Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Sunday 7 February 2010

ජනපති මහින්දයන් විමල් වීරවංශ සමඟ රුසියාව හරහා දෙවෙනි ගමන් අරඹයි.


දෙවන වරටද ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් ඉහලම මහජන වරමින් තේරී පත්වුනු මහින්ද රාජපක්‍ෂයන් අද අළුයම නැවුම් ජනවරමින් පසු සිය ප‍්‍රථම නිල සංචාරය ලෙස රුසියාව බලා පිටත්ව ගොස් ඇත. ’48 නිදහසින් පසු රුසියාවෙන් ලංකාවට පැමිණි ඉහලම රාජතාන්ත‍්‍රිකයා වන රුසියානු විදේශ අමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මුණගැසුනු අවස්ථාවේ ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව තමන්ගේ ප‍්‍රථම නිළ විදෙස් සංචාරය ලෙස තම රට තෝරා ගන්නා ලෙසය. එමෙන්ම ලංකාවේ පාලකයෙකු රුසියානු නිල සංචාරයක මේ යෙදෙන්නේ දැනට දශක කිහිපයකට පෙර සමගි පෙරමුණ ආණ්ඩුව පැවති සමයේ එවතට අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සංචාරයෙන් පසුවය. තවත් මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ගෙවුනු මෑත කාලයේ එක්සත් ජනපදයේ පැවති ‘‘ලෝක නායකයන්ගේ සමුළුව’’ ට සහභාගී නොවී සිටි ජනාධිපතිවරයා සිද්ධිමය වශයෙන් එයට සාපේක්‍ෂ අඩු වටිනාකමකින් යුත් ‘‘සාමය පිළිබඳ ආචාර්ය උපාධියක්’’ ලබා ගැනීම සඳහා රුසියාව බලා යාමට තීරණය කිරීමයි.

යමක් පැහැදිලිය. සිද්ධිමය වශයෙන් අඩු වටිනාකමකින් යුක්ත වුවද ඉදිරියට ශ‍්‍රී ලංකාවේ ගමන් මගේ දිශානතිය තීරණය කරනු ලබන පළමු රාජතාන්ත‍්‍රික මුද්‍රාව ලෙස මෙය තේරුම් ගැනීම වැරදි නැත. මේ වන විටත් ලෝකය ප‍්‍රධාන බල කේන්ද්‍ර දෙකක් වටා දෝලනය වෙමින් පවතින අතර ජනපති මහින්දයන් නිශ්චිත ලෙසම මේ මොහොතේ දෙපා පිහිටුවා ඇත්තේ චීනය, රුසියාව ප‍්‍රමුඛ කරගත් අධිරාජ්ය විරෝධී, වාමාංශික බල කඳවුර තුලය. ඔහුගේ රාජතාන්ත‍්‍රික හැසිරීම් සියුම් ලෙස නිරීක්‍ෂණය කිරීමෙන් එය පහසුවෙන් වටහා ගත හැක.

එමෙන්ම මෙම නිල සංචාර සඳහා සහභාගී වන රාජතාන්ත‍්‍රිකයන් කිහිප දෙනා අතර ශ‍්‍රී ලංකාවේ වමේ දේශපාලන කඳවුර තුල මහා දේශපාලන භූමිකාවක් ඉටුකරන විමල් වීරවංශයන්ද සහභාගී කරවා ගැනීම හුදු විදෙස් සංචාරයක අරමුණින් පමණක් තෝරා ගන්නා ලද්දක් නොවිය යුත්තේය.

ඉතින් යාන්තමට ඉදිරිය පැහැදිලිය. දුරය. බාධක සහිතය. කෙසේ වෙතත්, සියළු අභියෝග, බාධක ජාතියේ සුභ අනාගතය වෙනුවෙන් උපේක්‍ෂාවෙන් දරාගනිමින් මෙරට දේශපේ‍්‍රමී ජනයා ඉතිහාසයේ මෙන්ම ඉදිරියටද නිවැරදිව ස්ථානගත වනු ඇත. ඒ මේ ශ‍්‍රී ලංකාව නිසාය. දේශයේ වීර මී මුත්තන්ගේ ජානමය උරුමය ඔවුන්ගේ වර්තමාන දරු මුණුපුරන්ගේ රුධිරය තුලද නිධන්ගතව ඇති නිසාය.

By Courtesy of http://www.lankacnews.com/

No comments:

Post a Comment