Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Friday 19 March 2010

කොටි යුද අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ දීමෙන් බ්‍රිතාන්‍යයේ නිරුවත හෙළිවෙයි.

මෙරට එන්.ජී.ඕ. කණ්‌ඩායම එනතුරු ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය තුළ බලා සිටින ප්‍රංශ කොටි එජන්ත කිරුබාහරන්.

"ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනයක්‌ කළ යුතුයි"
- ඩේවිඩ් මිලිබෑන්ඩ් (බ්‍රිතාන්‍ය විදේශ ඇමැති)

"ශ්‍රී ලංකාව ගැන ක්‍රියා කිරීමට මණ්‌ඩලයක්‌ කඩිනමින් පිහිටුවනවා."
- බෑන් කී මූන් (එක්‌සත් ජාතීන්ගේ මහලේකම්)

"ත්‍රස්‌තවාදී සාමාජිකයන්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන
රැකවරණ ලැබිය හැකියි."
- බ්‍රිතාන්‍ය ශේ්‍රෂ්ඨාධිකරණය

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මේ සතියේදී ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශනය කිරීමට මණ්‌ඩලයක්‌ පත් කරන බව පවසනු ලැබීය. එ අතරේ මෙරටින් ජිනීවා නුවරට ගිය එන්.ජී.ඕ. කණ්‌ඩායම් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය වාර්තා යොමු කෙරිණි. මෙයට සහය වූයේ ප්‍රංශයේ සිට ජිනීවා නුවරට පැමිණ කොටි එජන්ත වී. කිරුබාහරන් හා කොටින්ට ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයූ ටී.ආර්.ඕ. සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානියා වූ අර්ජුන් එදිරිවීරසිංහම්ය.

මේ කොටි එAජන්තවරුන් දෙදෙනා සමග ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී රහස්‌ සාකච්ඡා පවත්වනු ලැබුවේ වෙනින් කවුරුවත් නොව පසුගිය කාලයේ මෙරට මාධ්‍ය නිදහස ගැන ඝෝෂා කළ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවෙකි.

පසුගිය 14 වැනිදා මොවුන් එම මූලස්‌ථානයේ සාකච්ඡා කරන අයුරු වීඩියෝගත විය. එ නිසා තවදුරටත් සාක්‌කි අවශ්‍ය නැත.

කිරුබාහරන් පසුගිය කාලයේම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කළේය. වරක්‌ ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංවිධානයක සභාපතිවරයකුට විද්යුත් ලිපියක්‌ එවමින් ලක්‍ෂ්මන් කදීර්ගාමර්ට සිදුවූ දේ දන්නවා නේද යෑයි තර්ජනය කර තිබිණි.

අර්ජුන් එදිරිවීරසිංහම් විටින් විට ජිනීවා නුවරට පැමිණ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එත්තු ගැන්වීමට රහස්‌ මෙහෙයුම් අරඹා ඇතැයි හෙළි විය.

මේ නිසා මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු පැළඳ සිටි වෙස්‌ මුහුණු ගැලවී බිම වැටී තිබේ.

මේ අන්දමට ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත එAත්තු ගැන්වීම සඳහා විවිධ පාර්ශ්ව මෙහෙයුම් දියත් කරද්දී බ්‍රිතාන්‍ය ශේ්‍රෂ්ඨාධිකරණය පෙරේදා තවත් අපූරු තීන්දුවක්‌ දුන්නේය. එ යුද අපරාධකරුවකු වූ කොටි ත්‍රස්‌තයකුට දේශපාලන රැකවරණ දීමට නියෝග කිරීමයි.

මේ ත්‍රස්‌තවාදියා වෙනත් කවුරුත් නොව කොටි බුද්ධි සේවා ප්‍රධානියා ලෙස ක්‍රියා කළ පොට්‌ටු අම්මාන් ෂිවශංකර්ගේ ප්‍රධාන ආරක්‍ෂකයායි. "රඝූ" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහුට පැවරී තිබූ කාර්යභාරය වූයේ වන්නියේ සිට කොළඹට කොටි බුද්ධි ක්‍රියාකාරීන් ප්‍රවාහනය කිරීමයි. එසේම ටොසී බුද්ධි සේවයේ ප්‍රහාරක එකකයේ ප්‍රධානියා ලෙස ද රඝූ කටයුතු කර තිබේ. 2006 ඔක්‌තෝබර් මාසයේදී විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට කොළඹට පැමිණි රඝූ ගැන දෙමසකට පසු හමුදා බුද්ධි අංශවලට සැලවිය. මේ නිසා ඔහු කටුනායක සිට ලන්ඩනයට පැන ගියේය. ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පැතූ නමුත් එය ප්‍රතික්‍ෂේප වූයේ රඝූ යුද අපරාධ කළ බවට වාර්තාවීම නිසාය.

එහෙත් බ්‍රිතාන්‍ය ශේ්‍රෂ්ඨාධිකරණය දුන් තීන්දුව වූයේ රජය විසින් කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස නම් කළත් කොටි සාමාජිකයකුට දේශපාලන රැකවරණ දීම වැළැක්‌වීමට ක්‍රියා නොකළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය උසාවියේ මේ අපූරු තීන්දුව යුද අපරාධකරුවන්ට බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂාවදීම නොවේද? මේ නිසා කොටි යුද අපරාධකරුවන්ට බ්‍රිතාන්‍යයේ රැකවරණ ලැබෙද්දී ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළේ යෑයි කියමින් මණ්‌ඩල පිහිටුවීමට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් තීරණය කිරීම විහිළුවක්‌ නොවේද?.

