Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 15 April 2010

බැසිල්, විමල් සහ සුදර්ශණී නව කැබිනෙට්ටුවට.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී එයට එක්වන නවක මුහුණු කිහිපය අතර බැසිල් රාජපක්‍ෂ, විමල් වීරවංශ සහ සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ යන අයද වන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම පසුගිය අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද සඳහන් වෙයි. එහෙත් සමහර විෂයයන් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයන් ඇති කරගෙන සිටි අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වලින් ඉවත් කර වෙනත් ආමත්‍යංශ ලබා දීමටද යෝජනා වී ඇත.

මෙතෙක් කැබිනට් නොවන අමාත්‍ය ධුර දැරූ බොහෝ දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හෝ හිමි වීමේ ඉඩකඩද අවම බව පැවසෙයි. කෙසේ වෙතත් දක්‍ෂ තරුණ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස යෝජනා වී ඇති අතර කැබිනට් මණ්ඩලය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර නොලබන මන්ත‍්‍රීවරුන් සඳහා අධීක්‍ෂණ මන්ත‍්‍රී තනතුරු පිරිනැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග සනාථ කරයි.

By Courtesy of www.lankacnews.com
15th April, 2010.

No comments:

Post a Comment