Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Friday 26 March 2010

මේ සංවර්ධන මාවත රටට එපා.- ණය උගුලෙන් වහා රට මුදා ගත යුතුයි.


මේ වනවිට අප ඉමහත් කැප කිරීමෙන් අත්පත් කරගත් යුධ ජයග‍්‍රහණය හරහා බටහිර අධිරාජ්‍යවාදයේ එක් පෙරමුනක් පරාජය කිරීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබුනද ඉදිරියේදි බටහිර ආර්ථික ආධිපත්‍යයෙන් ණය වහල්භාවයෙන් මේ රට මුදවා ගත නොහැකි නම් එකී මහත් කැප කිරීමෙන් ලබා ගත් යුධ ජයග‍්‍රහණයට පවා ස්ථාවර දිගු කාලීන පැවැත්මක් නොමැති බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මේ අදහස් පල කලේ ඊයේ මහරගම යොවුන් නිකේතනයේදී ඔහු විසින් රචිත හෘද සාක්ෂියේ මාලිමාව කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි .

‘‘අද මේ යුධ ජයග‍්‍රහණයෙන් පසු මේ රට ඉල්ලා සිටින මහා දැවැන්ත වෙනස මොකක්ද.... ඒ වෙනස කියන්නේ පුලූවන් තරම් විදේශ ණය අරගෙන පාරවල් සේරම කාපට් කරන එකද.... අධිවේගී මාර්ග හදන එකද....ලෝක බැංකු ආධාර වලින් කෙළවරක් නැති ඉදිකිරීම් කරන එකද.... මේ සංවර්ධන මොඩලය ගැන අපි ආපහු හිතන්න ඕන නැද්ද.... අපි කොහොමද මේ උගුලෙන් එළියට එන්නේ ...මේ මහා ජයග‍්‍රහණයෙන් පසුව රටේ සිදුවිය යුතු සැබෑ වෙනස ගැන නිසි සංවාදයක් නැති නම් කොහොමද අනාගතය දිහා බලන්නේ....

වෙනස කියන්නේ ආණඩු මාරු කරන එක විතරක් නෙමෙයි . අපේ කලින් පක්ෂෙ අය නම් හැදුවේ කොහොමහරි ෆොන්සේකයි වික‍්‍රමසිංහවයි තව කාව කාව හරියි එකතු කරගෙන ආණඩුවක් අටවාගන්න. එහෙම අටවලා අධිරාජ්‍යවාදීන්ට රිදෙන්නෙ නැති ප‍්‍රතිසංස්කරණ ටිකක් කරලා සනීපෙට ඉන්න . එදා අධිරාජ්‍යවාදීන් කැමති ජේආර් වගේ පාලකයෙක් බලයේ ඉන්න කොට එයාලට තුනෙන් දෙකයි විධායකෙයි සේරම ඕන. හැබැයි අද අධිරාජ්‍යවාදයට එකග නොවන ආණ්ඩුවක් ආණ්ඩුවක් බලයේ ඉන්න කොට මේ අය හදන්නේ ඒ බලතල කෑලි කෑලි වලට ගලවන්න. ඒ වුවමනාව තමයි ප‍්‍රජාත‍්‍රන්තවාදී ප‍්‍රතිසංස්කරන සටන් පාඨ වල දවටලා අරගෙන එන්නේ

අද අධිරාජ්‍යවාදයට අවශ්‍යයි අපේ වගේ රටවල රාජ්‍ය බලය දුර්වල කරන්න එදා ජේආර් ට ඒ බලතල පවරපු අයම අද ඒ බලයේ දත් ගලවන්න හදන්නේ අද ඒ බලය තමන්ට ඕන වීදියට මෙහෙයවන ආණ්ඩුවක් මේ රටේ නැති නිසයි ආදි වශයෙන් අදහස් දැක්වූ වීරවංශ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ මේ සියලූ පෙරමූණු පරාජය කිරීම ඉදිරියේදී මේ

By Courtesy of www.lankacnews.com
26th March, 2010.

No comments:

Post a Comment