Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 3 March 2010

රටේ අභ්ය‍න්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඬ නොතබමු.

"අපි ශ්රී ලංකාවේ කටයුතුවලට මැදිහත් නොවන්නෙමු.
- කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය

"ඇමරිකානු රජය නැගෙනහිර තිමෝරයේ
ඉඩම් අයිතිය අධ්යරයනය කිරීම සඳහා ශ්රී් ලංකාවේ
නිලධාරීන් පිරිසක්‌ චාරිකාවක ගෙන ගියා.
- යූ. එස්‌. ඒඩ් ආයතනය

රජයත් ජනතාවත් මහා මැතිවරණය කෙරේ දැඩි අවධානය යොමු කර තිබියදී ඇමරිකානු රජයට සම්බන්ධ යූ. එස්‌. ඒඩ් ආයතනය ඔවුන්ගේ යටි අරමුණු ලහි ලහියේ ක්රිජයාත්මක කර ඇත. ශ්රී. ලංකාවේ ජනතාවගේ යහපත උදෙසා අපි ක්රියයා කරන්නෙමු යෑයි යූ. එස්‌. ඒඩ් ආයතනය කියා සිටියත් දැන් සිදුවන්නේ කුමක්‌දැයි තහවුරු වේ. පසුගියදා මේ ආයතනය උතුරු නැගෙනහිර ඉඩම් කොමසාරිස්‌වරුන් පළාත් සභා නිලධාරීන් අධිකරණ නියෝජිතයන් හා රජයේ විවිධ අමාත්යාං ශවලට සම්බන්ධ නිලධාරීන් 13 ක්‌ නැගෙනහිර තිමෝරය හෙවත් දැන් රටක්‌ බවට පත්වී ඇති තිමෝර් - ලෙස්‌සේ රාජ්යැ වෙත ගෙන යනු ලැබීය.

ඒ කුමක්‌ සඳහාද? ශ්රී ලංකාවේ අර්බුදයට තුඩු දුන් ප්රරදේශවල ඉඩම් අයිතිය නිරාකරණය කිරීම දුෂ්කරය. නමුත් ශ්රීව ලංකා නිලධාරීන් තිමෝරයේදී ලත් අත්දැකීම් මත නව යෝජනා එළි දක්‌වන්නේ නම් ඒවා ශ්රී ලංකාව තුළ ක්රි්යාත්මක කිරීමට හැකිවන්නේ යෑයි යූ. එස්‌. ඒඩ් ආයතනය මෙම චාරිකාවට තුඩු දුන් හේතුන් දක්‌වමින් සඳහන් කර ඇත.

මෙහිදී නැගෙන ප්ර‌ශ්නය නම් උතුරු නැගෙනහිර ඉඩම් කොමසාරිස්‌වරුන් තිමෝරයට ගෙන යැමයි. පසුගිය මැයි 19 වැනිදා කොටින්ව සමූල ඝාතනය වීමත් සමගම මුළු රටම එක්‌සේසත් විය. එවැනි තත්ත්වයන් මත උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධව (රජයේ ඉඩම් ද ඇතුළුව අයිතිය තහවුරු කිරීමේ චාරිකාවන්හි එකී ප්රළදේශවල නිලධාරීන්ව ගෙන යැමට යූ. එස්‌. ඒඩ් ආයතනයට ඇති හිමිකම කුමක්‌ද? මේ අන්දමට යූ. එස්‌. ඒඩ් ආයතනය ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ගේ පාරම්පරික ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට ක්රි‌යාකරන්නේද?

උතුරු නැගෙනහිරට පමණක්‌ නොව මුළු ශ්රීන ලංකාවේම ඇතැම් ප්රමදේශවල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබේ. මේ නිසා උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය සම්බන්ධයෙන් තිමෝරයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට උතුරු නැගෙනහිර ඉඩම් කොමසාරිස්‌වරුන් හා රජයේ නිලධාරීන් යෙදවීමෙන් යූ. එස්‌. ඒඩ් ආයතනය කර ඇත්තේ මෙරට අභ්ය න්තර කටයුතුවලට සෘජුවම මැදිහත්වීමකි.

