Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 24 October 2010

යුධ හමුදාවෙන් වගා සංග‍්‍රාමයක්.

යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වගා සංග‍්‍රාමයක් ආරම්භ කිරීමට යුද හමුදා මූලස්ථානය සූදානම් වෙයි. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සඳහන් කළේ මඩකලපුව වාකරේ කන්දල්කාඩු ප‍්‍රදේශයේ හෙක්ටයාර් 5000ක කෙසෙල් වගා කිරීමට නියමිත බවයි. හෙක්ටයාර් 900ක වගා කෙරෙන කෙසෙල් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටිති. ඒ සඳහා වූ ගිවිසුම්ද අත්සන් කර ඇත. එම පෞද්ගලික සමාගම අයත් වන්නේ මුත්තයියා මුරලිදරන්ට සහ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහට බව යුද හමුදාපතිවරයා අනාවරණ කළේය. වසර 10ක් පුරා අස්වැන්න මිලදී ගැනීමට එම සමාගම සූදානම් බව පැවසේ. නිෂ්පාදනය කරන කෙසෙල් විදේශීය රටවලට අපනයනය කරනු ඇති. යුද හමුදා සාමාජිකයන් සහ පුනරුත්ථාපනය ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදා ගනිමින් මෙම වගා සංග‍්‍රාමය ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා කියා සිටියි.
www.lankacnews.com
24.10.10

Saturday 23 October 2010

Campus rebels in remand seek pardon from SB.

A group of 21 University students, who, along with hundreds of others, stormed the Ministry of Higher Education premises at Ward Place last Thursday and allegedly caused damage to the properties there, has written to Minister S. B. Dissanayake’s seeking pardon.

Arrested and produced in courts by the police, they were remanded. Their parents met President Mahinda Rajapaksa on Tuesday and requested that they be pardoned.

Higher Education Minister S. B. Dissanayake said yesterday that the students had individually written to him seeking his intervention and pardon. They had apologized to him for what happened and asked for pardon, he said. There had been no pressure on the students to do so.

Blaming the JVP for student agitations, Minister Dissanayake said that the JVP was using the students in a’ desperate bid’ to destabilisee the country.

In their letters, the students had said the JVP hierarchy had led them into the Higher Education Ministry premises on the pretext of obtaining their signatures to a petition and they had not been aware of the JVP’s plans.

The Minister said that the JVP had misled innocent students to achieve its political goal.

by Norman Palihawadena
www.island.lk
24th October 2010


Wednesday 20 October 2010

බහුජාතික පාන්පිටි සමාගම සැඟවී පහරදීම අරඹයි

doctot--dsoller

පිටි සමාගමට කඬේයන දොස්තරලාට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ දැඩි විරෝධය

