Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 10 January 2010

ඊයක්‌ විදින්න නම් දුන්නක්‌ ඕනෑමයි

මියගිය ප්‍රභාකරන් නිතර කතා කළ අයකු නොවේ. ඉඳ හිට කතා කළ ඔහුගේ ප්‍රකාශ අතර අගනා කියුම්ද තිබේ.

"සිංහලුන්ට දවස්‌ දෙකෙන් ඕනෑම දෙයක්‌ අමතක වෙනවා."

එය ප්‍රභාකරන්ගේ අගනා රුවන් වැකියකි.

ප්‍රභාකරන්ගේ සහචරයන් පුපුරුවා හල බෝම්බවලින්, එකවර සිය ගණන් ජනයා මිය ගිය අවස්‌ථා තිබිණි. ඈත ගම්වල ජනයා මරා දමනු ලැබුයේ කඩුවලින් කැතිවලින් කපා කොටා දැමීමෙනි. තත්ත්වය කෙතරම් බිහිසුණුවීද යත් දුම්රියපොළක බස්‌ නැවතුම්පොළක සිටීම පමණක්‌ නොව බසයක ගමන් කිරීම මරණය අතින් ගෙන යැමක්‌ බවට පත්විය.

රටේ ජන ජීවිතය භීතිය විසින් අකර්මන්‍ය කර තිබිණි. රට සොහොනක්‌ මෝචරියක්‌ බවට පත්වෙමින් තිබිණි. බෝම්බයකින් මහා විනාශයක්‌ සිදුවන්නේ කිනම් මොහොතකදැයි නොදැන වික්‍ෂිප්ත අගාධයක ජනසමාජය ගිලී තිබිණි.

ගම්වල ද නගරවල ද ගලා යමින් තිබුණේ ලේ දහරාය. මහපාරවල් වල විසිර ගියේ මස්‌ වැදලිය. ඝාතනය කරනු ලැබූ මිනිසුන් මිහිදන් කරනු ලැබුයේ ඩෝසර්වලින් කපනු ලැබූ තනි මිනීවළවල්වලය.

ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ඇමැතිවරු මන්ත්‍රීවරු ගමන් බිමන් ගියේ ඉතා දැඩි ආරක්‍ෂාව මැද්දේ විදුලි වේගයෙනි.

බියෙන් තොරව සිටියේ වහාම උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍යයක්‌ ලෙස වෙන් කොට දිය යුතු යෑයි මොර ගෑ දේශපාලන නායකයන් සහ එන්. ජී. ඕ. නායකයන් පමණි.

රට තිබුණේ එවැනි තත්ත්වයකය. බිමින් පමණක්‌ නොව ගුවනින් ද බෝම්බ හෙළනු ලබන තත්ත්වයකය.

ප්‍රභාකරන් කීවා සේ අද සිංහල ජනයාට රට තිබුණේ එවැනි තත්ත්වයක බව අමතකව යමින් තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්ව මසක්‌ ඉක්‌මවෙන්නට මත්තෙන් කොටි කැබිතිගොල්ලෑවේ ගැමියන් ගමන් ගත් බසයකට ක්‌ලේමෝ බෝම්බ තබා හතළිස්‌ දෙනෙක්‌ මරා දැමූහ. ජනාධිපතිතුමා කොළඹට වී ඒ ප්‍රහාරය ම්ලේච්ඡ එකකැයි ප්‍රකාශයක්‌ නිකුත් කොට ඇඟ බේරා ගත්තේ නැත. කැබිතිගොල්ලෑවටම ගොස්‌ විපතටත් ශෝකයටත්, භීතියටත් පත් ඒ ජනයා අතරේ දුක බෙදා ගනිමින් තමා ජනාධිපතිවරයා පමණක්‌ නොව ජනතාවගේ මිනිසකු බව කියා පෑවේය.

මාවිල්ආරු සොරොව්ව කොටි විසින් වැසූ කල ඊට සාම සාකච්ඡා පවත්වන්නට හෝ අනේ සොරොව්ව ඇර දෙන්නැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනා කිරීම් කළේ නැත.

ඔහු රාජ්‍ය නායකයකුගේ අභීතභාවය සතුරාට පෙන්වීය. තිරිසන් වූද, වංචනික වූද, වර්ගවාදී උන්මාදයෙන් පෙලුනාවූද සතුරා එක දිගට හඹා යන්නට සේනාධිනායකත්වයේ බලය හමුදාව අතට දුන්නේය.

එම යුද්ධයේ අති බිහිසුණු එකක්‌ වූවාසේම ලෝකයේ බලගතුම රටවල් කිහිපයක්‌ සමගද කළ "යුද්ධයක්‌" විය.

අපි ලොකු රටවල ණය ආධාර යටතේ යෑපෙන දුප්පත් රටක්‌ වෙමු. ජී. එස්‌. පී. සහනය ලබන රටක්‌ වෙමු. අපි එංගලන්ත රාජ්‍යයේ කොලනියක්‌ ලෙස පැවති රටක්‌ වෙමු.

