Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 21 March 2010

මීළඟ පාර්ලිමේන්තුව කුමක්‌ සඳහා විය යුතුද. මහචාර්ය නලින් ද සිල්වා.

මීළඟ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කාර්යභාරය වනුයේ රටේ ඒකීයභාවය හෙවත් එක්‌සේසත් බව රැකීමය. අප කලින් සඳහන් කළාක්‌ මෙන් එජනි සංධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් අනුගමනය කරන්නේ චන්ද්‍රිකාගේ සන්ධීය හා සහ සන්ධීය ප්‍රතිපත්තියයි. ඔවුන් පාර්ලිමේන්තුවට නොඑවීම රටේ යහපතට හේතුවනු ඇත. අද ඒකීය බව වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් 1986 සිටම දිගටම කොටි පරාජය කිරීම වෙනුවෙන් සටන් කළ බව පැවසුවත් එහි ඇත්තක්‌ නැත. 1986 දී අප සමග සිටි ඇතැම්හු 1992 වනවිට ජාතිය මළකඳක්‌ යන ස්‌ථාවරය මත ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. 1995 මුලදී ද ඔවුහු මිතුරු කල්ලියක්‌ ලෙස ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්‌ටර් ඇළවූහ. පසුව ඉල්ලුමක්‌ ඇතැයි යන පදනමෙන් ඔවුහු ජාතිකත්වය වෙතට නැවත පැමිණියහ. එහෙත් 1986 සිටම දිගින් දිගටම තමන් ඊනියා යුද්ධයට පක්‍ෂව හා ඒකීය රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටි බව කිව හැක්‌කේ ම එ පෙරමුණට, භුමි පුත්‍ර පක්‍ෂයට හා ඇතැම් ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන්ටය. ඔවුන් හඳුනා ගැනීම ජනතාවට භාරය.

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ අලුත් මතයක්‌ දැන් ප්‍රචාරය වෙමින් පවතියි. ඒ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙහි නීත්‍යනුකූලභාවය පිළිබඳවය. පනත හදිසියේ සම්මත කළ බවත් ඉන්දියාවේ අවශ්‍යතාව අනුව ඒ සිදු කළ බවත් පැහැදිලිය. එහෙත් එපමණකින් එහි නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්‌ කළ හැකි නොවේ. එයට වඩා ප්‍රබල තර්කයක්‌ අද ඒ විනිශ්චය මණ්‌ඩලයේ ඇතැම් සාමාජිකයන්ගෙන් මතුවෙයි. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟ බව ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතරදෙනෙක්‌ද ව්‍යවස්‌ථාවට පටහැනි බව විනිශ්චයකාරවරු හතරදෙනෙක්‌ ද තීරණය කළහ. අනෙක්‌ විනිසුරු එහි ඇතැම් වගන්තියක්‌ ජනමත විචාරණයකට භාජනය කළ යුතු බව ප්‍රකාශ කළේය. එය අදාළ ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌aඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟ ද නැද්ද යන්න පිළිබඳව දුන් නිශ්චිත තීන්දුවක්‌ නොවේ. ඡේ. ආර්. ජයවර්ධන කෙළේ ඒ තීන්දුව ද ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සමඟ එකඟ බවට කළ එකක්‌ සේ සළකා දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කිරීමය. එය ක්‍රම විරෝධී වෙයි. සම්මත ක්‍රම වේදය අනුව විනිශ්චයකාරවරුන් හතරට හතරක්‌ ලෙස බෙදී ප්‍රකාශ කරන තීන්දු ක්‍රියාත්මක කළ නොහැකිය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන්නේ යෑයි එලෙස නිගමනය කළ හැකි ය. එසේ නම් මීළඟ පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බහුතරයකින් දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට නෛතික මෙන්ම සදාචාරාත්මක අයිතියක්‌ ද වෙයි.

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත. එයට පිළිතුර මෙරට විසඳන්නට ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැති බව ය. බිරිතානීන් විසින් සිංහලයන්ට විරුද්ධව ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාද, පසුව ප්‍රභාකරන් ද දැන් නැවතත් බටහිර රටවල විසිරී සිටින ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාද යොදාගෙන සිංහලයන්ට මෙරට හිමිතැන අහිමි කිරීම හැරෙන්නට වෙනත් ප්‍රශ්නයක්‌ මෙරට නැත. කසිකබල් මාක්‌ස්‌වාදීන් ද ඊනියා ලිබරල්වාදීන් ද බටහිරයන් සමග එකතු ව ඔවුන් අනුකරණය කරමින් දෙන ඊනියා විසඳුම් අප සතපහකටවත් මායිම් කළ යුතු නොවේ. එක්‌සේසත් රාජ්‍යයක පරිපාලනය විමධ්‍යගත වෙයි. ඒ රාජ්‍යය ඒකීය රාජ්‍යයකින් එවැනි කරුණුවලින් වෙනස්‌ වෙයි. පරිපාලනය විමධ්‍යගත කළ යුත්තේ සෑම දෙයකටම ජනයා කොළඹට ඇදී ඒම වැළැක්‌වීමද අරමුණු කරමිනි. එහිදී ඒකකය වත්මන් දිස්‌ත්‍රික්‌කයකට වඩා කුඩා විය යුතු අතර ජනතා නියෝජිතයන් නොව ජනතාව මැදිහත්වීමෙන් පරිපාලනය සිදු විය යුතුය. ඒ අතර පරිපාලනය විමධ්‍යගත කළ යුත්තේ සංවර්ධනය ඉලක්‌ක කර ගනිමිනි. එහෙත් මෙහිදී ප්‍රශ්නයක්‌ පැන නඟී. සංවර්ධනය යනුවෙන් අප අදහස්‌ කරන්නේ කුමක්‌ද? සත්තකින්ම ඒ බටහිර සංවර්ධනය නම් නොවේ.

