Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 20 January 2010

මේ දෙමළ අන්තවාදී දේශපාලනයේ දෙවැනි මෙහෙයුමයි



පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික

විද්යා අංශයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ

දෙමළ ජාතික සංවිධානය මෙතෙක් අනුගමනය කළ ජනාධිපතිවරණ වර්ජන කිරීමේ පිළිවත අත්හැර මෙවර ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට ඉදිරිපත්ව සිටී.

ශ්රී ලංකාවේ දෙමළ දේශපාලනය පිළිබඳ ප්රාමාණිකයකු වන පේරාදෙණිය විශ්වවිද්යාලයේ දේශපාලන විද්යා අංශයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ දෙමළ ජාතික සංවිධානයේ මේ තීරණය පිළිබඳ කරන විග්රහයකි මේ.

දෙමළ ජාතික සංවිධානය මෑතකදී ගත් තීරණය එනම් මෙවර ජනාධිපති වරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ගත් තීරණය ඔබ විග්රහ කරන්නේ කොහොමද?

එම තීරණය දෙමළ ජාතික සංවිධානයේ තීරණය හැටියට හැඳින්වීම එතරම්ම නිවැරදි නැහැ. මන්ද දෙමළ ජාතික සංවිධානයේ ප්රකාශිත තීරණ තුනක් තිබෙනවා. දෙමළ ජාතික සංවිධානයේ කොටසක් වන ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම් නායකත්වය දෙන සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය තීරණය කර ඇත්තේ ජනපතිවරණය වර්ජනය කිරීමටයි. මෙය තමා දෙමළ ජාතිකවාදී දේශපාලනයේ ප්රධාන ධාරාව ජනාධිපතිවරණය සම්බන්ධව මෙතෙක් අනුගමනය කළ ප්රතිපත්තිය.

දෙවනුව දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන ෂිවාජිලිංගම් මේ වන විටත් ජනපතිවරණයට තරග කරනවා. පශ්චාත් නව යුද තත්ත්වය තුළ තම ක්රියාමාර්ග වෙනස් කළ යුතු බව ඔහු කල්පනා කරන බවක් මෙයින් පෙනෙනවා. සම්බන්ධන්ගේ කණ්ඩායම ගෙන ඇති තීරණය තෙවන තීරණයයි. එය නිල වශයෙන් දෙමළ ජාතික සංවිධානය ගත් තීරණය ලෙස පිළිගන්න පුළුවන්. මෙයින් පෙනෙන ප්රධාන කාරණය වන්නේ විශේෂයෙන් මේ පශ්චාත් යුද තත්ත්වයේදී දෙමළ දේශපාලනය ගත යුතු මග ගැන අද විශාල විවාදයක් ඇති වී තිබෙන බවයි.

දෙමළ ජාතික සංවිධානයේ මේ නිල තීරණය තුළින් ප්රකාශ වන්නේ කුමක්ද?

මගේ මතකය නිවැරදි නම් 1994 ජනාධිපතිවරණයේ දී හැර දෙමළ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ සම්බන්ධව ගත් තීරණය වූයේ ජනාධිපතිවරණ වර්ජනය කිරීමටයි. සමහර අවස්ථාවන්හි දෙමළ අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් දෙමළ එක්සත් ජාතික පෙරමුණ ඔවුනට සහයෝගය දැක්වූයේ නැහැ. එමෙන්ම ප්රධාන සිංහල පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙන් කිසිවකු සමග අනන්යවීම දෙමළ එක්සත් ජාතික පෙරමුණ ප්රතික්ෂේප කළා. මෙවර ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට ගත් තීරණය එම නිසා විශේෂ විවරණයකට ලක් කිරීම අවශ්යයි.