පෘතුගාලය විසින් පාලනය කළ නැගෙනහිර ටිමෝරය පසුව ඉන්දුනීසියාව විසින් අල්ලා ගැනීමෙන් පසු ඇමරිකානු පෘතුගාල ඔස්‌ටේ්රසලියානු සහය මැද වෙනත් රටක්‌ බවට පත් විය.

තිමෝරයේ ජනතාවගේ එකඟත්වයක්‌ නොමැත. ඉඩම්වල හිමිකම් පිළිබඳ කොමිසමක්‌ ආරම්භ කිරීමෙන් වළකින ලෙස තිමෝර බලධාරීහු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා තිබිණි. දැන් තිමෝරය මෙහෙයවන්නේ ප්රං්ශ රටවල් විසින් පිහිට වූ රජයක්‌ විසිනි.

මේ නිසා ඉන්දුනීසියාවෙන් වෙන්වූ බෙදුම්වාදී තිමෝරයේ ඉඩම් අයිතිය පිළිබඳව ශ්රීි ලංකාවේ උතුරු නැගෙනහිර රාජ්යස නිලධාරීන් පිරිසක්‌ ගෙන යැමේ මූලික අරමුණ තිමෝරය වෙනම රටක්‌ වීමෙන් පසු කටයුතු කළ ආකාරයටම උතුරු නැගෙනහිරත් ක්රිනයා කළ යුත්තේ එලෙස යෑයි පෙන්නුම් කිරීමට නොවේද? මේ යූ. එස්‌. ඒඩ් ආයතනය කොතරම් දුරට මෙරට අභ්ය න්තර කටයුතුවලට මැදිහත් වී ඇද්ද කීවොත් ඉන්දුනීසියානුවකු විසින් මාධ්යන එන්. ජී. ඕ. ආයතනයක්‌ වූ ඉන්ටර් නිව්ස්‌ ආයතනය සඳහා ද අරමුදල් සපයයි.

මේ ඉන්දුනීසියානුවාට ශ්රීය ලංකාවේ ස්‌ථානගතවී ක්රි යා කිරීමට ඇති හිමිකම කුමක්‌ද? මේ ඉන්ටර් නිව්ස්‌ ආයතනය මාතර පුරවරයේ මාධ්ය‍ නිවස නමින් ආයතනයක්‌ මෙහෙයවයි. පසුගිය කාලයේ ඉන්ටර් නිව්ස්‌ ආයතනයේ ජෙසී නමැත්තා ශ්රී‌ ලංකාවට එරෙහිව සාවද්ය ප්ර්චාර මෙහෙයවීම නිසා මෙරටින් පිටුවහල් කරනු ලැබීය. ෆැක්‌ස්‌ හා දුරකථන භාවිතා කරමින් ඉන්ටර් නිව්ස්‌ ආයතනය මාතර නගරයේ ක්රිීයාත්මක වන්නේ මෙරට ජනමාධ්යක ක්ෂේරත්ර්ය නඟාසිටුවීමට යෑයි පිළිගත හැකිද?

උතුරේ වන්නි මෙහෙයුම ක්රි?යාත්මක කිරීමට පෙර ආරක්ෂයක ලේකම්වරයා ගත් සෘජු ක්රිනයාමාර්ගයක්‌ නම් වන්නියේ පිහිටි දෙස්‌ විදෙස්‌ රාජ්යය නොවන සංවිධානවලට වහාම ඉවත් වන ලෙස දැනුම් දීමයි. මේ එන්. ජී. ඕ. ක්රි‍යාකාරීන් මෙරටින් ඉවත් නොවූයේ නම් වන්නි මෙහෙයුමට බරපතල ප්රනශ්න ඇතිවීමට ඉඩ තිබුණි.

