Our Vision

Red represents ‘Socialism’ - Lion Represents ‘Patriotism’

Our vision is Patriotic Socialism.

We are loyal to our motherland whose preference is for a ‘Socialist’ economic system.

We do not intend to wear coloured glasses and blindly follow party politics. As one of the Great Chinese leaders said: “We do not care whether the cat is black or white if it catches mice’



Thursday 18 February 2010

අපේ‍්‍රල් 8ට අවුරුදු දෙකයි. අපි හරිද? වැරදිද?- විමල් වීරවංශ අසයි.


මෙවර මහ මැතිවරණය යෙදී ඇති අපේරල් 08 වැනිදා රටට සේම තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණටද සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වන බව එහි නායක පාර්ලිමේන්තු මන්තරී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොට්ටාව මාකුඹුරේ පැවති තම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තමන් ඇතුළු කණ්ඩායම ජවිපෙ නායකත්වයේ වැරදි තීරණ වලට එකඟ නොවී එම තීරණ වලට එරෙහිව අභියෝග කරමින් ලාංකීය දේශපාලනයේ බරපතල තීන්දුවක් ගත්තේ 2008 අපේර්ල් 08 වැනිදා බවත් එම තීන්දුව වැරදිද නිවැරදිද යන්න හරියටම වසර දෙකකට පසු මහජන අධිකරණය ඉදිරියේ මෙම අපේරල් 08 වැනිදා විනිශ්චයට ලක් වීමට නියමිත බව ඔහු පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබද රටේ පොදු මහජනතාව ගන්නා තීරණය අනුව රටේ ඉදිරි ගමන තීරණය වනු ඇති බවත්, මේ වන විට ලංකාවේ ජනයා නිවැරදි තීන්දු ගණනාවක් ගන්නට තරම් බුද්ධිමත් වී ඇති නිසා රටට ඉතාම හිතකර තීන්දුවක් ඔවුන් විසින් ලබා දෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කලේය. තමන් ඇතුළු කණ්ඩායම ගත් දේශපාලන තීරණය මවුබිමට ජයගරුහණ ගෙන ආවා මිස, මවුබිම සුරක්ෂිගත කලා මිස මවුබිමේ හතුරන්ට වාසි ගෙන දුන්නේ නැති බවත් ඔහු වැඩි දුරටත් අදහස් දැක්වීය.

2010 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 21:53 LANKA C NEWS
By courtesy of www.lankacnews.com

***********************************************
ජවිපේ සහෝදරවරු විමල් වීරවංශ සමඟ පුදුම

වයිරයක් තියෙන්නෙ. මොන වරදක් කළාටද?

ඇත්ත කියලා නිවැරදි ජාතිහිතේශී මඟ ගත් නිසාද?

ජවීපෙ වත්මන් ඒජන්ත නායකයින්ගෙ ඇම ගිළලා

වීරවංශට ඉතා පහත් විදිහට ඇති තරම් මඬ ගහනවා .

ඩොලර් වලට කහින බොරු විප්ලවවාදීන්.

By Chinthaka.

No comments:

Post a Comment