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝ නොවන රෝගී අංශයේ අධ්‍යක්‍ෂ පාලිත කරුණාපේ‍්‍රම මහතා විසින් පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්ති විකාශයකදී වෙළඳපලේ ඇති සහල්වල ගුණාත්මකභාවය ගැන කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමක් සහිත මාධ්‍ය නිවේදනයක් දේශිහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇත. සුළු සංශෝධන සහිතව එම නිවේදනය මෙහි දැක්වේ.
තිරිඟු පිටි වල ග්ලසරීන් දර්ශකය සීනි තරම්ම ඉහල අගයක් ගන්නා බවත්, ඒ නිසා තිරිඟු පිටි දීර්ඝ කාලයක් භාවිතා කිරීම දියවැඩියා රෝගයට හේතු විය හැකි බවට ඇති තරම් වෛද්‍ය සාක්‍ෂි ඉදිරිපත් වී ඇත. එසේ තිබියදීත් උවමනාවට වඩා පොලිෂ් කල සහල් වලිනුත් දියවැඩියාව සෑදෙන බවට පර්යේෂණ සාක්‍ෂි නොමැතිව හිතුමතේට ප‍්‍රකාශ නිකුත් කිරීමට වෛද්‍යවරු දෙතුන් දෙනෙක් සූදානම් වී ඇත. සහල් උවමනාවට වඩා පොලිෂ් කල විට එහි ගුණාත්මක තත්වය අඩුවන බව අප දන්නේ වසර 3000කට පෙර සිටය. තිරිඟු පිටි පිළීබඳව වචනයක්වත් කතා නොකරන මෙම වෛද්‍යවරු හදිසියේ නින්දෙන් අවදිවී සහල් පරිභෝජනයට පහර ගසන්නේ කාගේ උවමනාවටදැයි ඉතා පැහැදිලිය. ඔවුන්ගේ සහල් විරෝධය හදිසියේ මතු කරන්නේ රට පුරා ප‍්‍රභල තිරිඟු පිටි විරෝදයක් මතුවන අවස්ථාවකදීය. පසුගිය දිනවල තිරිඟුපිටි මිල වැඩි කිරීමෙන් ඔවුන්ගේ ලාභයට අමතරව එකතුවන මුදල රුපියල් බිලියන 6-8 ත් අතර ප‍්‍රමාණයකි. එවැනි තත්වයක් තුල වෛද්‍යවරු දෙතුන් දෙනෙකු පමණක් නොව දහස් ගණනින් වුවද මිළදී ගැනීමට එම කුප‍්‍රකට බහුජාතික සමාගමට හැකියාව ඇති බව රහසක් නොවේ.
මේ උගුලේ හසුවූ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්‍ෂ පාලිත කරුණාපේ‍්‍රම වෛද්‍යවරයාට අපේ දැඩි විරෝධය පල කරමු. මෙම අධ්‍යක්‍ෂකවරයා පාන්පිටි සමාගමේ උවමනාව වෙනුවෙන් පොළඹවාගෙන ඇත්තේ කවදත් රටට හතුරු මෙහෙයුම්වල තිරය පිටුපසින් සිටින පෞද්ගලික රූපවාහිනී නාලිකාවකි. එම මෙහෙයුමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වන්නිනායක නමැති මාධ්‍ය නිළධාරියා අදාල සම්බන්ධීකරණ කටයුත්ත සිදුකර ඇත. මේ තීරණාත්මක මොහොතේ විවිධ මාධ්‍ය හරහා සිදුවන සියුම් කුමන්ත‍්‍රණයන්ට ගොදුරු නොවී පාන්පිටි ත‍්‍රස්තවාදයට එරෙහි මව්බිමට ආර්ථික සමෘද්ධිය කැන්දන ජාතියේ මහා සංවාදය තියුණු ලෙස, ප‍්‍රබල ලෙස පණගන්වන ලෙස දේශමාමක ප‍්‍රගතිශීලී සියළු ශ‍්‍රී ලංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.
www.lankacnews.com
20 October 2010
දේෂහිතෛශී, ඔබලා දන්නවාද..? ලංකවේ විශ්ව විද්‍යාල වල සිසුන්ව ජ.වි.පෙ. හරහා උත්ඝෝෂණ වලට පොළඹවන්නේ සිංහගපූරුව හරහා ක්‍රියාත්මක වන සංවිධාන ජාලයක් විසින් බව, මේ සඳහා සිංගප්පූරු රජයේ අනුග්‍රහය නොමදව ලැබෙන බවත් ආරංචියි, කුමාර් ඩේවිඩ් සිංගප්පුරුවේ සේවය කරන මාහාචාර්ය වරයෙක් ලංකාවේ සිසුන්ට දේශනත් පවත්වලා තිබෙනවා මහින්දගේ දේශපාලනය, ඒකාදීපතිවාදයක් කරා ගමන් කරමින් තිබෙන බවට. මෙම දේශනයේ අරමුණ විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔළු වලට විෂබීජ දැමීමයි. තවත් පොරක් ඉන්නවා මහාචාර්ය රොහාන් ගුණරත්න කියලා, මිනිහට පැවරිලා තිබෙන කාර්ය ලංකාවේ ආරක්‍ෂක අංශ නොමඟ යැවීම‍‍‍. මිනිහත් සිංගප්පූරුවේ ඉඳන් බටහිරයන්ට කඩේ යන එකෙක්. තව දෙයක් අනුර කුමාරට මේ ළඟදී ඉතාලි ආපු වෙලාවේ දී විදේශ තනාපති කාර්යකින් භෝජන සංග්‍රහායක් දීලා තියෙනවා. ආරංචියේ හැටියට ඒ සිංගප්පූරු තනාපති කාර්යාලයේ දී යී. ප්‍රිමා සමාඟම සිංගප්පුරු කොම්පැනියක්. ඒ වගේම හම්බන්තොට වරාය නිසා අනාගතයේදී සිංගපුරුව විශාල ආරථික අර්බුදයකට යනු ඇතැයි කියා මත පළ වෙලා තිබෙනවා. සිංහප්පුරුවේ නාවුක අංශයේ ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ද්‍රවිඩයන්ටයි. මේ සියල්ලේන් පැහැඳිළී වන්නේ කුමක් ද..?