ඒ සංවර්ධනය අපේ සංවර්ධනයක්‌ විය යුතුය. ඒ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ කිරීමට මේ අවස්‌ථාව නොවේ. මිනිසා මිනිසා අතර මෙන්ම මිනිසා හා සත්වයා අතර ද ගහකොළ සමඟ ද පොදුවේ ගත් කල ස්‌වභාවධර්මය සමඟ සහජීවනයක්‌ ඒ සංවර්ධනයෙන් අපේක්‍ෂා කෙරේ. ඒ කිසිසේත්ම ඊනියා හරිත සංවර්ධනයක්‌ නොවේ. බටහිර පට්‌ට ගැසු හරිත සංකල්පය පරිසර කළමනාකරණය පිළිබඳ සංකල්පයක්‌ පමණකි. බටහිරයන්ට අද ඇත්තේ රෝගවල සිට පරිසරය දක්‌වා කළමනාකරණය පිළිබඳ සංකල්ප මිස ඒ ඒ ප්‍රශ්නවලට විසඳුම් නොවේ. මේ සංවර්ධනයේ තවත් පැත්තක්‌ද සඳහන් කළ යුතුය. බටහිර සංවර්ධනයේ පදනම වනුයේ වෙන් කිරීම, පෞද්ගලිකත්වය වර්ධනය කිරීම, හැඟීම්වලට ඉඩදීම, ඉන්ද්‍රිය පිනවීම ආදියය. අපේ සංවර්ධනයත් මෙයට වඩා වෙනස්‌ මැද මාවතක්‌ අනුගමනය කරන්නක්‌ විය යුතුය. ඒ සංවර්ධනයේ එක්‌ පැත්තක ඉහත සඳහන් දැ තැවීම ද වෙයි. ඒ තවුසන් සඳහා ය. පෘථග්ජන ගිහියන් සඳහා අවශ්‍ය වන්නේ මැද මාවතකි. මේ පිළිබඳව අපි පසුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට බලය බෙදීම ආදී වශයෙන් විසඳුම් සෙවීම අප තව තවත් පඹ ගාලක පැටලීමක්‌ පමණකි. උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය බෙදීමෙන් කොළඹ හා කඳුකරයේ ජීවත් වන දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න විසඳන්නේ කෙසේද? යෝජිත විසඳුම ඊනියා ප්‍රශ්නයට විසඳුමක්‌ නොවන කළ ප්‍රශ්නය ගැනම ප්‍රශ්න ඇති නොවන්නේද?දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නයක්‌ නැතැයි අපි මුලසිටම අවධාරණය කළෙමු. යම්කිසිවකු අද දෙමළ ජනයාට ඇති ප්‍රශ්න ගැන මුලසිට කතා කිරීමට උත්සාහ ගන්නේ නම් ඒ උත්සාහය වහාම පරාජය කළ යුතුය. දෙමළ ජාතිවාදය ගැන මේ තීරුවේ ලියෑවුණු ලිපි කිහිපයක්‌ දැනට මාස හයකට පමණ පෙර දෙමළ ජාතිවාදයට එරෙහිව නමින් පොතක්‌ වශයෙන් පළ කෙරුණේ ඇතැමුන් එසේ පොතක්‌ ඇත්නම් පරිහරණය කිරීම පහසු යෑයි කී බැවිනි. එහෙත් ඒ පොත එතරම් පරිහරණයක්‌ කෙරෙන බවක්‌ නම් නොපෙනෙන්නේ එහි කිව යුතු තරම් අලෙවියක්‌ නොමැති බැවිනි. වත්මන් ආර්ථික ආකල්ප අනුව රුපියල් හතළිහක්‌ ගෙවා පුවත්පතක්‌ මිලදී බොහෝ දෙනකුගේ අදහස්‌ කියවීම රුපියල් තුන්හාරසීයක්‌ ගෙවා පොතක්‌ මිලදී තනි පුද්ගලයකුගේ අදහස්‌ කියවීමට වඩා ප්‍රතිලාභයක්‌ අත්කරදීම එයට හේතුව විය හැකිය. එසේත් නැත්නම් මේ ලිපිවල පුවත්පතෙන් කියෑවීමට තරම්වත් හරයක්‌ නැතැයි සිතිය හැකිය. පරිපාලනය විමධ්‍යගත කිරීම හා ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම පසුවට කල්දමා මැතිවරණයට අදාළ සෘජු ප්‍රශ්නයක්‌ ගැන අවධානය යොමු කරමු. බටහිරයෝ බෑන් කී මුන් ලවා ඊනියා නිරීක්‍ෂක මණ්‌ඩලයක්‌ පිහිටුවීමට කටයුතු කරති. ඒ එක්‌ පැත්තකින් සරත් ෆොන්සේකා වෙනුවෙනි. එයට කිසිසේත් ඉඩ නොදිය යුතුය. අද බටහිරයන්ගේ ප්‍රධානතම සුරතලා වී ඇත්තේ අනුර කුමාර (ජවිපෙ) - සරත් ෆොන්සේකා, සරත් සිල්වා, අර්ජුන රණතුංග පැසිස්‌ට්‌වාදී දේශපාලන ධාරාවය. මහවිනිසුරු පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සරත් සිල්වා අද සරත් ෆොන්සේකාගේ ගොඩ පෙරකදෝරුවා බවට පත් වී ඇත. මේ දේශපාලන ධාරාව ආරම්භයේදී (ෆොන්සේකා නැතිව එහෙත් මංගල ඇතිව) ජවිපෙ හා මංගල ආණ්‌ඩුවෙන් කැඩී යැම හා නඩු තීන්දුවල තේමාව වෙනස්‌වීම ගැන අපි සඳහන් කෙළෙමු. සරත් සිල්වා යනු විනිසුරුවකු ලෙස සේවය කළ දේශපාලනඥයෙක්‌ විය. අද ඔහු හුදු දේශපාලනඥයෙක්‌ වෙයි. ඔහුගේ පමණක්‌ නොව කාගේත් දේශපාලනය අනුව නීතිය පිළිබඳ දෙන විවරණ වෙනස්‌ වෙයි. ඊනියා බුද්ධිවාදීන් නොදනිතත් ක්‌වොන්ටම් භෞතිකයේත් විවරණ පෞද්ගලික රුචි අරුචිකම් හා දර්ශනය හා සංස්‌කෘතිය මත පදනම් වනවිට නීති විවරණ ගැන කියනුම කවරේද? සරත් යුගලයේ සිල්වාට අද ප්‍රශ්නය වී ඇත්තේ ෆොන්සේකාට විරුද්ධව යුද අධිකරණය ඉදිරියේ විභාග වන නඩු ය. මේ පිළිබඳ වත්මන් ශේ්‍රෂ්ඨාධිකරණය දැනටමත් යුද අධිකරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ අතුරු තීන්දුවක්‌ දී ඇත. නඩුව තවමත් විභාග වෙමින් පවතියි. එහෙත් සිල්වා ඉන් සෑහීමකට පත්වී නැත. තමා දැන් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු නොවන බව සිල්වාට අමතක වී ඇති සේය. ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති නඩු ගැන ඔහු අලුත්කඩේ නොගොස්‌ ෆොන්සේකා වෙනුවෙන් පරණකඩේ යයි. ඔහුගේ තර්කය අනුව ජෙනරාල්ලට නිලධාරීන් හෝ සොල්දාදුවන් හෝ නොවන සාමාජිකයන් ලෙස යුද හමුදාවේ සිටිය හැකිය. කෙසේ වෙතත් යුද හමුදාවේ සාමාජිකයන් කවුද යන්න තීරණය කරන්නේ ඔහු නොවේ. ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවක්‌ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීම උසාවියට අපහාස කිරීමක්‌ දැයි අපි නොදනිමු. ඒ එසේ නම් ඔහු දැරූ නිලය නොතකා ඔහු උසාවිය ඉදිරියට පැමිණවිය යුතුය. බටහිරයන්ගේ සෘජු සහාය ලැබෙන ෆැසිස්‌ට්‌වාදී ධාරාවට 2% කවත් ඡන්දයක්‌ නොලැබෙනු ඇත. සාමාන්‍යයෙන් ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රී ධුරයක්‌ ලබාගැනීමට 3.5% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක්‌ ලබා ගත යුතුය. ෆැසිස්‌ට්‌වාදී ධාරාවට මන්ත්‍රී ධුරයක්‌ ලැබෙතොත් ඒ ශේෂයට මිස ප්‍රතිශතයේ පූර්ණ සංඛ්‍යා කොටසට නොවේ. එසේ ලැබුණහොත් බටහිරයන් නොදනිතත් ෆැසිස්‌ට්‌ ධාරා අක්‍ෂය නැවතත් කැඩී බිඳී යැමට විශාල ඉඩකඩක්‌ ඇත.

මහචාර්ය නලින් ද සිල්වා.By Courtesy of www.divaina.com
21st March, 2010.

1 comment:

  1. ඡාතියේ අභාග්‍යයට පහල වූවන් යටපත් කරමින් ඡාතියේ පිනට පහල වූ ඹබතුමා වැන්නන් ඉස්මතු වෙමින් පවතී ඹබතුමාගේ සේවයට පින්

    බන්දුල වික්‍රමසිංහ

    ReplyDelete