Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 16 June 2010

ශ්‍රී ලංකාවට එරෙයහි ඇමරිකානු මානව හිමිකම් නාඩගම,

"ඉරාකයට හා සර්බියාවට එරෙහිව ක්‍රියාකිරීමට ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අවසරය ගත්තේ නැහැ"

-ලුවිස්‌ ආබර්

මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරිම සඳහා ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ සහකාර සමන්තා පවර් සහ යුද අපරාධ පිළිබඳ ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ අධ්‍යක්‍ෂ ඩේවිඩ් ප්‍රේස්‌ටන් දැන් මෙරටට පැමිණ ඇත.

ඊළඟට පැමිණියේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලීන් පැස්‌කෝ යි. ඔහු ආවේද මානව හිමිකම් සහ යුද අපරාධ ගැන අසන්නටය.

ඉන් පසු සම්ප්‍රාප්ත වූයේ ප්‍රභාකරන්ගෙන් ස්‌වර්ණමය තිළිණයක්‌ ලබා ගත් ජපන් නියෝජිත යසුෂි අකාෂිය.

මානව හිමිකම් සහ යුද අපරාධ ගැන විමසීමට මෙරටට පැමිණීමට නොහැකිව ඇත්තේ රටින් පිටත ඊළාම් හොර ආණ්‌ඩුවේ ප්‍රධානි රුද්රකුමාරන්ට පමණි.

මේ හැර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ද ඊයේ විවාදයක්‌ පැවැත්විණි. මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ ගැන විමසීමට පැමිණි ඩේවිඩ් ප්‍රෙස්‌ටන් ඇමරිකානු හමුදාව සර්බියාවේත්, ඉරානයේ සහ ඇෆ්ගනිස්‌තානයේත් යුද අපරාධ ගැන විමසුවේ නැත.

ඉරාක රොයිටර් ඡායාරූප ශිල්පියා ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඝාතනය වීම ගැන විමර්ශනයක්‌ කළේ ද නැත. ගෙයක්‌ බාගෙට ගිනි තැබීමෙන් වැඩක්‌ නැතැයි ඇෆ්ගනිස්‌තානයේ සිටින ඇමරිකානු අණදෙන නිලධාරි මැන්ක්‍රිස්‌ටල් කළ ප්‍රකාශය ගැන ඔහුගෙන් නිදහසට කරුණු විමසුවේ ද නැත.

එහෙත් ඔහු මෙරටට පැමිණියේ කොටි ඝාතක සමාගම විනාශ වීමේදී යුද අපරාධ සිදුවූවේ ද යන්න විමසීමටය. යුද අපරාධ ගැන සොයන්නේ නම් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ද වගකිව යුතු වේ. ඇමරිකාවේ දකුණේ කැරැලිකරුවන්ට එරෙහිව ලින්කන් එදා "ලී" නමැති හමුදා නිලධාරියා ලවා සිදුකළ යුද්ධ මෙහෙයුමේදී ලක්‍ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් මරුමුවට පත්වුවද ලින්කන් යුද්ධය ජයග්‍රහණය කර උතුර - දකුණ එක්‌ කළේය. එදා ලින්කන් කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියා නොකළේ නම් අද ඇමරිකාව කියා රටක්‌ නැතැයි හිටපු ඇමැරිකානු රාජ්‍ය ලේකම්වරයකු වූ ලන්සින් වරක්‌ කියා සිටියේය.

ලින්කන් කැරලිකරුවන් මර්දනය නොකළේ නම් සමන්ත පවර්ට හා ඩේවිඩ් ප්‍රෙස්‌ටන්ට අද ඇමරිකාව කියා රටක්‌ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ඒමට ඉඩක්‌ ලැබෙන්නේ ද නැත. එහෙත් මේ අතීතය අමතක කළ ඇමරිකානු යාන්ත්‍රණය මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවෙන් කරුනු විමසීම හාස්‍යජනකය. ඊටත් වඩා හාස්‍යජනක සිද්ධිය නම් ජපන් හමුදාව නැන්චුන් සමූලඝාතනයට සම්බන්ධව සිවිල් වැසියන් බයිනෙත්තුවලින් ඇන මරද්දී යසුෂි අකාෂි ද ඇමරිකානු මානව හිමිකම් නාටකය පසුබිමින් මෙරටට පැමිණීමට ක්‍රියා කිරීමය.

