Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Tuesday 18 May 2010

මහ කොටියා මරා දමා වසරයි.

බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අවසන් කරමින් ශ‍්‍රී ලංකාව එක්සේසත් වී අද (18) දිනට වසරක් සපිරෙයි. වීරෝදාර රණවිරුවන් විසින් මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල් හි පිහිටි නන්දිකණ්ඩාල් කලපුවේ දී කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනය කිරීමත් සමග මුළු දිවයිනම සිංහ ධජය යටතට පත්විය.

යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේ අප්පා මහතා ඝාතනය කරමින් ප‍්‍රභාකරන් විසින් ආරම්භ කරන ලද ඝාතන රැල්ල හේතුවෙන් දහස් සංඛ්‍යාත අහිංසක සිවිල් වැසියන් පිරිසකගේ ජීවිත විනාශ විය. එපමණක් නොව තවත් දහස් ගණනක් දෙනා අබාධිත තත්වයට පත් වූ අතර විනාශ වී ගිය දේපළ වල වටිනාකම රුපියල් කෝටි ගණනකි. කොටි ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡ මාර්ගයෙන් ගැටලූවට විසඳුම් සෙවීමට බලයට පත් සෑම රජයක්ම උත්සාහ දැරූ නමුත් ත‍්‍රස්තවාදීන් එම සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගත්තේ ඔවුන්ගේ ප‍්‍රයෝජනය සඳහා පමණි.

කෙසේ වෙතත් 2006 වසරේ දී මාවිල්ආරු සොරොව්ව කොටි ත‍්‍රස්තවාදීන් විසින් වසා දැමීමෙන් පසු එය විවෘත කිරීම සඳහා ආරක්‍ෂක හමුදාවන් ආරම්භ කළ මානුෂීය මෙහෙයුම සාර්ථකව ඉදිරියට ම ගෙන යනු ලැබිණි. එහි ප‍්‍රතිඵල ලෙස නැගෙනහිර පළාතත් වන්නි මෙහෙයුම මගින් උතුරු පළාතේ පිහිටි සියලූ කොටි බලකොටුත් ආරක්‍ෂක හමුදාවෝ අත්පත් කර ගත්හ. ඒ අනුව 2009 වසරේ මැයි මස 18 වැනි දින මුළු ශ‍්‍රී ලංකාවම තිස් වසරක් පැවති ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ශාපයෙන් නිදහස් විය.

මාතෘ භූමිය ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා ක‍්‍රියා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්වරුන්ටත් ජීවිත පූජා කළ එමෙන්ම ආබාධිත තත්වයට පත් රණවිරුවන් ඇතුළු සියලූ වීරෝදාර රණවිරුවන්ට මේ මොහොතේ අපගේ ගෞරවණීය ප‍්‍රණාමය පුද කර සිටිමු.

By Courtesy of www.lankacnews.com
18th May, 2010.

No comments:

Post a Comment