Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Saturday 3 April 2010

ප්ලාස්‌ටික්‌වලින් ඉන්ධන සිහිනය සැබෑවෙයි.

එක්‌තරා ආකාරයකට එය සිහිනයක්‌ බඳු කාරණාවක්‌ යෑයි කීවාට වරදක්‌ නැත. සැබවින්ම සිහිනයක්‌ බඳු කාරණාවක්‌ නොව... සිහිනයකි.

ඉවතලන ප්ලාස්‌ටික්‌ වලින් ඉන්ධන නොව තාර වත් නිපදවීම සිහිනයකි. ආශ්චාර්යයකි.

ඒ සිහිනය සැබෑ කළේ ඔහුය. ඔහු නමින් ආනන්ද විතානගේ නම්ය.

යටියන්තොට කබුළුමුල්ල නම් ග්‍රාමයේ උපත ලද ආනන්ද අධ්‍යාපනයෙන් ඉහළට ගිය අයෙක්‌ද නොවීය. වාණිජ අංශයෙන් ලද පාඨශාලීය අධ්‍යයනය මද දුරකදී හමාර කළ ඔහුගේ ඊළඟ අභිප්‍රාය වන්නේ කුමක්‌ හෝ ආරක්‍ෂක අංශයකට එකතුවී රට බේරා ගැනීමේ සටනට උර දෙන්නටය. ඔහු නාඹර තරුණ වයසේම ශ්‍රී ලංකා පොලිසියට එකතුවී සේවය ආරම්භ කරන්නේ ඒ අනුවය.

ආනන්ද තුළ සහජයෙන් මතුව ආ නිර්මාණශීලී පරිකල්පනා ශක්‌තියට හැඩි දැඩි රළු පරළු ගති සොබා ඇති පොලිසිය තුළ ඇති වටිනාකම කුමක්‌ද? ඔහු අතට අසුවන කුමකින් වුවද අලුත් දෙයක්‌ නිර්මාණය කිරීමේ උපන් ගෙයි හැකියාවෙන් තෙරපෙන ආනන්දට පොලිසිය හිතකර ප්‍රියමනාප තැනක්‌ වන්නේම නැත. කෙසේ හෝ අවුරුදු 10 ක කාලයක්‌ පොලිසියේ රාජකාරි කරන ඔහු විටකදී ලද අවසරයකින් පොලිසියෙන් සමු ගත්තේය.

පොලිසියෙන් සමුගත් ඔහු තම හැකියාවන් උරගා බලන්නට පටන් ගනියි. කොහුබත්, ඉවතලන පොලිතින්, ප්ලාස්‌ටික්‌ වර්ග ඔහුගේ පර්යේෂණාගාරයේ අමුද්‍රව්‍ය වූහ. ඉවතලන දැ තුළින් ඔහු නොයෙකුත් අත්හදා බැලීම් කර අවසානයේ අපූරු නිර්මාණ කිහිපයක්‌ සොයා ගන්නටද සමත් වෙයි.

ඉවතලන පොලිතින් හා ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය මගින් ඔහු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය විවිධ ආම්පන්න නිමවන්නට පටන් ගනියි. ඔහුගේ නිර්මාණ අතර වඩාත් කැපී පෙනුණේ කොන්ක්‍රීට්‌ දැමීමට උපයෝගී කරගන්නා සැටලින් ලෑල්ලකි.

මේ ආකාරයේ නොයෙකුත් නිර්මාණ හේතුවෙන් ඔහු වයස අවුරුදු 33 වන විට කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ නව නිපැයුම්කරුවන් ගේ සංගමයේ සභාපති බවට පත් වෙයි.