පශ්චාත් යුද තත්ත්වයේදී දෙමළ දේශපාලනය ගත යුතු මග ගැන අද විවාදයක් ඇති බව මා කලින් සඳහන් කළා. ඩග්ලස් දේවානන්ද, ධර්මලිංගම් සිද්ධාර්ථන්, විනයාගමුර්ති මුරලිදරන්, සිවනේසන් චන්ද්රකාන්තන්, මනෝ ගනේෂන් වැනි අය ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන ධාරාව තුළ ක්රියාත්මක වෙමින් දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීමට කටයුතු කළ යුතු බව කල්පනා කරනවා. කඳුකර දෙමළ ජනයා වෙනුවෙන් තොන්ඩමනුත් මුස්ලිම් ජනයා වෙනුවෙන් අෂ්රොෆුත් අනුගමනය කළ මාවත මෙයට සමානයි.

ශිවාජිලිංගම්, ආනන්ද සංගරී වැනි අය කල්පනා කරනනේ අලූත් ප්රජාතන්ත්රවාදී ඉඩකඩ යොදා ගනිමින් එහෙත් ස්වාධීන දේශපාලනයක් කළ යුතු බවයි. ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම් කල්පනා කරන්නේ පැරණි ආකාරයටම දෙමළ දේශපාලනය මෙහෙය විය යුතු බවයි.

දැන් මේ දෙමළ ජාතික සංවිධානයේ එනම් සම්බන්ධන් කණ්ඩායමේ නිල තීරණය අලූත් එකක්. එම තීරණයෙන් පෙන්වන්නේ ප්රධාන දේශපාලන ධාරාව තුළ ක්රියාත්මක වීමක් නොවෙයි. සම්බන්ධන් කණ්ඩායමේ මෙම තීරණය වඩාත් ආසන්න වන්නේ ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම්ගේ තීරණයටයි. මොකක්ද වෙනස? දෙමළ ජාතික සංවිධානයේ නිල තීරණය මෙතරම් ප්රමාද වුණේ ඇයි? ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම් කොටි සංවිධානයට ඉතා ආසන්නව සිටි පුද්ගලයා වන්න පුළුවන්. එහෙත් දෙමළ ප්රජාතන්ත්රවාදී සංවිධානය කොටි සංවිධානයේ වලිගයක් බවට පත්කළ සම්බන්ධන් අද තත්ත්වය තුළ ජනාධිපතිවරණ වර්ජන දේශපාලනය කිසිම වටිනාකමක් නැති උපායක් බව ඔහුට වැටහුණා ශක්තිමත් මිලිටරි බලයක් ඇති දෙමළ අන්ත ජාතිකවාදී සංවිධානයක් පවතින විට එවන් ප්රතිපත්තියක වැදගත්කමක් තිබෙනවා. අද වෙනත් උපායක් අවශ්යයි. දෙමළ ජාතික සංවිධානයේ මේ නිල තීරණය පෙන්වන්නේ දෙමළ අන්ත ජාතිකවාදී දේශපාලනය ඉදිරියට ගෙන යැමට අද තත්ත්වය තුළ කළ යුතු දෙයයි.

ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ තීරණය අතහැර දෙමළ ජාතික සංවිධානය සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් ඇයි මහින්ද රාජපක්ෂ මහතා ප්රතික්ෂේප කළේ. එය තුළ තිබෙන උපාය මාර්ගය කුමක්ද?