එබැවින් නව අධිරාජ්‍යවාදය යටතේ අපි ඔවුන්ට දාසභාවයෙන් සිටිය යුත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද ජී. එස්‌. පී. අධිකාරයේද හාම්පුතුන් වන්නේ ඔවුන්ය. ඒවාදීම හෝ නොදීම තීරණය වන්නේ, ඔවුන්ට දක්‌වන පක්‍ෂපාතිත්වයේ ප්‍රමාණය අනුවය.

නමුත් ඒ සියල්ලට පෙර මවුබිම තිබිය යුතුය. මාතෘභූමිය නිදහස්‌ව තිබිය යුතුය. තමන්ගේ රටවැසියන්ට බියෙන් සැකෙන් තොරව ඇවිද යා හැකි සාමකාමී සංසුන් රටක්‌ තිබිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෝරා ගනු ලැබුයේ මාතෘභූමියයි. එතුමා ඒ තෝරා ගැනීම කළේ ඉතාම අවදානම් තත්ත්වයක්‌ යටතේ බව අප අමතක නොකළ යුතුය.

වර්තමාන ලෝක ආර්ථික රටාව ගැට ගැසී ඇති ආකාරයට අනුව දුගී රටක්‌ නම් ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය හෝ නෝර්වේ වැනි රටවල් ඉදිරියේ දනින් වැටිය යුතුය. සිය ස්‌වාධිපත්‍ය අහිමි කර ගත යුතුය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය හෘදය සාක්‍ෂිය තැබුවේ මාතෘභූමිය මතය.

එහි විපාක අදටත් ලැබෙමින් පවතී. අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ වසරට හිමි ණය මුදල දෙනු ලැබුයේ නොදීබැරිකමට දුන් ණයක්‌ ලෙසය. ජී. එස්‌. පී. වරප්‍රසාදය තවමත් දී නැත.

ඔවුහු එසේ කරන්නේ ඇයි දැයි මේ රටේ ජනතාව දනී. ඔබතුමා කෙළේ වරදකැයි මෙරට පොදු ජනතාව ගෙන් කිසිවකුත් ජනාධිපතිතුමාට චෝදනා නොකරන්නේ එතුමා ඒ හැම කැප කිරීමක්‌ කළේ මාතෘභූමිය වෙනුවෙන් බව දන්නා හෙයිනි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ඔබ අපේ මහ රජාණෝයෑයි ජනතාව ඇමතුවේ කිසිවකු ගේත් බලපෑමකින් නොවේ. එය මහජනතාව අතරින් පැන නැගුණු නිරායාස ගෞරවාර්ථ නාමයකි.

ඒ ගෞරවාර්ථ විරුදාවලිය ලැබීමට මහින්ද රාජපක්‍ෂ මහතාට සුදුසුකමක්‌ තිබේ.

නමුත් අද ජනරාල් ෆොන්සේකා මහතා ඒ යුද්ධය තමා කළ එකකැයි කියයි. ඒ නිසා තමා ජනාධිපති ධුරයට පත් කළ යුතු යෑයි කියයි. යුද්ධය ඔහුගේ තනි භුක්‌තියේ දෙයකැයි කියයි.

එසේ නම්, ආයුධ සඳහා මුදල් උපයා ගැනීම, සෙබළුන් බඳවා ගැනීම, ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීම, සිවිල් ආරක්‍ෂක භටයන් බඳවා ගැනීම, සියලු හමුදා සේනාංකවලට පඩි නඩි ගෙවීම පමණක්‌ නොව, යුද්ධයේ අවසන් අදියර මොහොතේ සතියට තුන්හතර ගණනේ පැමිණි ඇමරිකාවේ එංගලන්තයේ, නෝර්වේ, ප්‍රංශයේ විදේශ ලේකම්ලාට මුහුණදී යුද්ධය නොනවත්වා ගෙනයැමේ අභීත තීන්දු ගැනීමද ඔහුගේ යුද්ධ ගිනුමට බැර විය යුතුය.

සිදු වූයේ කුමක්‌දැයි ජනතාව දනී.

මේ යුධ ජයග්‍රහණයේ කොටසක්‌ ජනරාල්වරයාට හිමි බව හැම දෙනෙක්‌ම පිළිගනිති. සංග්‍රාමයේ ගෞරවය හැම සේනාධිපතියකුටම හිමිය.

ගෙවුණු තිස්‌ අවුරුද්ද තිස්‌සේ ඒ ඒ රජයන් යටතේ සේනාධිනායකයෝද හමුදාපතිවරුද ගණනාවක්‌ සිටියහ. නමුත් මවුබිම බේරා ගැනීමට හැබෑ හැඟීමකින් නායකත්වය දුන් තැනැත්තා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නොවේ යෑයි කියන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නැත.

සංසුන් සාමකාමී රටක්‌ අද අපට ලැබී ඇති බැව් දේශපාලන අන්ධභාවයට පත් සමහරුන්ට දැන් අමතකව ගොස්‌ ඇත.

අපි ආපසු හැරී බලමු. වැඩි ඈතකට නොවේ. නන්දිකඩාල් කලපුවෙන් ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූ මැයි 18 දා දිනට ආපසු හැරී බලමු. ගතවී ඇත්තේ මාස 7 ක්‌ පමණි.

මේ ස්‌වල්ප කලට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා උදාකර දුන් නිදහස අමතක කළ හැකිද? අමතක කළ යුතුද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

No comments:

Post a Comment