ඉවතලන ප්ලාස්‌ටික්‌ හා පොලිතින් සමග නිතර නිතර ගැටෙන ආනන්ද හරි අපූරු රසායනික සංයෝගයක්‌ සොයා ගනියි. ඒ අනුව ඔහුට ඝන ද්‍රව්‍යක්‌ බවට තිබෙන ඕනෑම වර්ගයක ප්ලාස්‌ටික්‌ තොගයක්‌ ද්‍රවයක්‌ බවට පත්කර ගැනීමට හැකිවෙයි.

ප්ලාස්‌ටික්‌ යනු හයිෙඩ්‍රාa කාබනික ද්‍රව බන්ධකයක්‌ ලෙස සැලකෙන රසායනික සංයුතියකි. ආනන්ද සොයාගත් රසායනික සංයෝගය සහිතව ඉතා විශාල උෂ්ණත්වයකින් රත් කරන විට එය නිතැතින්ම ද්‍රව හා වායු වශයෙන් කොටස්‌ දෙකකට වෙන්ව යයි.

වායු වශයෙන් ඉහළට යන කොටස ගෑස්‌ වර්ග ලෙසත් ද්‍රව වශයෙන් ලැබෙන කොටස පෙට්‌්‍රල් ඩීසල් හා භූමිතෙල් වැනි ඉන්ධන වර්ග බවටත් පත් කෙරෙනුයේ ඒ අනුවය. මේ ක්‍රියාවලිය මැනවින් සංවර්ධනය කළ ආනන්ද විතානගේ තම වික්‍රමය ලොවට හෙළි කරන්නට උත්සාහ දරන්නේ 2006 වසරේ ජුනි මාසයේදීය.

එහෙත් ඔහුගේ මේ අනර්ඝ නිමැවුම දෙස ලෝකයා බැලුවේ මහත් අප්‍රසාදයෙනි. නැතහොත් වපරැසිනි. ඒත් නැතහොත් අවඥවෙනි. මේ අතර ආනන්ද විතානගේ තම අපූරු නිර්මාණය පිළිබඳ අදහස සහිතව එවකට පරිසර අමාත්‍ය චම්පික රණවක හමුවන්නට එන්නේ ලංකාවේ තිබෙන භයානකම පරිසර ගැටලුවකට විසඳුම ඇත්තේ තමන් ළඟ බව පෙන්වා දෙමිනි.

මේ වන විට මිලියන දෙකකට ආසන්න ජනගහණයක්‌ ජීවත් වන අපේ මේ පුංචි රටේ දෛනිකව ඉවතලන කුණු කසල ප්‍රමාණය ටොන් 6400 ක්‌ පමණ වන බව ගණන් බලා තිබේ. මෙයිනුත් විශාල ප්‍රමාණයක්‌ ඇත්තේ නාගරික කැළි කසළය. මෙම නාගරික කැළි කසළ ප්‍ර්‍රමාණයෙන් සියයට 6 ක්‌ 7 ක්‌ අතර ප්‍රමාණයෙන් නිසැකවම ලැබෙනුයේ පොලිතින් හා ප්ලාස්‌ටික්‌ කැළි කසළ වශයෙනි.

දිනෙන් දිනම උග්‍රවන මේ කැළි කසළ ප්‍රශ්නයේ භයානකම කොටස වන්නේ ප්ලාස්‌ටික්‌ හා පොලිතින් කැළි කසළ ප්‍රමාණය දවසින් දවස ඉහළ යැමය.

මේ නිසා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සිටින්නේ ලංකාවේ දිනෙන් දිනම ඉහළ යන ප්ලාස්‌ටික්‌ හා පොලිතින් කැළි කසළ ප්‍රශ්නයට කුමක්‌ හෝ කල් පවතින විසඳුමක්‌ සොයමිනි.

ආනන්ද විතානගේ නම් නව නිපැයුම්කරුවාගේ නිර්මාණයන් පරිසර අමාත්‍යාංශයේ අභිප්‍රායන් ජාඩියට මූඩිය සේ ගැලපෙන්නට පටන් ගත්තේ මෙතනදීය.