කොටි සංවිධානයට මෙවන් පරාජයක් අත්වේය කියල දෙමළ ජනයාගෙන් විශාල පිරිසක් බලාපොරොත්තු වුණේ නැහැ. අවසන් මොහොතේ හෝ බටහිර ජාතීන්ගේ මැදිහත් වීමකට මහින්ද රාජපක්ෂ ජනාධිපති යටවෙයි කියල දෙමළ ජාතික සංධානය කල්පනා කළා. අවසාන මොහොතේ ප්රභාකරන් ඇතුළු නායකත්වය ආරක්ෂා සහිතව ගැලවෙයි කියලත් ඔවුන් හිතුවා. මේ සියලූ බලාපොරොත්තු කඩවීම් සමග සමහර දෙමළ ජන කොටස් තුළ විශාල වෛරයක් ඇති වීමට එය හේතුවක් වීම ස්වභාවිකයි. මේ ඇතිවුණු වෛරය තුනී කොට ඔවුන් වෙනුවෙන් කිසියම් සහ ජීවන ක්රියාමාර්ගයක් අනුගමනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කළ දේ ප්රමාණවත් නෑ. රාජපක්ෂ ආණ්ඩුව හිතුවෙ සංවර්ධන කටයුතු වේගවත් කිරීමෙන් එය කළ හැකි බවයි. එය ප්රමාණවත් නෑ. අඩු තරමින් 13 වැනි සංශෝධනය හෝ සම්පූර්ණයෙන් ක්රියාවට නඟන්නට තිබුණා. දෙමළ ජනයා තුළ ඇති මේ වෛරය සිඳීයැමට ඉඩ නොදී එම වෛරී දේශපාලනය රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ආධාර කර ගැනීමට සම්බන්ධන් ප්රේමචන්ද්රන් නායකත්වය කල්පනා කළා. දෙමළ අන්ත ජාතිකවාදී දේශපාලනයේ උපාය ජය ගැනීමට මුලින්ම කළ යුත්තේ රට තුළ අලූතින් ඇති වුණු මේ දේශපාලන ස්ථාවරත්වය අවුල් කිරීමයි. එදා 2002 සටන් විරාම ගිවිසුම සමග ඇති වූ දේශපාලන ස්ථාවරත්වය කොටි සංවිධානයට උහුලන්න බැරිවුණා වගේ අද මේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් කල්ලියට උහුලන්න බැහැ. දෙමළ අන්ත ජාතිකවාදී දේශපාලනය පෙරට ගෙන යැමට අඩිතාලම දමන්නට පුළුවන් වන්නේ මේ දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීමෙන් විතරයි. මේ අවස්ථාවේ රජය වෙනස් කිරීම ඒ සඳහා ඔවුන්ට අත්යාවශ්යයි. විපක්ෂ සංධානයට ඔවුන් සහය දක්වන්නේ ඒ නිසයි. මේ විපක්ෂ සන්ධානය නිශ්චිත ප්රතිපත්තියක් නැති එකක්. සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ මෙන් නොව බටහිර ධනපති රටවලට හා බටහිර රාජ්ය නොවන සංවිධානවලට නතු කර ගත හැකි කෙනෙක්. ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්වීමට තීරණය කිරීමෙන් දෙමළ ජාතික සංධානය මේ ආරම්භ කර තිබෙන්නේ අන්තවාදී දෙමළ ජාතික දේශපාලනයේ දෙවන මෙහෙයුමයි.

නමුත් සම්බන්ධන් මහතා පුන පුනා කියා සිටිනවා. නේද මේ තීරණය ෆොන්සේකා මහතා දුන් පොරොන්දු මත ගත් එකක් නොවෙයි කියලා? එහෙම නම් මේ තීරණය රටේ ඒකීය භාවයට අනතුරක් වෙන්නේ කොහොමද?

අපි සම්බන්ධන් කියන දෙය ඇත්තය කියන තැනින්ම පටන් ගනිමු. දෙමළ ජාතික සංධානයේ සම්බන්ධන් පිලේ තීරණයේ භයානක කම තියෙන්නේ එතනයි. කිසියම් ගිවිසුමක් හා පොරොන්දුවක් ඇත්නම් ඉන් ඇති විය හැකි ප්රතිඵල ගැන අප දන්නවා. ඩග්ලස් දේවානන්දට, සිවනේසන් චන්ද්රකාන්තන්ට වගේ කිසියම් ගනුදෙනුවකින් තම ජන කොටසට අයිතීන් දිනා දෙන්න සම්බන්ධන්ට අවශ්ය නෑ. මම හිතන්නේ ඒක හොඳ දේශපාලන ක්රම වේදයක්. 2000 දී චන්ද්රිකා බණ්ඩාරනායක යටතේ අර්ධ පෙඩරල් ක්රමයක් සඳහා යෝජනා ආ විට සම්බන්ධන් ද ඇතුළු එවකට තිබූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වුණා. දෙමළ ජාතික සංධානයේ සම්බන්ධන් පිලට එවන් සංයුක්ත ඉල්ලීම් අවශ්ය නෑ. ඔවුන්ට අවශ්ය අවුලක්. ඔවුන්ගේ මේ දෙවන මෙහෙයුමට අවශ්ය වන්නෙත්a ඒකයි. කොන්දේසි විරහිත එකඟත්වය කොන්දේසි සහිත එකඟත්වයට වඩා භයානකයි. මන්ද? එහිදී එළියට එන්නේ ඇත්ත වුවමනා නෙමෙයි.

