Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Friday 14 May 2010

ඉන්දියාව ගැන ඇමති විමල්ගේ කණස්සල්ල.

13 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම සඳහා දින වකවානු තීරණය කිරීමට ඉන්දියාවට අයිතියක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක සහ නිවාස ඉංජිනේරු සේවා ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දීය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සහ බෙදුම්වාදය වැළැක්වීමට අදාළ නීති ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තම පක්‍ෂය දැඩි උනන්දුවෙන් කටයුතු කරන බව වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පියවර තුනක් යටතේ සිදු කරන බවත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම හා සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයක් ස්ථාපිත කිරීම එම අවස්ථා වන බවත්ය.

By Courtesy of www.lankacnews.com
14th May, 2010.

No comments:

Post a Comment