නමුත් මෙතැනදී අදාළ බලධාරීන් එකපැහැර ආනන්දගේ යෝජනාව පිළිනොගත්තේය. ඔවුහු මේ නිර්මාණය කෙළින්ම යොමු කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි අධ්‍යයන අංශයටය. ඒ අංශය මගින් කරනු ලැබූ පර්යේෂණ ගණනාවකට පසුව ආනන්ද විතානගේ නම් මේ අරුම පුදුම නිර්මාණ ශිල්පියාගේ නිර්මාණය සක්‌ සුදක්‌ සේ පැහැදිලි බව ඔප්පු වූයේය.

අනතුරුව පරිසර අධිකාරිය, ආනන්ද විතානගේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි අංශය ගිවිසුමක්‌ අත්සන් කළහ. එදා පටන්ම යටියන්තොට කඹුළුමුල්ල ගමේ ආනන්දගේ රසායනාගාරයේදී වැඩ ආරම්භ කෙරිණි.

ආනන්දගේ මනස තුළ නිර්මාණය වූ රසායනික ක්‍රියාවලිය සඳහා යන්ත්‍ර සූත්‍ර ඉදිකෙරිණි. ඒවා විධිමත් පර්යේෂණවලට මොරටු විශ්වවිද්‍යාලය මගින් ලක්‌ කෙරිණි. නිරතුරුවම ඇමැතිවරයාගේ අමාත්‍යංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්‍ෂණය ලැබිණි.

පර්යේෂණ කටයුතු අවසන් කෙරිණි. ඉදිකිරීම් කටයුතුද අවසන් කෙරිණි. අවසානයේ නිෂ්පාදන කටයුතුද ආරම්භ කෙරිණි.

පසුගිය මාර්තු මාසයේ 31 වන බදාදා උදේ 7.00 ට යෙදුණු සුබ මොහොතින් ඇමැතිවරයා අතින් යටියන්තොට කඹුළුමුල්ලේ දී අදාළ කර්මාන්ත ශාලාව ආරම්භ කෙරිණි.

ප්ලාස්‌ටික්‌ වර්ග බෙදා රසායනික ක්‍රියාවලිය මගින් නිෂ්පාදනය කරන ලද පෙට්‌්‍රල් වර්ගය ඒ මොහොතේම ත්‍රිවිලර් රථ සඳහා නිකුත් කෙරිණි.

ඉන්ධන ත්‍රිවිලර් රථ සඳහා නිකුත් කරමින් ඇමැතිවරයා අප හා අපූරු කතාවක්‌ ද කීවේය.

මේ යන වියදම් සියල්ල සපුරාගෙන මෙතන නිෂ්පාදනය කරන පෙට්‌්‍රල් ලීටරයක්‌ අපට රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට අලෙවි කරන්නත් පුළුවන්. එම ඉන්ධන නිපදවීමේදී අපට ප්ලාස්‌ටික්‌ කිලෝ ග්‍රෑම් එකකින් පෙට්‌්‍රල් ලීටර් තුන් කාලක්‌ නිසැකවම නිෂ්පාදනය කරන්නත් පුළුවනි. මේ ව්‍යාපෘතිය හරියාකාරව ක්‍රියාවේ යෙදුවොත් අපට 2012 දී ප්ලාස්‌ටික්‌ හා පොලිතින් අපද්‍රව්‍ය කියල දෙයක්‌ ඉතිරි වෙන එකක්‌ නැහැ.

ඒ කතාව හරි අපූරුය. 2012 දී එය යථාර්ථයක්‌ විනි නම් 2013 දී අපට ලෝකයේ කොහේ හෝ රටකින් භාවිතයෙන් ඉවතලන ප්ලස්‌ටික්‌ වර්ග ආනයනය කරන්නට ද සිදුවනවා නිසැකය.

By Courtesy of www.divaina.com
03rd April 2010.

No comments:

Post a Comment