Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 28 March 2010

‘ඒකොන්’ ආවට කමක් නැහැ- ජානිපෙ නායක විමල් වීරවංශ.



ආසන්න දින කිහිපයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධයකට මුල් වූ ‘එකෝන්’ නම් බටහිර ගායකයා ලංකාවට ඒමේ වැරැද්දක් තමන් නොදකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කලේ 2010 මහ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමිනි. ඕනෑම සංස්කෘතික ආක‍්‍රමණයකට සවිමත්ව මුහුණ දීමට සමත් ශ‍්‍රී ලාංකීය සංස්කෘතියක් නිර්මාණය කිරීමත්, ‘එකොන්’ ලා වැනි සංස්කෘතික සෝදාපාළුවන්, ආක‍්‍රමණිකයන් කොතෙක් පැමිණයත් එම සංස්කෘතික මුරුගසන් වරුසාවට, සංස්කෘතික ආක‍්‍රමණයට යට නොවන තම මව්බිමේ සංස්කෘතික මූලයන් හා තදින් මුල් ඇදගත්, ආධ්‍යාත්මයෙන් ඒ හා බැඳුනු විසල් මනැස් සහිත මිනිසුන් නිර්මාණය කිරීම මෙවන් ගැටළු වලට ගැලපෙන ප‍්‍රබුද්ධ පිළිතුරක් බවත් ඔහු පැවසීය.

එය මීළඟ ආණඩුවේ ප‍්‍රමුඛ කාර්යභාරයක් විය යුතු වන්නේ යයිද ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

එකොන්ලා පැමිණෙන විට දඬු මුගුරු රැගෙන සම්බන්ධිකාරක මාධ්‍ය ආයතන වටලෑම කිසිසේත්ම තම පක්‍ෂය අනුමත නොකරන බවත් එය ලෝකය හමුවේ තම රට සම්බන්ධයෙන් අහිතකර පින්තූරයක් ඇති කිරීමට සමත් වනු ඇති බවද වීරවංශ මහතා අවධාරණය කලේය.

By Courtesy of www.lankacnews.com
28th March, 2010.

No comments:

Post a Comment