Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Friday 26 February 2010

ජානිපෙ බි‍්‍රතාන්‍ය ඊළාම්වාදී පිළිවෙත හෙළා දකියි.


ශ‍්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඊළාම්වාදීන්ට අනුබල දීමේ බි‍්‍රතාන්‍ය රජයේ කි‍්‍රියා පිළිවෙත තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ මෙරට තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කර ගත් බටහිර රටවල ක‍්‍රියාත්මක බෙදුම්වාදී කොටි හිතවාදී සංවිධානවල මව් සංගමය ලෙස සැලකෙන බෙදුම්වාදී සංවිධානයට අනුග‍්‍රහය දැක්වීමෙන් වෙනම රාජ්‍යයක් සඳහා වූ බෙදුම්වාදීන්ගේ දුෂ්ඨ අරමුණට සහාය දැක්වීමට බි‍්‍රතාන්‍ය රජය කටයුතු කර ඇති බවයි. ඒ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. ‘‘ශ‍්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කවරේ ද ? යන තේමාව යටතේ ලන්ඩනයේ දී ඉහත කී ඊළාම්වාදී සංවිධානය කළ සම්මන්ත‍්‍රණයට බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඬේවිඞ් මිලි බෑන්ඞ් ද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වී ඇති අතර එහිදී ඔහු දේශනයක් ද පවත්වා තිබේ. මෙමගින් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා සිදු කර ඇත්තේ කුමක් ද ? අන් කිසිවක් නොව ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට හානි සිදු කිරීමය.''

''දශක තුනක් තිස්සේ ශ‍්‍රී ලංකාව වෙළාගෙන සිටි බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම පරදවා ඒකීය රටක් නිර්මාණය කර ඇති මේ මොහොතේ දී බි‍්‍රතාන්‍ය පාලකයන් ඇතුළු බටහිර අධිරාජ්‍යවාදය යළි මේ රට බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයේ ග‍්‍රහණයට නතු කිරීමට කුමන්ත‍්‍රණය කරමින් සිටින බව මෙමගින් පැහැදිලිය.''

'' යටත් විජිත වහල්භාවයෙන් නිදහස් වුණු පසුව බටහිර අධිරාජ්‍යවාදීහු ශ‍්‍රී ලංකාව තම ග‍්‍රහණයේ තබා ගැනීම පිණිස එය ණය වහල්භාවයේ ගිල්වා තැබීම හා ජාතිකත්වයන් අතර අසමගිය ඇති කොට බෙදුම්වාදය කරා තල්ලූ කිරීම ඔවුන්ගේ ප‍්‍රමුඛතම උපක‍්‍රම ලෙස භාවිතයට ගත්හ.''

''එහෙත් අද වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය පරදවා ඔවුන්ගේ බෙදුම්වාදී කුලී සේනාංකය වූ කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම වනසා දැමීමට අපි ජාතියක් ලෙස සමත්ව සිටින්නෙමු. තම අණ නොතකා බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය විනාශ කොට දැමීම හේතුවෙන් මෙකී බෙදුම්වාදයේ නිර්මාතෘවරුන් වත්මන් ආණ්ඩුව සමග දැඩි සේ උරණව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.''

''බටහිර අධිරාජ්‍යවාදීන් දැන් උත්සාහ ගනුයේ තම බෙදුම්වාදී කුලී සේනාංකයට එනම් කොටි ත‍්‍රස්තවාදයට යළි පණ පිඹීමටය. ඒ වෙනුවෙන් තම පදයට නටන දෙස් විදෙස් බලවේග යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් යන වචන ඉදිරියට දමා කුමන්ත‍්‍රණකාරී ලෙස පෙරට ගෙන ඒමට ද මෙකී බටහිර අධිරාජ්‍යවාදීහු කටයුතු කරති.''

''පසුගිය ජනාධිපතිවරණයේ දී රටට සතුරු සියලූ බලවේග එකට එකතු වී රණවිරුවන් විසින් ඉරා පොඩි කර පාගා දැමූ බෙදුම්වාදී න්‍යායපත‍්‍රය නැවත කරළියට ගෙන ඒමට සමත්වීම ඊට කදිම නිදසුනකි. එහෙත් මෙරට දේශමාමක ජනතාව එම කුමන්ත‍්‍රණය ඉතා විශිෂ්ට අන්දමින් පරාජය කිරීමට සමත්ව තිබේ.''

''අද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඊළාම්වාදීන්ගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය සැබෑ කර දීමට දේශන පවත්වන මේ මොහොතේ එකී දුෂ්ට අරමුණ පැරදවීම පිණිස ද සියලූ දේශමාමක බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතුව තිබේ.’’

By Courtesy of www.lankacnews.com
26 February, 2010.

1 comment:

  1. You are a true patriotic Sri Lankan. Your statement is 100% correct. My worry is why other political parties don’t condemn this arrogant British man. This man is continuously anti Sri Lankan anti Sinhala.
    For Example: As we know clearly that Britain trained Tamil Tiger Terrorist’ second in command Anton Balasingham at their Colombo Spy (High) Commission as a translator. Later on Anton Balasingham got the British Citizenship. This is crystal clear evidence that Milliband’s country was behind all these terrorist activities. After all the terrorists’ criminals were peacefully live either in UK, Norway and Europe, Canada or USA.
    Even (Madras) Minambakkam airport’s bomb was planned to destroy three Air Lanka passenger aircrafts with passengers at once at Sri Lanka’s Colombo Airport. It misfired and 27 Sri Lanka bound passengers and 7 Airport staff died in Tamil country’s Madras. One of the main suspects was Tamil Terrorist Wigneswaraja somehow got visa to go to UK from Madras and later given political asylum in UK?
    1986 May 3 Air Lanka flight 512 a bomb planted by tamil tiger terrorists and killed 21 passengers and wounded 41. All the suspects are now peacefully living in Europe and UK.
    I just mentioned just 3 examples to understand how double standards of British and Europeans. But I can give even 100 more similar examples. Air Ceylon Trident bomb suspects, Telecom bomb Suspects, Maradana bomb Suspects; Petah bomb suspects all must have met Milliband in the same meeting.
    But Milliband, Bernard Kouchner, Eric Solheim or Hillary Clinton comes together we cannot give our country to Tamil Terrorists. Our Sri Lanka liberated first by Great King Dutugemunu then King Vijayabahu, then King Parakramabahu. In 2009 May 18th again our country liberated by Hon President Mahinda from Tamil Terrorists and their masters Anglo Europeans. If Milliband wants he can give Eelam from UK but not from Sri Lanka. Milliband doesn’t ready to give Falklands to Argentina, Gibraltar to Spain, Northern Ireland to Irish republic but advice us to give our country to Tamils where they have Tamil Country (tamil nadu) just 20km from northern Sri Lanka.
    These racist maniacs learn enough lessons in Iraq and Afghanistan but no shame at all. Interfering to other countries is their main duty.

    ReplyDelete