මෙකී තීන්දුව සම්බන්ධයෙන් විදේශ ඇමැති මිලිබෑන්ඩ් හා අගමැති ගෝඩන් බ්‍රවුන් ද නිහඬ වී ඇත. යුද අපරාධ ගැන හඬ නගන ඇමරිකාවේ හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ට්‌ ඉන්ටනැෂනල් හා වෙනත් එන්.ජී.ඕ. සංවිධාන ද කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

ඊට හේතුව බ්‍රිතාන්‍ය ශේ්‍රෂ්ඨාධිකරණය තීරණයක්‌ දී ඇත්තේ කොටි ත්‍රස්‌තවාදියකු වෙනුවෙන් නිසාය.

මෙයට කලකට පෙර යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ විදේශ ඇමැතිනිය අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේද බ්‍රිතාන්‍ය අධිකරණයක්‌ විසිනි.

ඊශ්‍රායලය ඊට දැඩි විරෝධය පළ කළේය. විදේශ ඇමැති මිලිබෑන්ඩ් පැවසුවේ මින්මතු එවැනි දේ සිදු නොවීමට වගබලාගන්නා බවය. එහෙත් කොටි යුද අපරාධකරු වූ රඝූට දේශපාලන රැකවරණ දීමෙන් බ්‍රිතාන්‍යය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව සනාථ නොවන්නේද?.

ශ්‍රී ලංකාව යුද අපරාධ කළේ යෑයි ඝෝෂා කරන හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ බ්‍රයන් ඇඩම්ස්‌ හා ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය සහ ජාත්‍යන්තර නීතිවේදී සංවිධානය ද "රඝූ" සම්බන්ධයෙන් දුන් තීන්දුව ගැන මුනිවත රකී. මේ නිසා පැහැදිලි වන්නේ කොටි සංවිධානය විනාශවීම නිසා කම්පනයට පත්ව සිටින බටහිර බලවේග දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ සහයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සනාථ කිරීමට උත්සාහ කිරීමයි. එහෙත් මේ කිසිම රටක්‌ කොටින්ගේ යුද අපරාධ ගැන හඬ නගන්නේ නැත.

මින් සනාථ වන්නේ පසුගිය මැයි 17 වැනිදා කොටි ඝාතක සමාගම විනාශවීම නිසා ශ්‍රී ලංකා හමුදාවත්, රජයත් ජාත්‍යන්තරව අවමානය කිරීමට දරන කුමන්ත්‍රණකාරී පසුබිමයි.

මෙය තවදුරටත් පැහැදිලි වන්නේ නොබැඳි සමුළුව විසින් ශ්‍රී ලංකාවට පක්‍ෂව මහලේකම්ට යෑවූ ලිපියට ඔහුගේ උපදේශකයන් උදහසට පත්වීමයි.

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණය මෙතෙක්‌ අවසන් වී නැත. කොටි නිසා වසරකට ඩොලර් මිලියන ගණනක්‌ විදේශ රටවලින් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ විදේශ ස්‌වාමිවරුන් මේ කුමන්ත්‍රණය සාර්ථක කරගන්නේ කෙසේද කියා පුන පුනා බලා සිටී.

මේ තත්ත්වය මැද ඇමරිකානු කොටි එජන්ත රුද්‍රකුමාරන් මැයි 17 සහ 19 යන දෙදින තුළ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථායක මණ්‌ඩලය පිහිටුවන බව කියයි.

මේ අතර ද්‍රවිඩ සන්ධානය උතුර නැගෙනහිරට ස්‌වයංපාලනය හෙවත් ඊළම ඉල්ලා සිටියි. එසේම නෝර්වේ අරමුදල් මත යෑවෙන ජාතික සාම මණ්‌ඩලය හෙවත් සාම වෙළෙන්දා මාතරට ගොස්‌ උතුර නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ ගැන හඬ නගයි.

උතුර නැගෙනහිර දේශපාලන විසඳුමක්‌ ගැන මාතරදී හඬ නගන්නේ කුමකටද?

මෙයට සමගාමීව තවත් එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙක්‌ රජය 2/3 ක බලය ලබාගැනීම මිස වාර්ගික අර්බුදය ගැන කතා කරන්නේ නැතැයි ද කියා සිටී.

වාර්ගික අර්බුදයක්‌ මැව්වේ කොටිය. අද කොටි නැත. එසේ නම් වාර්ගික අර්බුදයක්‌ ඇත්තේ කොහේද? එහෙත් නෝර්වේ අරමුදල් මත යෑපෙන්නෝ යළිත් වරක්‌ වාර්ගික අර්බුදයක්‌ මැවීමට උත්සාහ කරති.

තවද ප්‍රංශයේ සිටින කණ්‌ඩායමක්‌ ජිනීවා නුවරට අවුත් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත් හිටපු ජෙනරාල්ගේ මානව හිමිකම් අහිමි වී ඇති බවත් දක්‌වමින් මෙම සිකුරාදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේ විරෝධතාවක්‌ දැක්‌වීමටත් ඉදිරිපත්වී සිටී.

එහෙත් ඔවුන් කිරුබාහරන්, අර්ජුන් එදිරිවීරසිංහම් සහ මෙරට දේශීය එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ජිනීවාහිදී පවත්වන රහස්‌ සාකච්ඡා හෝ බෑන් කී මූන්ට එරෙහිව හඬ නඟන්නේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

By Courtesy of www.divaina.com
19th March, 2010.

No comments:

Post a Comment