Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 14 February 2010

30 වසක් සැතපුනු 'මහා නාහිමිවරු' හදිසියේ නැගිටිති.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය පිළිබඳ රටේ කණගාටුදායක තත්වයක් නිර්මාණය වී ඇති බැවින් එම තත්වය සමනය කිරීම සඳහා සාමූහික සම්මුතියක් ඇති කර ගැනීමේ අරමුණින් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් එළඹෙන 18 වැනිදා පස්වරු 3.00 ට මහා සංඝ සම්මේලනයක් කැඳවා තිබේ. ඒ අනුව ඓතිහාසික මහනුවර මහමළුවේ පැවැත්වෙන මෙම සංඝ සම්මේලනයට සහභාගි වන්නැයි මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් මහා සංඝරත්නය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කොට තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත නාහිමි අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමි ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමි ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලූම සංඝයා වහන්සේලාට යවා ඇති අතර සාමූහික සම්මුතියක් පතා සංඝරත්නය ඒකරාශි වන ලෙසට එයින් ඉල්ලා තිබේ.

මෙහි මවිතය දනවන සුළු කාරණය වන්නේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවිනීතිය රජකල 30 අවුරුදු කාලය මුළුල්ලේම භාවනායෝගීව මෙන් වැඩ සිටි මහ නාහිමිවරුන් හමුදා නීතිය අනුව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විට පමණක් මහා සංඝ සම්මේලන කැඳවීමයි. එමෙන්ම ශ‍්‍රී දලඳා වහන්සේට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්, 88-89 තරුණයන් දසදහස් ගණන් මහ මඟ ගිනි සෑයවල ඇවිලෙද්දීත්, උන් වහන්සේලා භාවනායෝගීව වැඩ වදාලහ. චන්ද‍්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙන ආවිටද, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රභාකරන් සමඟ මවුබිම දෙකඩ කිරීමේ ගිවිසුමක් ගැසූ විටද උන් වහන්සේලා නෑසූ කන්ව සිටින්නට වග බලා ගත්හ. එකල්හි මහා සංඝ සම්මේලන උන් වහන්සේලාට අකැප වන්නට ඇත. අරන්තලාවේ භික්‍ෂූන් සමූල ඝාතතනය කරද්දී උන් වහන්සේලා ධ්‍යානයට සමවැදී සිටියා වන්නට පුළුවන.

2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 13:31 LANKA C NEWS
By Courtsey of www.lankacnews.com

Good Comments from the people:

Justin Chandrasena 2010-02-14 02:04

ලoකාවේ ප්‍රජාතන්ත්‍රවා දය රජන බවට හොදම සාක්ෂිය. හාමුදුරුවරු ධර්මචක්‍රයේ දමද්දි, හරි, තරුන කොල්ලෙක් පාරෙගියොත ගෙදර එන්නේ නැතිවේචච කාලේ හරි, වයඹ පලාත්සභා චන්ද මoකොල්ලේ කාලෙ හරි, රෝහන කුමාර වගේ මාධ්‍යවේදීන් ගෙදර යන්කොට මරාදමන කාලෙ හරි මේවා කරනන් බැරිවුනේ, කරා නම් හාමුදුරුවන්ගේ හිස බේර ගන්න බැරිවේන හින්දයි. ඕනම විරෝධතාවයකට ලoකාවේ දැන් ඉඩ තියෙනවා කියලා මේකෙන ඔප්පු වෙනවා. ඒවුනාට මීට ප්ස්සේ ඔය පසල් වලනම් මම පස් පාගන්නේ නැහැ

*************************************************************

අනේ හාමුදුරුවනේ වඳින්නම්


ජනතාවට පන්සල එපා කරවන්න එපා.

අපිට හැඟෙන්නෙ හාමුදුරුවරුන්ටත් සැහෙන

ඩොලර් කුට්ටියක් පුජා කරලා තියෙනවා කියලයි.
 
By Chinthaka.

No comments:

Post a Comment