Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 4 March 2010

2010 දී තම ආණ්‌ඩුවක්‌ පිහිටුවනවායෑයි කියූ ජවිපෙ අද අනුවේදනීය තත්ත්වයකට පත්වෙලා. - ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන


එදා 2004 පැවැති මහ මැතිවරණයෙන් එජනිසයෙන් තරග කර ආසන 40 ක්‌ ලබාගත් ජනතා විමුක්‌ති පෙරමුණ මීළඟ ආණ්‌ඩුව 2010 දී තම පක්‍ෂය විසින් පිහිටුවන බවට පුරසාරම් දෙඩුවද අද එම පක්‍ෂය අනුවේදනීය තත්ත්වයට පත්ව සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

එම පක්‍ෂය මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වූයේ වැරදි දේශපාලන තීන්දු ගත් නිසා යෑයිද එම නායකයන් පක්‍ෂයේ අනාගතය නැති කළ බවද ඊයේ (03 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීය.

විපක්‍ෂය අද අන්ත ලෙස දුර්වලවී ඇති නිසා එජනිසයට විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගැනීමට හැකි වන බවද ඒ මහතා කීවේය.

ශ්‍රීලනිපයේ දුර්වලම කාලය වූයේ 1977 සිට 1989 දක්‌වා වසර 12 ක කාලය බවද එම කාලයේදී පක්‍ෂය අර්බුදයකට ලක්‌ව කණ්‌ඩායම් ගණනාවක්‌ ඇතිවූ අතර විපක්‍ෂ නායිකාවගේ ප්‍රජා අයිතියද අහෝසි කර පක්‍ෂය දුර්වල කර තිබූ බවත් කීය. නමුත් එදා ජනමත විචාරණය පැවැත්වූ කාලයේ එජාපයේ හොඳම කාලය වුවද අද සිටින විපක්‍ෂය තරම් දුර්වල නොවී එදා අපි පැවැති රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනමත විචාරණයට එරෙහිව පාරට බැස විරෝධය පළ කළ බව කියා සිටියේය.

එජාපය අද මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළද එදා ජනමත විචාරණ පවත්වා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමූ බවද කීය. ජනතා විමුක්‌ති පෙරමුණද ලබන 08 වැනිදා සිය පක්‍ෂ ඉතිහාසයේ අනුවේදනීය ප්‍රතිඵල ලබන බවද එජාපයේ හා ජවිපෙ පක්‍ෂවල අනාගතය විනාශය කළේ පක්‍ෂ නායකයන් බවත් කීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය බස්‌නාහිර පළාත් සභා මැතිවරණ යුද්ධය අවසන්වීමට පෙර පැවැත්වුව ද තුනෙන් දෙකක බහුතර වරමක්‌ ලබාගැනීමට හැකි බවත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්‌ත්‍රික්‌ක සියයට 62 කින් ජයගත් බවත් කීය.

පසුගිය ජනාධිපතිවරණයේදී අලුත් අපේක්‍ෂකයන් විපක්‍ෂය ඉදිරිපත් කළත් ඔවුන්ට කළින් තිබූ ඡන්ද ප්‍රමාණයවත් රැකගැනීමට නොහැකි වූ බව කීය.

රනිල් ධර්මසේන
By courtesy of: www.divaina.com
Published 04th March, 2010.

No comments:

Post a Comment