Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Wednesday 24 February 2010

‘‘ජවිපෙ හවුලේ ඉන්නේ පාලම් පිටින් ගිලපු අය’’- විමල් වීරවංශ


ජවිපෙ ඇතුළු පක්‍ෂ කිහිපයක් සහ සරත් ෆොන්සේකා මහතා එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා නිර්මාණය කර ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ සිටින්නේ පාලම් පිටින් ගිලපු පිරිසක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (23) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා පෙන්වා දුන්නේ ජවිපෙ පවසන ආකාරයට ඔවුන් යහපාලනයේ පියවරු බවත් එහෙත් ඔවුන්ගේ සන්ධානයේ සිටින්නේ නියම හොර නඩයක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙහොමඞ් මුසම්මිල් මහතාට අල්ලස් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා සඳහන් කළේ එම සිද්ධිය නාට්‍යයක් බවට ඇතමුන් චෝදනා කළ ද මේ වන විට එය අධිකරණයේ විභාග වන සිදුවීමක් බවට පත්ව ඇති බවයි. එබැවින් යහපාලනය ගැන කතා කිරීමේ වැඩිම අයිතිය ජාතික නිදහස් පෙරමුණට තිබෙන බව ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයන් 16 දෙනෙකු දිස්ත‍්‍රික් 15 කින් මහ මැතිවරණයට ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය. එම අපේක්‍ෂක ලැයිස්තුව මෙසේය. කොළඹ දිස්ත‍්‍රික්කය විමල් වීරවංශ, ගම්පහ දිස්ත‍්‍රික්කය පියසිරි විජේනායක සහ අන්ජාන් උම්මා, කළුතර දිස්ත‍්‍රික්කය ජයන්ත සමරවීර, මාතර දිස්ත‍්‍රික්කය සරත් වීරවංශ, හම්බන්තොට දිස්ත‍්‍රික්කය ධර්මසේන කොඩිතුවක්කු, මොණරාගල දිස්ත‍්‍රික්කය පද්ම උදයශාන්ත, කෑගල්ල දිස්ත‍්‍රික්කය බුද්ධදාස විතානාරච්චි, මාතලේ දිස්ත‍්‍රික්කය අරවින්ද වන්නිආරච්චි, මහනුවර දිස්ත‍්‍රික්කය නිමල් පේ‍්රමවංශ, නුවරඑළිය දිස්ත‍්‍රික්කය නිමල් පියතිස්ස, අනුරාධපුරය දිස්ත‍්‍රික්කය වීරකුමාර දිසානායක, පොළොන්නරුව දිස්ත‍්‍රික්කය රාජා රංජිත් ගුණරත්න, කුරුණෑගල දිස්ත‍්‍රික්කය සේනාරත්න ද සිල්වා, පුත්තලම දිස්ත‍්‍රික්කය සමන්සිරි හේරත්, රත්නපුර දිස්ත‍්‍රික්කය දීපාල් ගුණසේකර

මීට අමතරව මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම අපේක්‍ෂකයන් කරුණු 05 ක් යටතේ ප‍්‍රතිඥාවක් ලබා දී ඇතැයි විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය. එම ප‍්‍රතිඥාව මෙසේය.

01. බටහිර අධිරාජ්‍යවාදී බලවේග සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය සමග එක්ව සියලූ පරාජයන් අභිමුව වුවද අප රට දෙකඩ කිරීම සඳහා අත්නොහරින කුමන්ත‍්‍රණයක යෙදී සිටින දෙස් විදෙස් සියලූ බලවේග අවසන් වශයෙන් පරාජය කිරීම සඳහා අපි අනුකම්පා විරහිතව ඉතා දැඩි ස්ථාවරයක සිටිමින් දිවි හිමියෙන් සටන් වදින්නෙමු

02. ‘මෙහොමඞ් මුසම්මිල් ආදර්ශය’ අපි අකුරටම පිළිපදිමින් ජනතා පරමාධිපත්‍යය මුදලට යටත් නොකරන මහජන මුදල් කිසිදාක අයථා ලෙස හෝ නීත්‍යනුකූල නොවන ආකාරයට පරිහරය නොකරන්නෙමු

03. මහජනයා විසින් අප වෙත ලබා දෙන පරමාධිපත්‍යයේ බලය අයුතු ලෙස යොදා ගනිමින් මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමට හෝ ඔවුන් කිසිදු ආකාරයකින් පීඩාවට පත් කිරීමට අප කටයුතු නොකරන අතර මහජන සේවකයෙකු ලෙස ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීමට සහ සොයා බැලීමට නිහතමානීව යටත් වෙමු.

04. විජාතික ආර්ථික ආක‍්‍රමණය පරාජය කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අප වෙත පැවරෙන සියලූම ආකාරයේ ව්යවස්ථාදායක සහ විධායක බලතල උපරිම ආකාරයෙන් යොදා ගැනීමට කැපවන අතර එදිනෙදා ජීවිතයේ දී මහජනයාට ආදර්ශය සපයමින් හැමවිටම දේශීය ආහාර සහ දේශීය කාර්මික නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ප‍්‍රමුඛතාව ලබා දෙන්නෙමු.

05. අපි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාද භාවිත කොට කිසිදු ආකාරයේ සදාචාර විරෝධී ක‍්‍රියාවක නිරත නොවන අතර සෑම අවස්ථාවක දීම අපේකම අගයන සහ අපේකම රැකෙන ආකාරයේ ජීවිතයක් ගෙවීමට උත්සාහ කරමු.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂාව බවත් ඒ අනුව ආසන 149 ක් හෝ 150 ක් ලැබෙනු ඇති බවටත් වීරවංශ මහතා මෙහිදී විශ්වාසය පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ නායකයා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

‘‘සමහරු කතා කරනවා තුනෙන් දෙකේ බලය ලැබුණාම වෙන්න පුළුවන් කියන නරක දේවල් ගැන. ඒත් තුනෙන් දෙකක බලයක් නැතුව කෙහොම මනාප බලූපොරය නතර කරන්නේ කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් ගේන ක‍්‍රමය ඇති කරන්නෙ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇති කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට තට්ටු කරන එකක් නෙවෙයි. යල් පැන ගිය නීති වලින් රට එළියට ගන්න ඕන. ප‍්‍රගතිශීලී ජනතාව ඉල්ලන යහපත් දේ කරන්නයි තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නෙ.’’

By courtesy of: www.lankacnews.com
Published 24 February, 2010.

No comments:

Post a Comment