එහෙත් දැන් මෙරට අස්‌ථාවර තත්ත්වයකට පත්කිරීමට විදෙස්‌ අරමුදල් ලබන එන්. ජී. ඕ. ක්රිරයාකාරීහු යළි මතු වී තිබේ.

ට්රා්න්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් පෝරම් පෙඩ්රික්‌ ඊබට්‌ ෆවුන්ඩේෂන් නොරාඩ් සිඩා. සිඩා වැනි සංවිධාන ඉතා බරපතල ලෙස මෙරට කටයුතුවලට මැදිහත් වී සිටී.

නෝරාඩ් නම් වූ නෝවීජියානු විදේශ අමාත්යාංරශයට සම්බන්ධ එන්. ජී. ඕ. ආයතනය 2002-2003-2004 වැනි වසරවල මෙරට විවිධ දේශපාලනඥයන්ට, විද්වතුන්ට, සංවිධානවලට හා මාධ්යවවේදීන්ට අරමුදල් සපයනු ලැබීය.

මේ අරමුදල් වාර්තා අප සතුව පවතී. රජය දැනටමත් ට්රා න්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ කටයුතු කෙරේ විමර්ශනයක්‌ අරඹා ඇත. විදේශ සේවාවට බඳවා ගැනීමේ සිට මෙරට දේශපාලන ආරක්ෂ්ක ක්ෂේමත්ර්ය දක්‌වා මේ ආයතනය විසින් වාර්තා ප්රේකාශටය පත් කරමින් ක්රිඹයා කර තිබේ. මෙහිදී නැගෙන ප්රනශ්නය නම් රටේ කටයුතුවලට මැදිහත්වීමට මොවුන්ට ඇති හිමිකම කුමක්‌ද යන්නයි. එසේම ට්රාතන්ස්‌පේරන්ස්‌ ඉන්ටර්නැෂනල් ආයතනයේ මෙහෙයුම් මණ්‌ඩලයේ සිටින පිරිස ගැන තවදුරටත් කිවයුතු නෑ. ඔවුන් අතීතයේ කළේ කුමක්‌ද? දැන් කරන්නේ කුමක්‌ද යන්න පැවසීමට අටුවාටිකා අවශ්යක නැත.

එසේම ඩෙන්මාර්කය, ස්‌වීඩනය හා නෝර්වේ යන රටවල් මෙරට ශ්රීා ලංකා පුවත්පත් ආයතයන නමැති කොම්පැණියට අරමුදල් සපයමින් මාධ්යව ක්ෂේෙත්ර්යේ හිමිකරුවන් වීමටද උත්සාහ කරයි. මේ හැර මාධ්යයවලට එරෙහි පැමිණිලි ද විභාග කරයි. මෙය හාස්ය ජනක තත්ත්වයක්‌ නොවේද?

රජයේ ආරංචි මාර්ගවලට අනුව දහසකට අධික එන්. ජී. ඕ. සංඛ්යා වක්‌ මෙරට ක්රි යාත්මක වේ. මේවාට ලැබෙන මුදල් කන්දරාව අති විශාලය. එහෙත් මේ මුදල් වැය වන්නේ කෙසේද වැය කෙරෙන්නේ කෙසේද යන්න කිසිවකුත් නොදනී.

මෙයට හොඳම නිදසුන දෙස්‌ විදෙස්‌ එන්. ජී. ඕ. සංවිධාන වන්නියේ ක්රි‍යාත්මක වූ ආකාරයයි. ආරක්ෂෙක හමුදා සේනාංක වන්නියට යනවිට එදා පැවැති වන්නියම ඔවුන්ට දැකගත හැකි විය. කිසිම යටිතල පහසුකමක්‌ සපයා තිබුණේ නැත. මෙම තත්ත්වය මත රටේ අභ්යින්තර කටයුතුවලට එන්. ජී. ඕ. සංවිධාන වහාම නතර කිරීමට රජය නොපමාව ක්රිකයාකළ යුතු වේ. ඉන්දියාව, රුසියාව ඇතුළු කිසිම රටක්‌ තම රටේ දේශපාලන හා ආරක්ෂ ක කටයුතුවලට මැදිහත්වීම සඳහා එන්. ජී. ඕ. ක්රිතයාකාරීන්ට ඉඩ නොදේ.

