවරා ගත් අවස්ථාවේද ඇයගේ රජය දූෂිත රජයක් බව පතල කලහ.
මෙම ‍ඉතිහාස ගත කරුණු අපට උදව් කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රජයට දූෂිත රජයක් යයි පවසන්නේ කුමන දෘෂ්ඨි කෝණයෙන්ද කියා.

බටහිර අධිරාජ්‍යවාදී සතුරා, එක්සත් ජාතික පක්ෂය හා කොටි සංවිධානය එසේ පවසන වරක් පාසා මේ රජයේ නිවෑරදි භාවය තීව්‍රව පෙනෙන අතර, ජනතා විමුක්ති පෙරමුණ එම චෝදනාව පවසන වරක් පාසා මෙතෙක් කල් ජනතාව අතර සිටි ගෝනි බිල්ලා නිරාවරණය කරයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

No comments:

Post a Comment