ඇමරිකානු නියෝජිතයන්ගෙත් ලියෝ පැස්‌කෝගේත්, යසුෂි අකාශිගේත් අරමුණ වෙනත් කිසිවක්‌ නොව ඇමරිකානු ක්‍රමවේදය මත ශ්‍රී ලංකාව පවත්වා ගෙන යැමයි.

මෙයට පෙර පැවැති ආණ්‌ඩු ඇමරිකාව හමුවේ දණ ගැසීය. ඇමරිකානු හා බටහිර තානාපතිවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේ ද නැත. කොටින්ට එරෙහි මෙහෙයුම් නතර කරන්න යෑයි එම තානාපතිවරු ඉල්ලුවොත් එය ඉටු කිරීමට ද ක්‍රියා කළහ. එහෙත් ඇමරිකානු හා බටහිර ක්‍රමවේදය මෙවර ව්‍යාර්ථ විය.

මේ නිසා ඔබාමා තම නියෝජිතයන් එවමින් ශ්‍රී ලංකා රජයෙන් විමසීමට පෙර කොටි ඒජන්ත විශ්වනාදන් රුද්රකුමාරන්ගෙන් ප්‍රභාකරන් කළ අපරාධ ගැන විමසිය යුතුය.

ඔබමාගේ නියෝජිතයන් මෙරටට පැමිණීමට පෙර ඇමරිකානු තැපැල් බාලධාරීහු ඩොලර් ශත 44 ක කොටි මුද්දරයක්‌ ද ප්‍රකාශයට පත් කිරීමට ඉඩ දුන්හ.

මේ අන්දමටට අල්කයිදා සංවිධානයටත් මුද්දරයක්‌ ප්‍රකාශ කිරිමට ඔබාමා රජය ඉඩ දෙන්නේද?

ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ඇෆ්ගනිස්‌ථානයේ සිදුකරන ප්‍රහාර නිසා සිවිල් වැසියන් මියයන අතර රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් එම සිදුවීම ශෝකජනකයි යනුවෙන් මාධ්‍යවලට පවසා නිහඬ වෙයි. මේ සිදුවීම් ගැන විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු නියෝජිත සමන්තා පවර් හා ඩේවිඩ් ප්‍රෙස්‌ටන් ඇෆ්ගනිස්‌ථානයට ගොස්‌ ජනාධිපති කරාසිs හමුවී සාකච්ඡා කළේ නැත. එහෙත් මොවුන් මෙරටට පැමිණ ඇත්තේ යුධ අපරාධ ගැන විමසීමටය. කොටි සංවිධානය නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ නිරායුධ කර ඝාතනය කිරීමෙන් පසු පුළුස්‌සා දමද්දී ඇමරිකාව නිහඬව සිටියේය. ඊට වගකිවයුතු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගැනුනේ නැත. මේ නිසා ඇමරිකානු නියෝජිතයන්ගේත් ලියෝ පැස්‌කෝගේත් යසුෂි අකාෂිත් මෙරටට පැමිණ ඇත්තේ රෙදි ඇඳගෙනද යන්න විමසිය යුතුය.

අද මෙම බටහිර බලවේග වඩාත් කම්පාවට පත්වී ඇත්තේ කොටින් ඝාතනය වීමයි. තව වසර ගණනාවක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාව තුළ පවත්වා ගෙන යැමට නොහැකි වීම ගැන ඔවුහු දුක්‌වෙති. මේ නිසාම සාවද්‍ය යුද අපරාධ චෝදනා මත මෙරට රජයෙන් තොරතුරු විමසීමට ඉදිරිපත්වී ඇත.

