Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Monday 5 April 2010

‘‘ශක්තිමත් මිනිසුන් අතර විමල් ශක්තිමත් මිනිසෙක්’’.- ජනපති මහින්ද කොට්ටාවේදී

මහින්ද චින්තනයේ ඇතුළත් ඉලක්ක ජය ගැනීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහ මිනිසුන් පිරිසක් තමාට අවශ්‍ය බවත් එසේ අවශ්‍ය මිනිසුන් අතර විමල් ශක්තිමත් මිනිසෙක් බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විමල් වීරවංශ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොට්ටාවේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ මැතිවරණ කාර්යාලයේ අද (05) පස්වරුවේ පැවති ජනහමුවට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.

‘‘මං අද කතා කරන්න හිතාගෙන නෙවෙයි ආවෙ. මෙතන ලස්සන කාර්යාලයක් තියෙනව කියල මම දැනගත්තා. ඒ ගැන හැමෝම කතා කරනවා. ඉතින් ඒක බලන්නයි මම ආවේ. බුලත් කොළය දිනවන්න විමල් ගන්න මහන්සිය, ශක්තිය අපි අගය කරනවා. මට මතකයි 2005 ජනාධිපතිවරණෙ වෙලාවෙ එක රැස්වීමකට එන්න ප‍්‍රමාද වෙන නිසා මං විමල්ට කිව්වා මම පැය බාගෙන් එනව එතකං අල්ලං යන්න කියල. කොහොමහරි මං එනකොට පැය දෙක හමාරක් පරක්කුයි. මං එනකොටත් විමල් උගුර ලේ රහ වෙනකං කතා කරනවා. විමල් එදා මාව දිනවන්න, රට දිනවන්න, ත‍්‍රස්තවාදය පරද්දන්න කතා කළා. විමල්ගෙ ශක්තිය ලොකු හයියක් වුණා ත‍්‍රස්තවාදය පරාජය කරන්න.’’

‘‘අද මිලිබෑන්ඞ්ල වගේ අය විවිධ දේ කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදය වෙනත් ආකාරයකට පතුරුවන්න සූදානම් අය වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් බවට පත්වෙලා. එක්සත් ජාතික පක්‍ෂය විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණත් අද අධිරාජ්‍යවාදීන් එක්ක සන්ධාන ගහන්න තරගයකට ඇවිත්. බටහිරට අධිරාජ්‍යවාදීන්ට වඩාත් කිට්ටු කවුද කියල පෙන්නන්න මේ දෙගොල්ල අතර තරගයක් තියෙනවා.’’

‘‘මීට පස්සෙ වගකීම් දුන්නම විමල් ඒව භාර ගන්න ඕන. ඒවත් අරං ඉදිරියටම යන්න. විමල් ගැන මං කියන්න ඕන නෑ. ඔහු ගැන, ඔහු යන මාවත ගැන, ත‍්‍රස්තවාදය පරාජය කරන්න ඔහු කළ කැපවීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා’’

By Courtesy of www.lankacnews.com
5th April, 2010.

No comments:

Post a Comment