මේ රාජ්ය‌ නොවන සංවිධාන ක්රි යාකාරීන් රට අස්‌ථාවර කිරීම සඳහා විවිධ විදේශිකයන් මෙරටට ගෙන්වන බව පැහැදිලිය. මේ සඳහා විදේශ කටයුතු අමාත්යාං ශය නිර්දේශ කරමින් එකී විදේශිකයන්ට වීසා බලපත්ර් ලබා ගැනීමට ආගමන විගමන බලධාරීන් වෙත යොමු කෙරේ.

විදේශ අමාත්යාංගශයේ කිසිදු සොයා බැලීමකින් තොරව කෙරෙන නිර්දේශ නිසා ආරක්ෂ ක අමාත්යාංශශයට ඊට මැදිහත්වීමට සිදු විය.

මේ නිසා සැකකටයුතු විදේශිකයන්ගේ පැමිණීම තරමක්‌ දුරට පාලනය විය. මෙම එන්. ජී. ඕ. ක්රි්යාකාරීන්ගේ අතීත කටයුතු පිළිබඳව සොයා බැලූ ඉහළ පෙළේ ආරක්ෂ්ක අංශ දැඩි විමතියට පත් වූයේ වීසා බලපත්රක ලබාදීම ප්ර තික්ෂේැප වීම නිසා කෝපයට පත් එක්‌ රාජ්යග නොවන සංවිධානයක්‌ කොටි ත්රරස්‌තයන් ලවා ආගමන විගමන බලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීමට දියත් කර තිබූ උත්සාහයයි.

ඇතැම් අවස්‌ථාවල තානාපතිවරු පවා වීසා ප්රතතික්ෂේඋප වූ එන්. ජී. ඕ. ක්රිරයාකාරීන්ට වීසා ලබා දීමට උත්සාහ කර තිබුණි.

මේ එන් ජී. ඕ. ක්රිණයාකාරීහු කිසිම රැකියාවක්‌ කරන්නේද නැත. එහෙත් ඔව්හු සුත මුදිත වී සිටී. ඉතාම ලාභදායක කර්මාන්තයක්‌ වූ එන්. ජී. ඕ. සංවිධාන මෙරට ක්රිතයාත්මක වන්නේ රටේ යහපතට නොවේ. ලබන අප්රේූල් මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අවස්‌ථාවේ මේ දෙස්‌ විදෙස්‌ රාජ්ය නොවන සංවිධාන යළි මතුවීමට ඉඩ තිබේ.

ශ්රීම ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහන නතර වීමට මුල් වූ ප්ර ධාන හේතුව මෙරට මානව හිමිකම් මුවාවෙන් ක්රිවයාත්මක වන සංවිධාන යෑයි අනාවරණය විය.

ඉන්දීය රජය මෑතකදී මානව හිමිකම් යන වචනය යොදා රාජ්යව නොවන සංවිධාන පිහිටුවීම නතර කරනු ලැබූහ. මේ නිසා රජය මෙරට අභ්ය න්තර කටයුතුවලට මැදිහත් වන එන්. ජී. ඕ. සර්පයන්ව වහාම තහනම් කිරීමේ දැඩි ක්රිතයාමාර්ගයක්‌ ගත යුතුය.

කීර්ති වර්ණකුලසූරිය
By Courtesy of www.divaina.com
28 February, 2010.

No comments:

Post a Comment