මෙහිදී අතීතය ද සිහිපත් කළ යුතුය. ඇමරිකානු හමුදා ඉරාකයේ මෙහෙයුම් දියත් කරද්දී ඇමරිකානු තානාපතිව සිටියේ පැටිරිෂියා බුටේනිස්‌ය. ඇය අද මෙරට ඇමරිකානු තානාපතිවරියයි. ඉරාක සිවිල් වැසියන් 138000 ක්‌ මියගොස්‌ ඇති බව ඉරාක රජය මෑතකදී පවසා තිබිණි. එසේ නම් බුටේනිස්‌ ද ඊට වගකිව යුතු වේ.

මෙහිදී ඔබාමාගේ ක්‍රියා කලාපය ගැන ද විමර්ශනයට ලක්‌ කළ යුතුය. ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් වැසියන් ඝාතනය වීම යුද අපරාධ යෑයි නොකියන ඔබාමාට ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන් ගැන විමර්ශනය කළ හැකිද? යුද අපරාධ ගැන සොයන්නේ නම් ප්‍රභාකරන් වසර 30 ක්‌ තිස්‌සේ කළ බිහිසුණු අපරාධ ගැන සෙවීමට ඇමරිකාව ක්‍රිටා නොකළේ මන්ද ඔහු දුසිම් ගණන් සිවිල් වැසියන් බෝම්බ තබා ඝාතනය කරද්දී ඇමරිකාව කළේ එම සිදුවීම හෙළා දැකීම පමණකි.

මේ සම්බන්ධයෙන් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් වරක්‌ පැවසුවේ ඇමරිකාව තමන්ගේ වැඩ බලාගත යුතු බවයි. මේ අතර එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයකුව සිටි කොෆී අන්නන් ත්‍රස්‌තවාදියකු වූ කෞශල්‍යයන් ඝාතනය වීම ගැන වැලපුනේය.

මේ නිසා ඇමරිකාව රඟ දක්‌වන මානව හිමිකම් නාටකය පැහැදිලිය. මෙම නාටකයේ ප්‍රධාන නළුවා සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ය. පසුබිමේ සිsටින සහාය චරිත නම් ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් සහ නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් ය.

රොබට්‌ බ්ලේක්‌ දැන් මෙරට සෑම කටයුත්තකට මැදිහත් වේ. ශ්‍රී ලංකාවේ රජය කරන්නේ කුමක්‌ ද කියා බලමු යෑයි ඔහු විදේශ මාධ්‍යවලට කියා සිටියි

එසේම ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දීමට ද ඔහු ඉදිරිපත් වී ඇත. මානව හිමිකම් සහ යුද අපරාධ ගැන හඬ නැඟිය යුත්තේ ඊට සම්බන්ධ නොවූවන් ය. එහෙත් ලෝකයේ විශාලතම යුද අපරාධකරු හා මානව හිමිකම් උල්ලංඝනය කරන්නා ඇමරිකාවයි.

ඇමරිකානු රජය ඉරාකය ආක්‍රමණය කළේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයෙන් අවසරය නොගෙනය. සර්බියානු මෙහෙයුම ගැනත් අවසර ගත්තේ නැහැ යෑයි හිටපු මානව හිමිකම් කොමාසරිස්‌ ලුවිසේ ආබර් මෑතකදී පිළිගත්තාය.

එසේ නම් බරක්‌ ඔබාමාලාට හා ලියෝ පැස්‌කෝලාට ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත මර්දන මෙහෙයුම ගැන විමසීමට හිමිකමක්‌ තිබේද? මේ අතර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලියෝ පැස්‌කෝ වෙත සාවද්‍ය තොරතුරු යොමු කිරීමට එන්.ජී.ඕ. ක්‍රියාකාරිහු සූදානම් ඇතැයි වාර්තා විය.

යසුෂි අකාෂි ද මෙරට සය දිනක්‌ නතර වී සිටිනු ඇත. යුද අපරාධ සහ මානව හිමිකම් ගැන ක්‍රියා කරන්නේ නම් මුලින්ම ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන ආ යුත්තේ ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් වැසියන් ඝාතනය වීමට වගකිවයුතු බරක්‌ ඔබාමාගේ සිට බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා නෝර්වේ අගමැතිවරුන්ය.

කීර්ති වර්ණකුලසූරිය

By Courtesy of www.divaina.com
16th June 2010.

No comments:

Post a Comment