දෙමළ ජාතික සංධානයේ මේ තීරණයට අනුව දෙමළ ජනයා කටයුතු කරයි කියල ඔබ හිතනවාද?

මා හිතනවා එසේ වෙයි කියලා. මේ තත්ත්වය අනතුරුදායක ලෙස මා හිතන්නෙත් ඒ නිසයි. දෙමළ ජනයාගෙන් සැලකිය යුතු කොටසකගේ මානසික තත්ත්වය එයට උදව්වක්. ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. මේ අනතුර පිළිබඳ මා මේ පිටුවෙන් කිහිප අවස්ථාවක දී පෙන්වා දී තිබෙනවා. අන්ත දෙමළ ජාතික වාදයේ මේ දෙවන මෙහෙයුම මගින් සිදු විය හැකි අනතුර පරාජය කළ යුතුයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්රියාමාර්ගය කුමක්ද?

ආණ්ඩුව තම සංධානයේ දෙමළ සහ අනෙක් ප්රමාණයෙන් කුඩා ජාතීන්ගේ පක්ෂවල වැදගත්කම වැඩි කළ යුතුයි.

මහින්ද චින්තනයේ දෙවන කොටස මගින් මෙම ප්රශ්න ආමන්ත්රණය කළ යුතුයි. අනෙක් පැත්තෙන් සිංහල ජාතිකවාදයට යට නොවී මෙම අනතුර පිළිබඳ බරපතල සාකච්ඡාවක් ඡන්ද සටනට ගෙන ආ යුතුයි. මේ යුද්ධය අවසන් වීමෙන් දෙමළ හා මුස්ලිම් ජන කොටස් වලට විශාල සහනයක් ඇති වුණා. එය මුළු රටමත් හැම ජන කොටසක්මත් අත් කර ගත් ජයක්. ඒ ජය තව දුරටත් තහවුරු කර ගැනීමට දෙමළ ජාතික සංධානයේ මේ තීරණය විශාල බාධාවක් වන හැටි රටට පෙන්වා දීමට අවශ්යයි.

දෙමළ ජාතික සංධානයේ මේ දෙවන මෙහෙයුමට බටහිර රටවල ප්රතිචාරය කුමක් වෙයිද?

මේ ආණ්ඩුව ක්රියා කරන ආකාරයත් එහි විදේශ පිළිවෙතේ නව යොමුවත් බටහිර රටවල් දකින්නේ අකැමැත්තෙන්. විශේෂයෙන් යුද සමයේ ඔවුන්ගේ උපදෙස් ප්රතික්ෂේප කිරීම ඔවුන්ට කළ මදි පුංචි කමක් විදිහටයි ඔවුන් දකින්නේ. අධිරාජ්යවාදී රටවල් හිතන්නේ අපි ඔවුන්ගේ පිළිකන්නේ ඉන්නවා කියලයි. ප්රජාතන්ත්රවාදය කියන වචනයම අද අවුල් කරලයි තියෙන්නෙ. යුරෝපීය හවුලේ රටවල් මේ දෙවන මෙහෙයුම සමග එක්ව ගමන් කරාවි - නමුත් අප අධිරාජ්යවාදී රටවල පිළිකන්නේ නොඉන්නා බව සිතට ගත යුතුයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

No comments:

Post a Comment