Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 4 November 2010

"අප ඉදිරියේ තිබෙන්නේ හැදෙන්ට නියමිත රටක්" - විමල්

අපේ රට අතීතයේදී කැඩෙන්නට නියමිතව, බෙදෙන්නට නියමිතව, වැනසෙන්න නියමිතව තිබූ රටක් බවත්, එහෙත් අද වන විට අපේ මාතෘභුමිය ඒ කෲර ඉරණමින් නිදහස්වී නැගෙන්න නියමිත රටක්, හැදෙන්න නියමිත රටක් බවට පරිවර්ථනය වී ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අප විසින් ඉතා පැහැදිළිව එම පරීච්ඡේද දෙකෙහි වෙනස හදුනාගත යුතුව ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා බෙදෙන්ට, වැනසෙන්ට මේ රට නියමිතව  පැවති යුගයේ අපේ සිත්තුල මව්බිම පිළිබඳ සුභ වාදී බලාපොරොත්තු ඉතිරිවී නොපැවති බවද, තැන තැන බෝම්බ පිපිරෙණ විට, මිනිසුන් බල්ලන් බළලූන් මෙන් මැරී වැටෙන විට, පත්තර පිටු හැමදාම මරණ දැන්වීම් වලින් පිරීයන විට, රටේ ආර්ථික සම්පත් කුණුකොල්ලයට විකිනෙන විට රටේ ජනතාවට අළුතින් දල්වා ගැනීමට සුභවාදී අපේක්‍ෂාවන් ඉතිරිවී නොපැවති බව සඳහන් කළේය.  එහෙත් එ් යුගයේ ජනතාවගේ සිත් තුළ ශි‍්‍ර ලංකාව පිළිබඳ පැවති කලකිරීම වේදනාව අද වන විට මිනිස් සිත් තුළින් ගිලිහී ගොස් ඇතැයි කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ පසුගියදා, මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ණය හා සින්නක්කර ඔප්පු ප‍්‍රදානය සඳහා එක්වෙමිනි. මහනුවර ළමා පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුනේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වන අතර එහිදී සින්නක්කර ඔප්පු 42 ක්ද ,චෙක්පත් 100 හා  ප‍්‍රදාන පත‍්‍ර 118 ක් ද අමාත්‍යවරයා විසින් බෙදා දෙනු ලැබීය.
www.lankacnews.com
04.11.2010

No comments:

Post a Comment