Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Tuesday 5 January 2010

''ෆොන්සේකා අවි සමාගම තිබී ඇත්තේ ඔහුගේ ගෙදරමයි''


සරත් ෆොන්සේකා මහතාට අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ග‍්‍රීන්කාඞ්පතේ සඳහන් ලිපිනයත්, ඒ මහතා වංචා සහගත ලෙස ගනුදෙනු සිදු කළ අමෙරිකානු සමාගමේ ලිපිනයත් එකම බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කෙළේය. හිටපු හමුදාපතිවරයාගේ නම සහිතව එහි සඳහන් ලිපිනය Gold Drive, Edmund o.k - 73012 බවත් ග‍්‍රීන් කාඞ්පත් අංකය A/055 - 090 - 192 බවත් ඒ මහතා පැවැසුවේය. හිටපු හමුදාපතිවරයාගේ අවි ගනුදෙනුව සම්බන්ධයෙන් සියලූ තොරතුරු සාක්කි සහිතව තමන් සතුව පවතින බවද එම ගනුදෙනුවේ ඇත්ත නැත්ත හෙළිකර ගැනීමට ඉදිරි පැය 24 ඇතුළත විවෘත සංවාදයකට පැමිණෙන ලෙසද විමල් වීරවංශ මහතා ෆොන්සේකා මහතාට අභියෝග කෙළේය.


මන්ත‍්‍රීවරයා මේ අදහස් ප‍්‍රකාශ කර සිටියේ මහවැලි කේන්ද‍්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

සරත් ෆොන්සේකා මහතා හෝ ඔහු නම් කරන වෙනත් නියෝජිතයකු මේ විවෘත සංවාදයට පැමිණිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඉකුත් දින 40 ක කාලයේ දේශපාලනයේ දී සිදුකළ දුෂණ පිළිබඳව නොව හමුදාපතිවරයා වශයෙන් සිටියදී සිදුකළ වංචා හා දුෂණ සම්බන්ධයෙන් ඉදිරි සතියේ රටට හෙළිකරන බවද හෙතෙම අවධාරණය කෙළේය. ජනතාවට තොරතුරු දැනගැනීමට පූර්ණ අයිතියක් තිබෙන බවද, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ෆොන්සේකා මහතා පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව දැනගත යුතු බව ද පැවැසූ හෙතෙම කියා සිටියේ ඡුන්ද දායකයා ඡුන්ද පොළට යා යුත්තේ තමා ඡන්දය ප‍්‍රකාශ කරන අපේක්ෂකයා පිළිබඳව සියලූ තොරතුරු දැනගත් පුද්ගලයකු ලෙස බවත් ය.

http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=474:2010-01-05-03-28-03&catid=1:latest-news&Itemid=50

No comments:

Post a Comment