Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Saturday 3 April 2010

බටහිර කළඹමින් ‘පුටීන්’ වෙනිසියුලාවේ.


-පිළිගන්න චාවේස් ගුවන් තොටටම යයි

රුසියාවේ අගමැති ව්ලැද්මීර් පුටීන් හදිසියේ වෙනිසියුලානු නිල සංචාරයක් සිදු කර ඇත. රුසියාවේ ව්‍යවස්තාවට අනුව රුසියානු අග‍්‍රාමාත්‍යවරයා වුවද එරට ජනතාව මෙන්ම ලෝක ජනතාවගෙන් බහුතරයද තවමත් රුසියාවේ නායකයා ලෙස සලකන පුටීන්ගේ මෙම සංචාරය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් වල බලවත් කණස්සලට හේතු වී ඇති බව බටහිර හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකය චාවේස් සලකන්නේ අකීකරු, දඩබ්බරයෙකු ලෙස වන අතර මේ වන විටත් වෙනිසියුලාව අරඹයා නිල හා නොනිල මට්ටමින් සම්බාධක රැසක්ද ඔවුන් විසින් පනවා ඇත.

තම රටට පැමිණි රුසියානු අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා තම රටේදී විදේශ රාජතාන්ත‍්‍රිකයෙකුට පුද කල හැකි ඉහලම සත්කාරය සිදු කරමින් වෙනිසියුලානු ජනාධිපති වන හියුගෝ චාවේස්ම එරට ප‍්‍රධාන ගුවන් තොටට ගොස් ඔහු පිළිගැනීමට කටයුතු කර තිබුණි.

පැය 12ක් තරම් වූ කෙටි කාලයක් පමණක් වෙනිසියුලාවේ ගතකල කාලයේදී දෙරට අතර තෙල්, වායු, බලශක්ති සම්බන්ධයෙන් වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවට මාධ්‍ය විසින් වාර්තා කලද පුටීන්ගේ මෙම සංචාරය ප‍්‍රකාශිත අරමුණු ඉක්මවූ බටහිරට එරෙහි උපක‍්‍රමික ක‍්‍රියාමාර්ගයක් මෙන්ම බටහිරට එල්ල කරන ලද අතුල් පහරක් ලෙස විචාරකයන් මත පල කරති.

කෙසේ වෙතත් බටහිර බලවත් රාජ්‍යයන්ගේ දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටින ඔවුන්ගේ උදව් උපකාර, ඇල්ම බැල්ම නොලබන චාවේස්ට මේ පෙරදිග බලගතු රාජ්‍ය නායකයාගේ සංචාරය මහත් අස්වැසිල්ලක්, ශක්තියක් බව එරට මාධ්‍ය වාර්ත කර තිබුණි.

By Courtesy of www.lankacnews.com
3rd April, 2010.

No comments:

Post a Comment